අම්මා සහ තාත්තාට මේ කිසිවක් නොපවසා ඉමුයැයි පැහැසරා අසිරුවෙන් ධනුකව එකඟ කරගත්තාය. කල යුත්තේ කලබල වීම නොව, කල්පනාවෙන් ඊළඟ පියවර සැලසුම් කිරීම බව ඕ යලි යලි පැහැදිලි කරාය.
“ මල්ලි ඔය මොක කිව්වත්, ඔය ගෑණි මේ ගෙදරට ගැලපෙන්නේ නෑ කියලා මාත් පිලිගන්නවා ධනුක .. හරි, ඔය මල්ලි කියන කාරණා නිසා යමක් වෙලා මලිගෙන් බ්රේක් අප් වුනා කියමු .. ඒත් මල්ලි පිස්සෙක් වෙලා ඉන්නකොට ඇවිල්ලා වචන දෙකක් කතා කරලා ඌට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දෙන්න බැරි කමක් තිබුනේ නෑනේ ධනුක … යාලුවෝ කොච්චර නම් ට්රයි කරලා තිබ්බද දෙන්නාව මුන ගස්සන්න …”
“ ඔය කතන්දර කොච්චර කිව්වත් අපේ බූරුවා දැන් ඒකිගෙ ඔඩොක්කුවේ ඉන්නේ සරා .. ඒකේ සැකයක් නෑ ..”
“ ඔව් වෙන්නැති …මල්ලි එච්චරට ආදරේ කරන්න ඇති …. අපිට හිතාගන්න බැරි තරම් ..”
පැහැසරා එයට එකඟ වෙමින් කීවාය.
“ ඌ තේරුම් ගන්න ඕනි නැද්ද අපි ඌට කොච්ච්ර ආදරේ කලාද කියලා ..”
ධනුක පැහැසරාගේ පැහැදිලි කිරීමට බිඳකින්වත් එකඟ නොවන බව පෙන්වමින් කීවේ නොරිස්සුමක්ද සමඟිනි. ඔහු සිතා උන්නේ පැහැසරා ඉසිනිට දැඩි ලෙසින් විරෝධය පානු ඇතැයි කියාය. එහෙත් දැන් දැන් ඇගෙන් යම් සන්සුන් පියවර පෙනේ. ධනුක නොසන්සුන් බව පෙන්වූයේය.
“ හීනෙකින්වත් හිතපු දෙයක් නෙවෙයි මේ වෙලා තියෙන්නේ ධනුක ….. මේක අපි කලබල වෙලා විසඳන්න පුලුවන් ප්රශ්නයක් නෙවෙයි …”
“ අලුත් ඒඩී ආව දවසේ මගෙ ඔලුව පුපුරන්න වගේ වුනා.. ඔයා, දෝණි ඒඩී එක්ක තව තව ෆිට් වෙනකොට මට කර කියාගන්න දෙයක් නැතුව ගියා ..”
ධනුක අතීතයද ගලපා දුන්නේය. පැහැසරා ඒ අතීත දවස් වල වු සිත් රිදවා ගැනීම් සිහියට ගනිමිනි හිස සැලුවාය.
“ අපි මල්ලිට ප්රපෝසල් කීයක්නම් ගෙනාවාද ධනුක.. මේ මිනිහා ඒ එකකටවත් කැමති නෑ නෑ කියලා ඉඳපු එකේ දැන් කාව හරි හඳුන්වලා දුන්නත් එච්චරනේ … මේක මල්ලිගේ පැත්තෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි .. හොඳම දේ මම ඒඩී ට කතා කරන්නම් ..පැහදිලිව කියන්නම්, මල්ලි එයාව තෝරගන්නවා නම්, මල්ලිට මුලු පවුලම නැති වෙන බව….”
“මං හිතන්නේ නෑ තේරුමක් වෙයි කියලා සරා.. ඒ ගෑණි ඉන්නෙ උද්දච්ච කම් එක්ක… අපි එහෙම කිව්වොත් ඒකත් මල්ලිට කියලා ඒකිගේ ඔලුවේ බර නිදහස් කරගන්න එක මිසක් වෙන දෙයක් වෙන්නේ නෑ …”
ධනුක ඉසිනි වෙනුවෙන් චරිත සහතික දෙමින් උන්නේය. දෙදෙනාම නින්දට ගියේ හිතේ බරක් එක්කය. පසුදින නිවාඩු දිනයේ අම්මාට සහ තාත්තාට වෙනසක් නොපෙන්වා හිතේ වූ බර සඟවා ගන්නට දෙදෙනාටම වෙහෙස වෙන්නට විය. වෙනදාට සියලු දෙනා නිවසේ සිටින දිනයක් නම්, නුරාන්ද නිවසේ රැඳෙන්නේය. රජයේ නිවාඩු දින වල කර්මාන්තශාලවේද බොහෝ අංශ වලට නිවාඩු ලැබෙන නිසා ඔහු කර්මාන්තශාලාව වෙත යන්නේද පැයකට දෙකකටය. එහෙත් උදෑසන ආහාරය ගන්නට පැමිනෙද්දීම නිවසින් බැහැර වන සේයා ඔහු කෙරෙන් පෙනෙන්නට විය.
“ පුතා එලියට යනවාද ?..”
“ උදේ පොඩි වැඩ ටිකක් තියෙනවා අම්මේ .. ඒ ටික කරගෙන මම එන්නම් ටාර් ගාලා…”
ධනුක බත් පිඟාන අතට ගනිමින් පවසද්දී පැහැසරා ඔහු දෙස බැලුවාය. එහෙත් නුරාන් පැහැසරා දෙස බැලුවේ හෝ නැත.
නුරාන් මෙතරම් උද්යෝගයෙන් නිවසින් පිටව යන්නේ ඉසිනි දකින්නට බව පැහැසරාටද සැකයක් තිබුනේ නැත. එහෙත් ඔහු වලක්වා ගන්නට කල හැකි යමක් ඇයට තිබුනේද නැත.
නුරාන් කැබ් රියට ගොඩ වෙද්දිම ධනුක ඔහු අසලට ආවේය.
“ උඹ ඔය යන්නේ අර ගෑණි බලන්නද ?..”
“ එයාගේ නම ඉසිනි නයනතාරා බව දන්නවනේ අයියෙ උඹ .. තත්වේ රැකගෙන කතා කරහං ..”
ධනුක කැබ් රියේ දොර නොවසාම ධනුක වෙත අමනාපය පෑවේය. ධනුක සමච්චල් සිනහවක් පෑවේය.
“ ඒකි දැණ් ඔය කරන්නේ තත්වේ රැකෙන වැඩද ?.. ඒකි පැත්තකට දාපං උඹ කරන්නේ ඔය තත්වේ රැකෙන වැඩද ?..”
“ අපි මොකක්ද කරන වැරැද්ද කියහංකෝ .. තාරාට එකපාරක් ජීවිතේ පැටලුනා .. ඒ එක්කම මටත් පැටලුනා .. ඒ නූල් බෝල වල පැටලිලා පැටලිලා, එහෙ මෙහෙ විසිවෙලා ආයෙම අපි දෙන්නම දැන් එක නැවතුමක ඉන්නේ අයියේ… ඉතින් මේ වතාව මඟ ඇර ගත්තොත් ආයේ චාන්ස් එකක් නේන්නත් පුලුවන් …
අනෙක, අපි දෙන්නාටම මේ අවස්තාව ඕනිම කියලා දැනෙද්දී අපි මේක ස්කිප් කරන්න ඕනි නෑනේ ඕයි?.. පොඩ්ඩක් තේරුම් ගන්නවකෝ.. මට ඉන්නේ තමුසෙලා විතරනේ.. තමුසෙලා මාව ඔහොම එහෙට මෙහෙට අදින්න ගත්තම හිර වෙනවනේ ඕයි මම …
මං තවම ඉසිනිට ආදරෙයි අයියේ .. ඒක සීනිබෝල පුපුරන තාලෙට නෙවෙයි. මම හෙන අවබෝධයක්, තේරුම් ගැනීමක් එක්ක ඉසිනිට ආදරෙයි .. මගේ ජීවිතේ කවදාවත් පිරෙන්නේ නැතිවෙයි කියලා හිතපු හිස්තැනීසිනි දවසට දෙකට පුරවල ඕයි..”
“ හැඟීම් වලට බල්ලෙක් වගේ වහල් වෙන්නෙපා මිනිහෝ.. අවුරුහ්ඩු පහක් වෙන මිනිහෙක් එක්ක දීග කාලා ඒ ගෑණි ඔය ඇවිල්ලා ඉන්නේ .. ඒකත් ඒ මිනිහාම ඒ ගෑණිව බැළ්ලියෙක් ගානට එලියට ඇදලා දැම්මට පස්සේ…. ඒකට හේතුවත් උඹ දන්නවනේ ?.. අවුරුදු පහක් යනකල් උගේ පෙලපත ගෙනියන්න දරුවෙක් හදාගන්න බැරිකම.. දැන දැනම ඇයි බං උඹ ඒ මඩ වලට පනින්න යන්නේ ?..”
ධනුක උන්නේ තම සොයුරා පිළිබඳව වන සෙනෙහස පමනක් දරාගනිමිනි. අන් සියලු කාරණා පසෙකට විසිව ගොස් තිබුණි.
“ මඩ වලක්ද, විලද කියලා උබලාට පෙන්නන්නම් අයියේ.. එතකල් ආයේ ඔය ගැන කතා නොකර ඉමු.. උඹලා හා කියනකල්, බඳින්න බෑ කියනවා ඉසිනි .. මට කොච්චරක් ඕනි වුනත්, ඒ නිසා ඒක වෙන්නේ නෑ … එහෙම දෙයක් වෙනුවෙන් උඹලා හිත කලබල කරගන්න ඕනි නෑ ඒ නිසා .. ඒ වගේම, මං ඉසිනිව අතාරියි කියලා, මං වෙන කෙල්ලෙක් එක්ක සෙට්ල් වෙයි කියලා වගේ හිතන්නත් එපා හීනෙකින්වත් .. ඒක වෙන්නේ නෑ කීයටවත්ම ……මට මඟ ඇරුණු අවුරුදු ගානක ඇරියස් එකක් තියෙනවා අයියේ … මට ඉසිනි එක්ක ඒක කවර් කරගන්නෝනි …ඒ නිසා බාල්දි දාන්න එපා …”
නුරාන් ධනුක වෙත පැවසූයේ අවධාරණය කරන හඬකින් ය.
ධනුක මොහොතකට ඉන් නිහඬ වුයේය.
“ අනෙක, අක්කායි ඔයයි එකතු වෙලා ඉසිනිට ජීවත් වෙන්න එපා කරන විදියේ දේවල් නම් කරන්න හිතන්නවත් එපා …. ඒකට මගෙන් නම් සමාවක් , ඉඩක් ලැබෙන්නේ නෑ … “
නුරාන් තමාට එතරම් තර්ජනාත්මකව කතා කල දිනයක් ධනුකට සිහි තිබුනේ නැත
ReplyForwardAdd reaction |