අද අපි ඔබත් එක්ක බෙදාගන්න ලෑස්ති වෙන්නෙ අමුත්තන්ට සංග්‍රහ කරන්න වගේම හවස තේ වෙලාවට වුනත් ලේසියෙන්ම හදාගන්න පුළුවන් රසම රස කෑමක් ගැනයි.
මුකුළු.
මේ නම ඔබ කලින් අහල තිබ්බත් නැතත් ඔන්න අද ඉගෙන ගමු රසම රස මුකුළු ලේසියෙන්ම හදන විදිහ ගැන.
ඒනම් මුලින්ම අවශ්‍ය කළමනා සූදානම් කරගමුකො.
අවශ්‍ය ද්‍රව්‍ය
හාල් පිටි 250 g ක්
දුඹුරු සීනි 100 g ක්
ගාගත් පොල් 250 g ක්
බැදගැනීමට තෙල්
සාදාගන්නා ආකාරය
මුලින්ම තරමක භාජනයක් ගෙන එයට පිටි ටික දමා ගන්න ඕන.
ඊළඟට, පොල් ටිකෙන් ටික එකතු කරමින් අතේ ඇඟිලි වලින් පිට්ටු වලට හදාගන්නව වගේ හෙමීට කලවම් කරගන්න ඕන.
පොල් ඔක්කොම කලවම් කරල ඉවර වුනාට පස්සෙ අපි ලෑස්ති කරගත්ත දුඹුරු සීනි ටිකත් මේ මිශ්‍රණයටම එකතු කරල ආයෙමත් හොඳින් කලවම් කරගන්න ඕන.
දැන් මේ මිශ්‍රණයෙන් පොඩ්ඩක් / මේස හැන්ඳක් විතර අතට අරන් පොඩි ගුලියක් හැදෙන විදිහට ගුලි කරගන්න ඕන.
මේ හදාගත්ත ගුලියෙ එක වරකට දෙපැත්තකින් උල් කරල බෝලේ වටේ උල් 6 ක් විතර හැදෙන විදිහට අතින් හැඩ කරගන්න ඕන.
දැන් තෙල් තාච්චියක් ලිපේ තියාගෙන අපි කොණ්ඩ කැවුම් බදින විදිහට රත්තරං පාටට හුරු දුඹුරු පාටක් ලැබෙනකන් පැත්‍තෙන් හරවමින් බැදගන්න ඕන.
ඔන්න දැන් කහට කෝප්පයක් එක්ක වුනත් රස බලන්න පුළුවන් රසම රස මුකුළු හදාගෙන ඉවරයි.
එහෙනම් මේ විදිහට මුකුළු හදල බලල අපි එක්කත් රස බෙදාගන්න අමතක කරන්න ඕන.
සටහන – දුලානි නවෝද්‍යා
ReplyForwardAdd reaction |