මේ ඒ වසන්තයයි – 56

0
4570

 නුරාන් කාර්‍යාලයට නොගොස් කර්මාන්තශාලා පරිශ්‍රය වෙතම ගියේය.  විදෙස්  ගැණුම්කරුවන් පැමිණෙන බව දන්වා ඇත්තේ දහවල් එකට පමණය. තවත් පැය හතරක පමණ කාලයක් ඇත. නුරාන් බිම්මල් පවුඩර් සකසන කර්මාන්තශාලාවේ එක් එක් අංශයේ ප්‍රධානීන් සමඟ යළි කෙටි කතානහක නියැලුනේය.

” වැඩේ ගැන සැකයක් නැ සර්… ඒගොල්ලෝ ඕකේ වෙයි කියලම හිතෙනවා.. අපේ රශියන් ඕර්ඩර් එකක්වත් රිජෙක්ට් නොවුණ එක මාරම ප්ලස් පොයින්ට් එකක්නේ සර් ….”

” මටත් තියෙන හයි ඩීමාන්ඩ් පොයින්ට් එක ඒක මාලක … අපි බලමු .. මේක ගොඩ ගියොත් අපි ඩබල් ගොඩ යනවා පුතේ …”

” අනිවාර්‍යෙන් සර්.. අපි උපරිමෙන් උත්සාහ කරනවා…”

” වත්සලා මිස් ආවාද ?…”

” උදේ ආවා සර්.. ඊට පස්සේ එහෙමම මශ් රූම් ප්ලාන්ට් එකට ගියා.. එතන ටිකක් ආයේ බලලා එන්න ඕනි කිව්වා…”

” ඔව් .. මාත් මෙහෙමම එතනට ඔලුව දාලා ඔෆිස් එකට යනවා .. එහෙන් පිටත් වෙනකොට පණිවිඩේ තියන්නම් මම …”

” හරි සර් .. අපි රෙඩි ඉන්නේ…”

නුරාන් සගයන්ට සමුදී පිටත් වූයේය. වත්සලාට ඇමතුමක් ගත්තේය. වත්සලා උන්නේ රාජකාriයට අපහසුවෙන් ආරූඩ වන්නට උත්සාහ කරමිනි. පැය කිහිපයක් තුල ඇය සපුරා ගත යුතු ඉලක්කයක් පිළිබඳව වන හැඟීම රාජකාරිය අභිභවමින් ඕ කරා නැඟෙමින් තිබුණි. එහෙත් ඕ ඉන් නුරාන්ට අද දිනයේ බාධාවක් නොවිය යුතුය යන  හැඟීම දරාගෙන රාජකාරි කටයුතු වෙත අවධානය යොමු කලාය.
නුරාන්ගේ ඇමතුම ඕ පිළිගත්තේ හදවත පුරා ඉහිරෙන මල් එක්කය.

” සර් …”

” වත්සලා ඔහොම ඉන්න ප්ලාන්ට් එකේම .. මම එන ගමන් ඔය පැත්තට …”

වත්සලා එක්වරම ඇසුණු හඬෙන් තමා පත්වූ උද්දාමය සඟවාගන්නට දැරුවේ වෙහෙසකි. ඒ වෙහෙස අසාර්තක වූයේ නැත.

” ඕකේ සර් …”

“අර කොම්පෝස්ට් යුනිට් එකේ මම දේවල් දෙක තුනක් ඇරේන්ජ් කරන්න කියලා තිබ්බා ..ඔය ඉන්න ගමන් ඒ පැත්තටත් ටච් එකක් දාලා එන්න..”

” ඒක හරි සර් … මම  කන්ෆර්ම් කරගත්තා…”

” ගුඩ් ..දැට්ස් මා ගර්ල් …”

වත්සලා ගේ බිඳුණු හද අලවාගෙන ඕ රාජකාරිය තුළ වටිනාකම් ඉටු කිරීම අගයනු වස් නුරාන් එලෙස පැවසූවේය. තමාගේ හදවත පුරා ඇලවී සිටින මිනිසාගෙන් ලත් ඒ වදන් වල නොවූ යමක් තමා විසින් ඇතැයි වටහාගෙන වත්සලා උද්දාමයෙන් ඉතිරුණාය. ඕ අහසට හාදු විසි කරමින් ඇමතුම විසන්ධි කලේ තමාගේ සැලසුම වෙනුවෙන් සියලු කටයුතු සොබාදහම විසින්ම සලසා දීමේ උත්කර්ශයද නොඅඩුව විඳිමිනි.

” මගේ සර්ව කාටවත්ම දෙන්නේ නෑ මම … සර් මගේ… මගේම විතරයි…මෙච්චර කල් මම ඒ ඇස් දෙකේ සතුට බලන්න මට පුලුවන් උපරිමෙන් වැඩ කලා … සර් බින්දුවෙන් පටන් ගන්නකොට සර් උන්න තැන ඉඳන් මේ ආව උස මම ඇස් දෙකෙන් බලාගෙන හිටියා.. දැන් ඒ උඩැක්කියට මගේ සර්ව දීලා අත පිහිදගන්නේ නෑ මම …. දෙන්නේ නෑ..”

ඕ එලෙසින් පැවසූවේ අසල තිබූ විශාල පතොක් පඳුරකටය.

නුරාන්  බිම්මල්  ගෘහ  ඉදිකර තිබූ පරිශ්‍රය වෙත පැමිණියේය. වත්සලා තමා උන් ඇමතුම අවසන් කලාය.

” සර් … එළකිරි උණු කරලා තියෙනවා… බොනවාද ?..”

වත්සලා නුරාන් වෙත ඇවිද එමින් ඇසුවාය.

” බොමු වත්සලා .. ආයේ දැන් දවල් කෑමක් සෙට් වෙන්නේ නෑනේ…”

” මං ගේන්නම් සර් ..”

” ඇයි ගුණවතී නැන්දා නැද්ද ?…”

” ඉන්නවා ඉන්නවා සර් ….”

වත්සලා එලෙසින් පවසමින් අඩියට දෙකට නික්මුණාය. උණු කරන ලද කිරි වීදුරුවද රැගෙන පැමිණියාය.

” සර් .. කැබින් එකට චුට්ටක් යමුද ?..
ප්‍රසන්ටේශන් එක චුට්ටක් බලලාම ඉමුද ආයේ?..”

” අපි ආයේ බලන්න ඕනිද?..”

” එක වතාවක් බලලා ඉමු නේද සර්..”

” ඕකේ … යමු …. “

නුරාන් වත්සලා අතේ තිබූ කිරි කෝප්පය ගත්තේය.

” වත්සලා කාලා බීලාද ?..”

” ඔව් සර් … එනකොටම ගුණවතී නැන්දා කිරි කෝප්පයක්ම දුන්නා..”

” ඕකේ …”

නුරාන් කැබින් එක තුලට ඇවිද ගොස් ඉඳගත්තේය. ජංගම දුරකතනයේ දෑස් ඔබා ගත්තේය. වත්සලා ඇගේ සැලසුම් වෙනුවෙන් පහසුමක් සලසා ගත්තාය.

ඉන් පසුව  වත්සලා පවර්පොයින්ට් ඉදිරිපත් කිරීම එක් කොටසින් කොටස නුරාන්ට දකින්නට හැකි වන සේ යවමින් පසු කලාය. නුරාන් විනාඩි දහයක් පමන ඒ වෙනුවෙන් වැය කලේ, එක් එක් කොටසේදී තමා විසින් අවධාරණය කරන කරුණුද යළි සිහිපත් කරගනිමිනි.

එහෙත් තවත් විනාඩි පහක් ඉක්ම යද්දී නුරාන්ට දැනුනේ තමා තම පාලනයෙන් ගිලිහී ය්න බවකි. හිස බමන්නාක් මෙන් දැනෙන්නට විය.

වත්සලාගේ රුව බොඳ වෙන බව දැනෙද්දී නුරාන් සිතුවේ තමාට හදිසි හෘද්‍යාබාධයක් වැළඳෙන්නට යන බවය.  ඔහු යමක් පවසන්නට උත්සාහ කලේය. එහෙත් මුවින් වචන හඬක් සේ පිට වූයේ නැත. නුරාන් අසුන මතම සිහි විසඟව ගියේය. වත්සලා කැබිනයේ පිවිසුම වෙත ඇවිද ගියේ කලබලයෙනි.  සැනින් වත්සලාගේ නෑදෑ සොයුරිය කැබිනය තුළට වූවාය. දෙදෙනාම එක්ව නුරාන්ව වත්තන් කරගෙන කැබිනයේ පසෙක වූ කුෂන් සෙටියේ වැතිරෙන්නට සැලැස්වූවෝය. නුරාන්ගේ කමිසය ගලවා දැම්මේ වත්සලාය.

” අපෝ තෝ නම් .. මාත් එක්කත් පෑලියාව…”

නෑදෑ සොයුරිය ආඩපාලි කීවාය. වත්සලා උන්නේ උමතුවෙනි. ඕ කොණ්ඩය ලෙහා දැමුවාය. හැඳ උන් උඩුකය ඇඳුම් අඩක් වන  උනා දැම්මාය.

” ඉක්මන් කරපං ..”

නෑදෑ සොයුරිය වත්සලා ට පැවසූයේ ඕ කිසිත් නොකර නුරාන් දෙස බලා සිටින තත්පර විනාඩි බවට පත්වෙද්දීය. වත්සලා නුරාන්ගේ ගත මතට වැටුනාය. ඔහුගේ දෑත් තමා වටා වන සේ සකසාගත්තාය. ඉන් පසු තමා සෙටියේ අනෙක් පසට පෙරලුණාය. නෑදෑ සොයුරියගේ උදව්වෙන් නුරාන්ව තමා මතට වන සේ ගත්තාය. දැනෙන්නේ ගිණියමකි. නිරුවත් ගත දැවෙන්නේය. මැවිය යුත්තේ බලහත්කාරකමකි. සාක්ෂි තහවුරු කරනු වස්  සේයාරුවන්  සහ කෙටි  වීඩියො පට  ගැනීම හැකි උපරිමයෙන් කල යුතුය.

” මම  ජනේලෙන් පේන වීව් එක ගන්නේ ඈ..උබ පෝස් හදපං ඒ පැත්තට …”

නුරාන්ගේ පියවුණු දෑස් හසු නොවන සේ සේයාරුවන් ගැනිණි. වත්සලා සතු ව තිබුණේ අසාමාන්‍ය ශක්තියකි. ඕ  යෝධ හය්යක් දරමින් තමා මත සිටින නුරාන් තමා පාගාගෙන සිටින දසුන් මවා දුන්නාය.

”  නියමයි .. නියමයි .. උබේ අත් දෙකෙ දොර පැත්තට දික් කරලා…බොසාගේ අත් වලින් උබේ අත් තද කරගෙන ඉන්න ශොට් එකත් දාගමු..පොඩි වීඩියෝ ගන්නම් මම .. එතකොට එඩිට් එක ලේසි වෙයි “

නෑදෑ සොයුරිය විත් එයද සැකසුවාය.

පැය භාගයක් ගෙවෙද්දී අවශ්‍ය ඉලක්කය බලාපොරොත්තු වූවාට වඩා සැපිරී තිබුණි. දෙදෙනා එක්ව නුරාන්ගේ ඇඟලුම් ගත ලූවෝය.  වත්සලාද ඇඟලුම් ගත දමා ගත්තාය.

” උඹ පලයං …”

” ගාන දීපං ඈ…”

” හරි බං ..උබට මම පනහක් දුන්නානේ… ඉතුරු ටික දෙන්නම් මේ වැඩේ එක්ක …”

” හරි … ආයේ උදව්වක් ඕනි උනොත් එකෙන්ම ඉන්නවා අක්කේ ඈ..”

” දන්නවා බං දන්නවා.. උඹ දැන් පලයංකෝ …..  හැබැයි උඹ මේ ගැන කොහෙවත් කෙල බිඳක් හෙලන්නේ නෑ රජෝ …”

” පිස්සුද බං …උඹව මුන ගැහෙන්න මම මේ පැත්තේ ආවා…උඹ කැබින් එකේ සාකච්චාවක කියලා අර ගුණවතී නැන්දා කිව්වා.. මම ඊට පස්සේ එහෙමම ගෙදර ගියා..කවුරු ඇහුවත් ඔච්චරයි …”

වත්සලා ඇයව පිටත් කර හැරියාය. නුරාන්ගෙ මුහුණ ඇති තරම් ඉම්බාය.

” ඔයා දැන් මගේ සර්.. මගේම විතරයි ඔයා මගේ සර් …”

ප්‍රේමය උමතුව ගිනි ගනිමින් තිබුණි..
 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here