දශක කිහිපයක ඈත අතීතයට ගියොත් ඒ ආසියාවෙ බහුතර රටවල් කීපයක් නිදහස් අරගලය වෙනුවෙන් සටන් වදිමින් තමයි උන්නෙ. ඒ කාලයේදි ලංකාව වගේම ඉන්දියාව උන්නෙත් බටහිර රටවල්වලින් ආව එක එක මතිමතාන්තර ප්‍රතික්ශේප කරලා තමන්ගෙම ගමනක් යන්න ආරම්භ කරන ගමන්.ඒ නිසාම මේ රටවල් දෙක අතරෙ සංස්කෘතික වගේම දේශපලනික වශයෙනුත් සමීප සබඳතා ගොඩ නැගෙමින් තිබුණා.
හැබැයි අපි අද කතාකරන්නේ ඒ ගැන නෙවෙයි. ඒ වෙනුවෙන් කටයුතු කරපු එක චරිතයක් ගැන.ඒ වගේම ඉන්දියාවෙ එක චරිතයක් ආදරය කල ලංකාවෙ මනුස්සයෙක් ගැන අනුවේදනීය පෙම් පුවතක් ගැන.
ඉන්දිරා ගාන්ධි කියන්නෙ අපි කවුරුවත් අහලා නැති කෙනෙක් නෙවෙයිනෙ. 1917 නොවැම්බර් 19, ඉන්දියාවේ අලහබාද් වලදි ඉපදුණ ඉන්දිරා ගාන්ධි කියන්නෙ ඉන්දියාවේ පළමු කාන්තා අගමැතිනිය වූ ඉන්දියානු දේශපාලනඥයෙක්.
ඉන්දිරා ගාන්ධි කියන්නෙ නේරු ගෙ එකම දුව. බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමේ ඉන්දියාවේ අරගලයේ ප්‍රධාන චරිතයක් වූ ජවහර්ලාල් නේරු , බලවත් හා දිගුකාලීන ආධිපත්‍යයක් දැරූ ඉන්දියාවේ ඉහළම නායකයෙක්.
ඉතින් ඔයාල දැනගෙන හිටියද මේ ඉන්දිරා ගාන්ධි පණ වගේ ආදරය කරපු කෙනෙක් ලංකාවෙ ඉඳියා කියන එක? නෑනේ. අන්න ඒ ගැන තමයි අපි අද ඔයාලා එක්ක කතාකරන්න යන්නෙ.
ඉන්දියානුවන් ඉන්දිරා ගාන්ධිව දැක්කෙ කාලි දෙවඟනගෙ අවතාරයක් විදියට. එහෙම කාන්තාවකගෙ පළවෙනි ප්‍රේමවන්තයා ඉඳලා තියෙන්නෙ ලංකාවෙ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙ කාලෙ ඉන්දියාව සහ ලංකාව අතර තිබිච්ච එක එක විදියෙ දේශපාලනික බැඳීම් වලට මේ සම්බන්දෙ උදව්වක් උනේ කියන එක හැමෝම දන්න රහසක් කිව්වොතින් හරියටම හරි. ඉතින් ඔය ආදර කතාව ඇත්තටම සාර්තක උනානම් අද වෙද්දි ලංකාවෙ වගේම ඉන්දියාවෙත් ඉරණම මීට වඩා වෙනස් තැනකට අරගෙන එන්න ඒක හේතුවක් වෙන්න තිබුණා කියන එකත් ගොඩක් දෙනා විශ්වාස කරනවා.
ඉන්දියාවෙ මහා සෘෂි දේවේන්ද්‍රනාත් ඨාකුර් විසින් පිහිටුවන ලද ශාන්ති නිකේතනය පසුකාලීනව භාරගත්තෙ එතුමාගෙ පුතා වෙච්ච රවීන්ද්‍රනාත් ඨාකූර්. එතුමන් තමන්ගෙ තාත්තගෙන් ලැබිච්ච මේ දායාදය තව තවත් පුලුවන් කරලා ඉන්දියාවෙ කලා කෙත අස්වද්දන්න ලොකු සේවයක් කරන කාලයක තමයි මෙන්න මේ කතාව දිග හැරෙන්නෙ. මේ කාලයෙදිම ලංකාවෙන් බිහිවෙච්ච කලාකරුවන් කීප දෙනෙකුත් තමන්ගෙ කලා ගමනේ ඉදිරි දියුණුව වෙනුවෙන් අත්පොත් තියන්න, තව දේවල් ඉගෙන ගන්න ශාන්ති නිකේතනයට යන්න ඉන්දියාව බලා ගමන් ආරම්භ කරලා තිබුණා.
ඒ අතරෙ සුනිල් සාන්ත, මංජු ශ්‍රී, එදිරිවීර සරච්චන්ද්‍ර, වගේ කලාකරුවන් උන්නා. ඒ කලාකරුවන් ඉන්දියාවට ගිහිල්ලා ශාන්ති නිකේතනයේ අධ්‍යාපනය ලබාගන්න කටයුතු කරල තිබුනා. මේ ගමනට දකුණු පලාතේ බද්දේගම ඉඳපු ලයනල් එදිරිසිංහ කියන කඩවසම් තරුණයාත් එකතුවෙලා තිබුනා. සංගීතයට ගොඩක් ආදරය කරපු ලයනල් ශාන්ති නිකේතනයට ගිහිල්ලා ටික කාලෙකින්ම හින්දි බාශාව හරිම චතුර විදියට කතාකරන්න පුරුදු උනා වගේම ඉන්දියානු තරුණයන් විදියට අඳින්න පලඳින්නත් පටන් අරගෙන තිබුණා.
කඩවසම් තරුණයෙක් වෙච්ච ලයනල්ට තමන්ගෙ වටේ ඉන්න පිරිසගෙ ඇස් තමන් දිහාවට හරවගන්න එක නම් එච්චර අමාරු උනේ නෑ. හැබැයි තමන් දිහා කෙල්ලො දාහක් බලන් උන්නත් තරුණ ලයනල්ගෙ ඇස් නම් පැටලිලා තිබුනෙ තවත් එක ලස්සනම ලස්සන ගෑණු ළමයෙක්ගෙ ඇස් එක්ක.

ආදරේට ජාති ආගම් කුල භේද නෑ කියල අපි කියනවනෙ. අන්න ඒ කතාව ආයෙම වතාවක් ඇත්තක් කරනගමන් තමයි මේ කඩවසම් ලයනල් තමන්ගෙ හිත ගත්ත තමන්ගෙ පංතියෙම ඉගෙන ගත්ත ලස්සන ඉන්දියානු කෙල්ලෙක්ට ආදරේ කරන්න පටන් ගන්නෙ.
මේ කෙල්ල වෙන කවුරුවත් නෙවෙයි කියන එක ඔයාලා දැනටම guess කරලා ඇති. ඔව් ඒ තමයි ඉන්දිරා නේරු. එතකොට එයා විවාහ වෙලා උන්නෙ නැති නිසා පාවිච්චි කලේ තමන්ගෙ තාත්තගෙ වාසගම. ඉන්දිරා රවීන්ද්‍රනාත් ඨාකූර්ගෙ ශාන්ති නිකේතනයට එන්න හේතුව උනේ තමන්ගෙ තාත්තා සංගීතයට දක්වපු ලොකුම කැමැත්ත වගේම නැටුමට ඉන්දිරාට තිබුණ ආශාව. මේ විදියට එද්දි ඉන්දිරාගෙ වයස අවුරුදු පහලවයි. ලයනල් එදිරිසිංහගෙ වයස අවුරුදු විස්සක් වගේ. දැන හඳුනගෙන කතා බහ කරලා ටික කාලෙකින්ම මේ දෙන්නා ආදරවන්තයො වෙනවා.
ආදරවන්තයින් වෙලා ටික කාලෙකින්ම මේ දෙන්නා ශාන්ති නිකේතනයේ තියෙන විවිධ වැඩසටහන්වලට එකට සහභාගි වෙන්න පටන් ගත්තා. ඉන්දිරා කියන්නේ සාමාන්‍ය පවුලකින් ආව කෙල්ලෙක් නොවුන හන්දම මේ දෙන්නගෙ මේ ආදර කතාව කට්ටිය අතර පැතිරෙන්න වැඩිකල් ගියේ නෑ. නිතරම කුරුලු ජෝඩුවක් වගේ උන්න මේ දෙන්නගෙ ආදර කතාව තව ගොඩක් අයට අතන මෙතන කුටු කුටු ගාන්න හේතුවක් උනා කියලත් කියනවා.
ඉතින් මේ දෙන්නගෙ ආදර කතාවට පවුල් දෙකෙන්ම ප්‍රශ්න මතුවෙන්න පටන් ගත්ත එක සාමාන්‍ය දෙයක් උනා. ජවහර්ලාල් නේරු තමා උන්නේ තමන්ගෙ දුවගෙ මේ ප්‍රේම සම්බන්ධය ගැන එච්චර සන්තෝසෙකින් නෙවෙයි. තමන් මේ සම්බන්දෙට අකමැති බව කමලා නේරුට දැනුම් දෙන්න ජවහර්ලාල් නේරුතුමා කටයුතු කරත් කමලා නේරු උන්නෙ නම් මේ සම්බන්ධෙ ගැන එහෙම අකමැත්තකින් නෙවෙයි.
තමන් මේ සම්බන්ධෙට අකමැති බවත්, මේ දෙන්නව එකට කිසිම වැඩකට යොදවන්න එපා කියල ඨාකූර් තුමාට දැනුම් දෙන්න නේරු තුමා කටයුතු කරත් ඨාකූර් තුමා ඒ ලියුමට උත්තර දුන්නෙ නැති හන්ද අන්තිමේ වෙන දෙයක් වෙද්දෙන් කියලා සද්ද නැතුව ඉන්න නේරු තුමාටත් සිද්ද උනා. ඉන්දිරාගෙ පැත්තෙන් ඔයා වගේ තහංචි එද්දි ලයනල්ගෙ පැත්තෙනුත් මේකට කිසිම සපෝට් එකක් ලැබුනෙ නෑ. “පිටරට කෙල්ලෙක්ව කසාද බඳින්න අපි ඉඩ දෙයි කියල හිතන්න එපා” කියල තාත්තාගෙන් ලයනල්ට ලියුමක් ලැබෙන්නෙ තමන් මෙහෙම ඉන්දිරා එක්ක යාලුයි කියල ලයනල් ලියුමකින් තාත්තට දැනුම් දුන්නට පස්සෙ.
ඒත් මේ කිසිම දේකින් මේ ආදර කතාව නතරවෙන්නෙ නෑ. මෙහෙම ඉද්දි දවසක් ශාන්ති නිකේතනයෙ ඉන්න ඉන්දිරාට ආරංචි වෙනවා තමන්ගෙ අම්මාට හොඳටම අමාරුයි කියල. හයියෙන් අඬා වැලපෙන ඉන්දිරාගෙ හිත සනසවන ලයනල්ට ගෙදර යන්න කලින් ඉන්දිරා කියනවා “මම ආපහු එනවා ඉක්මනටම, මොකද මට දැන් ඔයාව නොදැක ඉන්න බෑ” කියලා.
ඒ විදියට තමයි ඉන්දිරා ශාන්ති නිකේතනයෙ ඉඳලා තමන්ගෙ ගෙදරට එන්නෙ. මේ කාලෙ ඉන්දිරාගෙ පවුලට සුබ කාලයක් නෙවෙයි. නිදහස් ආරගලය මෙහෙයවීම හේතු කරගෙන නේරුගෙ පවුලෙ අයව හිරගෙට වරින්වර යවන්න බ්‍රිතාන්‍ය පාලකයන් කටයුතු කරනවා. මේ නිසාම ක්ශය රෝගයට ගොදුරු වෙන ඉන්දිරාගෙ මවට ජර්මනියේ කාලගුන තත්ත්වයන් ක්ශය රෝගයට හොඳයි කියල දැනගෙන ඉන්දිරාගෙ මව ජර්මනියට යන්න පිටත් වෙනවා.
තනියෙන් නෙවෙයි ඉන්දිරාත් එක්ක. අකමැත්තෙන් උනත් ශාන්ති නිකේතනයට යන දවසක් ගැන හිතාගන්න බැරුව ඉන්දියා ජර්මනියට යන්න පිටත් වෙනවා.
ජීවිතේ මොන ප්‍රශ්න ආවත් ඉන්දිරා ලයනල්වත් ලයනල් ඉන්දිරාවවත් අමතක කරන්නෙ නෑ. ඒත් අම්මගෙ අසනීපෙ ටිකෙන් ටික වැඩිවෙද්දි තමන්ගෙ කලා හීනය වගේම තමන්ගෙ පෙම්වතා එක්ක එකතුවෙන්නා තිබුන හීනයත් අමතක කරලා දානවා. කමලා නේරුගෙ අසනීප තත්ත්වය තවත් වැඩිවෙද්දි මෙයාලා ස්විට්සර්ලන්තයට යනවා. කමලා නේරු අවසන් හුස්ම හෙලන්නෙ ස්විට්සර්ලන්තයෙදි. අම්මාගෙ මරණයෙන් පස්සෙ ආයෙ ඉන්දියාව බලා එන්නෙ නැති ඉන්දිරා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට යනවා වැඩිදුර ඉගෙන ගන්න.
ඒ ගමනෙදි තමයි ඉන්දිරා ට ෆේරෝස් ගාන්ධිව මුණ ගැහෙන්නෙ.
ඒ හමුව අවසන් වෙන්නෙ 1942 මාර්තු 26 වෙනිදා ඉන්දිරා සහ ෆෙරෝස් අතර විවාහයෙන්. හැබැයි ඉන්දිරා ලේසියෙන් ෆෙරෝස්ට හා කිව්වෙ නෑ කියන එකත් ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ ඉන්දිරාට වයස අවුරුදු 25දි වගේ. ඉන්දිරාගේ විවාහය ලස්සන නමුත් සරල උත්සවයක් වෙලා තියෙනව. බ්‍රොකේඩ් වලින් කරන සම්ප්‍රදායික මනාලියන්ගේ සාරියක් වෙනුවට, ඉන්දිරා ඇඳලා තියෙන්නෙ ඇය ඇගේ පියා සරල රෝස පැහැති කපු සාරියක්. එයා ආභරණ පැළඳ ඉඳලත් නෑ.
මේ විවාහයෙන් පස්සෙ 1944 දී ඉන්දිරා සහ ෆෙරෝස් යුවළට ඔවුන්ගේ පළමු පුත්‍රයා වන රජිව් ලැබෙනවා. 1946 නොවැම්බර් මාසයේදී ඔවුන් අලුත් ගෙදරක පදිංචියට ලක්නව් වෙත යනවා. 1946 දෙසැම්බර් මාසයේදී ඔවුන්ට ඔවුන්ගේ දෙවන පුත්‍රයා වන සංජේ ලැබෙනවා.
මේ දේවල් වලින් පස්සෙ හිත රිද්දගත්ත ලයනල් ශාන්ති නිකේතනයෙන් ඉවත්වෙලා සිතාර් වාදනය ඉගෙන ගන්න ගිහින් සංගීත විශාරද උපාධිය ලබාගත්ත පලවෙනි ශ්‍රී ලාංකිකයා වෙනවා. ඒ භාත්ඛණ්ඩේ විශ්ව විද්‍යාලයෙන්. මේ අතිදක්ශයව ඉන්දියාවෙ නතරකරගන්න ගොඩක් අය උත්සහ කරත් තමන්ට ලැබුන තනතුරු ගොඩක් දේවල් අත ඇරලා ලයනල් ආපහු ලංකාවට එනවා.
ඉන්දිරා මේ වෙද්දි විවාහ ජීවිතය අරඹල තිබුන නිසාම හීන් සැරේ හිත හදාගත්ත ලයනල් ඉන්දිරාට බොහෝ හැඩරුවෙන් සමාන නාලිනී කියන යුවතියව විවාහ කරගන්නවා. ඒත් පරණ ආදරේ නටඹුන් තාම හිතේ තියෙනව කියන්න වගේ ලයනල් තමන්ගෙ දුවට ඉන්දිරා කියලා නම දානවා.
ආදරේ නැති උනත් මේ දෙන්නගෙ සුහදත්වය දිගටම රැඳිලා තියෙනවා. ඉන්දිරා ලංකාවෙ එන වෙලාවටත් ලයනල් ඉන්දියාවට එන හැම වෙලාවකම ඉන්දිරාත් දෙන්නට දෙන්න හමුවෙන්න ගිහිල්ල තියෙනවා. ඉන්දිරා ලයනල්ට පවුල එක්කම ඉන්දියාවෙ පදිංචියට එන්න කියල කිව්වත් ලයනල් ඒ යෝජනාවට එකඟ වෙන්නෙ නෑ.

මේ අතරෙම අධික මත්පැන් පානය නිසා ෆෙරෝස් ගාන්දි මියයනවා. ඒ කාලෙ වෙද්දිත් ඉන්දිරා ඉන්නෙ ෆෙරෝස්ගෙ නිල නිවසේ නෙවෙයි තමන්ගෙ තාත්තගෙ ආවතේව කටයුතු කරමින් නේරුගෙ ගෙදර. කොහොමහරි ජිවීතේ අවසන් කාලෙදි ලයනල් එදිරිසිංහ හදවත් රෝගයකින් පීඩා විඳිනවා. මේක දැනගන්න ඉන්දිරා ලංකාවෙ උන්න ඉන්දියානු මහකොමසාරිස්ට කතා කරලා කියනවා වහාම ලයනල්ගෙ සැප දුක බලලා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න කියලා.
ඒත් ලයනල් ව පරීක්ශා කරන වෛද්‍යවරුන් කියනවා ලයනල්ට ගුවන් ගමන් යන්න හොඳ නෑ කියලා. ඒක දැනගෙන කම්පා වෙන ඉන්දිරා ලයනල්ට ඉක්මන් සුව පතලා ලිපියක් සහ මල් පොකුරක් යවනවා වගේම ලයනල්ගෙ සුව දුක් නිතර බලන්න කියල අදාල අංශවලට දැනුම් දෙනවා.
1984 ඔක්තෝබර් මාසෙ 31 වෙනිදා ඉන්දිරා ගාන්ධි වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වෙනවා.
මේ ප්‍රවෘත්තිය ලයනල් එදිරිසිංහ දැනගන්න එක වලක්වන්න එයාගෙ දරුවො ගොඩක් උත්සහ කරලා තියෙනවා. සමහරු කියනව තමන්ගෙ පෙම්වතී මිය ගිය බව ලයනල් මිය යන තුරුත් දැනගෙන හිටියෙ නෑ කියන එක!
ReplyForwardAdd reaction |