මේ ඒ වසන්තයයි – 54

0
1402

හඬ නොනැගෙන්නට කාමරයේ දොර අඟුලු ලූ නුරාන් අඩි පිළිබඳව සැලකිලිමත් වෙමින් ඉසිනිගේ කාමරය අසලට ආවේය. සීරුවෙන් අඟුල කරකවාගෙන කාමරය තුළට වැඳුණේය. දොර යතුරු ලූවේය. ඉසිනි නිවී නොතිබුණු ජඟම  දුරකතන තිරයේ එළියෙන් නුරාන්ගේ සෙවනැල්ල සොයා ගත්තාය. නුරාන් විදුලි පහන දැල්වූවේය. ඉසිනි සැනින් යහන  මත හිඳගත්තාය.
” ලයිට් එක ඕෆ් කරන්න …”
”  පොඩ්ඩක් ඉන්න ඉතින්… එච්චර හදිසි වුනා කියලා ඒවා මේ එහෙම කරන්න බෑ .. අඩුම මම ඇඳේ හතර කොන වත් බලාගන්නකල් …”
නුරාන් ඉසිනි වෙත එබී මනමාල ඇස් කරකවමින් කීවේය. ඉසිනි ඔහුගේ ඇස් වලින් ගැලවුණේ නුරාන්ව පසෙකට තල්ලු කර දමමිනි. එහෙත් නුරාන් ඇගේ දෑතින්ම අල්ලා ඕ සිර කරගෙන යහන මතට වැටුනේ ඕ මත වන ලෙසය. ඉසිනි දෑසින් කෑ ගැසුවාය.
” මොකෝ .. ආහ් කෑ ගහන්නේ ?…”
නුරාන් ඇගේ ගෙල පාමුල හාදුවක් තවරන්නට සූදානම්ව ඉන් මිදී ඇසුවේය. ඉසිනි ඔහු වෙත පා කලේ  අමනාපයකි. නුරාන් වහා ඕ මුදා හැර ඇඳ වියලට හේත්තු වී හිඳ ගත්තේය.
” ලයිට් එක කමක්  නැද්ද නුරාන් ..?”
” කමක් නෑ ඔන්න ඔහේ …”
තමා අසලින්ම හිඳගෙන දෙපා ඉදිරියට වන සේ විහිදවාගෙන සිටින  ගැහැණියගේ දෑසට එබී නුරාන් කීවේ ඇය මනසින් ඉඹිමිනි. එහෙත් ඉසිනි ඉන් සෑහීමකට පත් නොවී නුරාන් මතින් වන සේ යහනෙන් බැස විදුලි බල්බය නිවා යහන අසලට විත් සිටගත්තාය. නුරාන් ඇයගේ අතින් අල්ලාගත්තාය. ඉසිනි යලි ගිය මඟ සිහිනයෙන් මෙන් සිහි කරගනිමින් උන් ඉරියව්වේම හිඳගත්තාය.
” එහෙම බය වෙන්න දෙයක් නෑ තාරා .. අපි පොඩි ළමයි නෙවෙයිනේ…”
” අනේ යන්න .. හොර පූසෙක් වගේ ආවේත් මෙතන …”
ඉසිනි නුරාන්ගේ වත අඬ අදුරේ දකිමින් කීවේ ඔහු අවුස්සවාගන්නට තරමේ වන හඬකිනි. නුරාන් වහා ඇගේ බඳ වටා දෑතම යවා ඕ නතු කරගත්තාය.
” ඔට්ටුයි නම් මම පෙන්නම්ද හොර පූසාගේ තරම ?…”
නුරාන් ඇගේ ගත මත හී ගඬු පීදෙන තරමේ ස්වරයක් ආරූඩ කරගත්තාය. ඉසිනි ඉන් ඇවිලුණාය. ඒ ඇවිලීමේ අග නැඟුණේ මිමිණුමකි. මිමිණුමක් යනු අනුමැතියකි. නුරාන් ඇගේ සවන් අග්ගිස්සෙන් දන්නා  හොඳම හාඳුව ඇමිණීම ඇරඹුවේය. යහනේ දිග හැරෙන්නට තරමේ වන ඉරියව්වකට සකසාගෙන ඇගේ පසෙකින් වැතිරුණේය.
ඉසිනිගේ වේගවත් සහ කෙටි හුස්ම නුරාන් අවුලුවාලමින් උන්නේය. මරා දැමිය නොහැකි ප්‍රේමයක් දරාගෙන නිවී සිටීමේ කාලය අවසන් වන්නට යන බව දැනෙන්නේය. ඒ නිසාම නුරාන්‍ට තමා අවුලවාලමින් නැඟෙන කිසිඳු හැඟීමක් වලක්වාලන්නට අවැසි වූයේ නැත.
ඔහු යළි ඉසිනිගේ සවන් අග්ගිස්සේ වන සංවේදීම පටක ගොනුවේ එකතුව සොයාගත්තේය. ඒවා ප්‍රේමයේ ඉවය. ඒ අතරේ ය ඇඳ උන්  සැහැල්ලු රාත්‍රී ඇඳුමට යටින් ඇගේ උණුසුම් ගත වටා සුරත යැව්වේය. ඉසිනි උන්නේ දෑස් වසාගෙනය. නුරාන් ගේ උණුසුම ක්‍රම ක්‍රමයෙන් තමා වෙත කාන්දු වන්නට හරිමිනි. නුරාන් නමින් ව තිබූ හැඟීම් බිඳෙන් බිඳ උඩ ඇදෙද්දී ඒවාට දිය දමා ඒවා පෝෂණය වන්නට  හරිමිනි.
එහෙත්, සැනින් සියල්ල වෙනස් විය. අරුණෝදගේ වේගවත් අතුල් පහර ඇයට  සිහි  විය. ඉන් පසුව ඒවායේ වේදනාව දැනුණි. කුස මතින් ඇරඹ පියයුරුද , ගෙලද කරා වන  දැඩි රිදුම් සිහි වුය. ඉන් පසුව ඒවාද දැනුනා සේ විය. තමා ඔහු  සිප ගන්නට දරන උත්සාහයන් ව්‍යර්තව  ගිය හැටිත්, ඒ වෙනුවට ඔහු කෙරෙන් නැඟෙන රළු සිප ගැනීම් වල අපහසුවත් සිහි  විය. තමාගේ සුවයක් ගණනකට  හෝ නොගෙන තම සුවය සලසාගෙන යහනෙන් බැස යන උගත් සැමියාගේ වියරු සිනහව සහ නොසරුප් වදන් ඇගේ සවන් තුළ නින්නාද දෙන්න ගත්තේය.
” ගෑණියෙක් ඉන්න ඕනි තමන්ගේ මිනිහාගේ ආසාවල් වලට අංක එක දෙන්න සූදානම් වෙලා ඕයි … හැමතිස්සේම ඔහොම හූල්ල හූල්ල ඉන්න තියාගන්න එපා…  මං ආස විදිය මේක .. ඒක තමුසේට ආස නැති වෙන්න පුලුවන්.. ඒත් තමුසේ මේකට ආස වෙන්න ඕනි ..තේරුනාද ?.. තේරුනාද ?..”
ගෙලෙන් අල්ලා මුහූනටම එබී ඔහු දත් විලිස්සාගෙන පවසන මතකය ඉස්මතු වෙද්දී ඉසිනි එක්වරම දෑස් විවර කලාය. නුරාන්  උන්නේ ඇගේ කොපුල් වෙතට වෙමිනි. ඕ වේගවත් හුස්ම දෙගුන කලාය. මුවින් නඟන්නට උත්සාහ කර හඬ නැඟුනේ නැත. ඕ දෑතටද, දෙපයටද වෙර ගෙන නුරාන් පසෙකටම තල්ලු කරාය. නුරාන් යහනෙන් නොවැටී බේරුණේ යන්තමිනි. ඉසිනි වහා යහනේ කොනට  ගුලි වූවාය. ඇගේ වේගවත් සුසුම් සවනට වැටෙත්ම යමක්  තම සීමාවෙන් පිටතට වන සේ සිදුවන බව නුරාන් වටහා ගත්තේය. ඔහු අඩියට දෙකට විදුලි පහන දල්වන ස්විචය වෙත ගොස් විදුලි පහන දැල්වූයේය. ඊලඟ තත්පරයේ ඉසිනි දෙස බැලුවාය.
” තාරා … “
ඔහු ඉසිනි වෙත  ඇවිද ආවේ වේගයෙනි. යහන මතින් ඉසිනි වෙත ලං වන්නට උත්සාහ කරද්දී ඉසිනි කලේ යහනේ කොනටම වීමය.
” එ..පා …ප්ලීස් …එපා ..”
ඕ අසීරුවෙන් එලෙස පවසා ගත්තාට. හඬ නැඟුනේ නැත. නුරාන් දැතින්ම ඇය වෙත  ඉඟි කලේ තමා කුමක්වත් නොකරන බවය. තමා නිසොල්මන් බවය. ඔහු දෙපා අකුලාගෙන ඉසිනි ඉදිරියෙන් හිඳ ගත්තේය. ඇය සිටින කලබලයට හේතුව යන්තම් වැටහුණේය. එහෙත් ඒ බව නොවැටහුනා සේ උන්නේය.
” තාරා .. ඉට්ස් ඕකේ ..ඉට්ස් ඕකේ.. මේ බලන්න .. මම ඔයාට දුරින් ඉන්නේ.. මම ලඟට එන්නේ නෑ .. හරිනේ?… ඔයා රිලැක්ස් වෙන්නකෝ … හොඳට හුස්ම ගන්න .. හරිද ?…”
ඉසිනි මුවින් හුස්ම ගත්තාය. සුරතින් පපු මැද මිරිකාගත්තාය. නුරාන් දෙස බැලුවාය.
එලෙස නම් ජීවිතය තමා යළි නවමු පරීක්ෂණයකට හෙලා දමා ඇත. අතීතයෙ යක්ෂ අඩි තමා මතින් ඇවිද යන්නේ නුරාන්වද ඒවාගේ ගොදුරක් කර ගනිමිනි, ඉසිනි කඩා වැටුණු කඳුලු නවතාලූවේ නැත.
” තාරා .. අඬන්න තරම් දෙයක් වුනේ නෑ තාරා … ඕකේ..ඕකේ .. මම යන්නම් හරිද ?.. ඔයා නිදාගන්න …”
නුරාන් යහනෙන් බිමට බසින්නට උත්සාහ කරන බව පෙන්වමින් එලෙස කීවේය.  ඉසිනි වහා ඉදිරියට පැන ඔහුගේ සකසා තිබූ උකුල මත හිස තබා ගත්තාය. කඩා වැටෙන  කඳුලු ඔහේ ගලන්නට දුන්නාය.
” මට … මට … ඒ මිනිහා දුන්න වද දැනෙනවනේ නුරාන් .මට අමතක නැහැ.. ඔයා දන්නේ නෑ ඒ කාලේ මට කොච්චර අමාරු වුනාද කියලා නුරාන්.. මට බැහැ … නුරාන් .. මට සමාවෙන්න …”
නුරාන් අසීරුවෙන් හුස්ම පාලනය කරගත්තේය. ඉන් හඬෙහි වෙනසක්  නොවන්නට් වග බලාගත්තේය.
” මේ ලෝකේ හැම ප්‍රශ්නයක්ම විසඳෙන විදියක් තියෙනවා තාරා … ඔයා බය වෙන්න එපා… අපි හෙමින් විදියක් බලමු …”
” ඔයා ..ඔයා ප්‍රශ්නේ දන්නේවත් නැතුව… ඔයා..ඔයා..ඔහොම කියන්නේ නුරාන් … මට .. මට ඒ නපුරු, යක්ෂ දවස් වලින් ගොඩ ඒමක් නැහැ නුරාන් …”
ඕ නුරාන්ගේ පාදයක් බඳාගෙන කීවාය.
” මම ප්‍රශ්නේ දන්නේ නැති වුනාට ඔයා ප්‍රශ්නේ දන්නවානේ තාරා… ඒ වගේම මම ඔයාව දන්නවා…. ඒ කියන්නේ ඔය ප්‍රශ්නේ මට දැනෙනවා… අපි තව කල් ගනිමු මගේ නෝනා…. මේක මගේ වැරැද්ද .. ආයේ  එහෙම වෙන්නේ නෑ … ඔයා බය වෙන්න එපා… ඔයා බය කරන්නේ නෑ ආයේ…”
” මේක හරි අසාධාරණයි නුරාන් …”
” මේ ලෝකේ සාධාරණ දේවල් වලට වගේම අසාධාරණ දේවල් වලටත් ඉඩක් ඕනි තාරා… එතකොටයි ජීවත් වෙන එක තේරුමක් තියෙන්නේ ..හැමදේම සාධාරණ වුනොත් අපිට ජීවිතේ ඒකාකාරි වෙලා එපා වෙලා තේරුමක්ම නැති වෙලා යාවි..”
නුරාන් ඉසිනිගේ හිස පිරිමදින්නට ගත්තේය. ඉසිනි සුව නින්දකට පිවිසියාය 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here