තරගකාරීත්වය අතිශයින්ම වැඩි නූතන තාක්ෂණයත් සමඟ වේගයෙන් ඉදිරියට ඇදෙන ලෝකයක කෘතඥ පූර්වක සහ ධනාත්මක මනසක් ඇති දරුවෙකු ඇති දැඩි කිරීම දෙමව්පියන්ට සැබවින්ම අභියෝගයක්. කාර්යබහුල දෛනික ජීවිතයත් සමඟ මානසික ආතතියට පත්වන දෙමව්පියන්ට සමහර අවස්ථා වලදී නොදැනුවත්වම දරුවන්ව මඟ හැරෙන්නට පුළුවන්. එවැනි අවස්ථා වලදී දරුවන්ද මානසික ආතතියට පත්වීම , මානසිකව දුර්වල වීම , සෘණාත්මක සිතුවිලි ඇති කර ගැනීම සහ පසු බැසීමට ලක් වීම සිදුවිය හැකියි. මෙවැනි තත්ත්වයක් යටතේ ධනාත්මක මනසක් ඇති දරුවෙකු ලෝකයට බිහි කිරීමට ඔබට උපකාරී වන කාරණා කිහිපයක් ගැනයි මේ ලිපිය.

ඔවුන්ට වැටෙන්න දෙන්න
ඔබ ඔබේ දරුවා කෙරෙහි සෑම විටම අවධානය යොමු කළ යුතු නමුත් ඔබ ඔබේ දරුවාට ස්වාධීනව ජීවත් විය යුතු ආකාරයත් අනිවාර්යයෙන්ම ඉගැන්විය යුතුයි. එදිනෙදා ක්‍රියාකාරකම් වලදී පවා ඔබ ඔවුන්ට සහය දක්වන අතරතුරදී ස්වාධීනව තමන්ගේ කටයුතු කරගන්නා ආකාරය පිළිබඳව දරුවාට නිසි මඟපෙන්වීමක් ලබා දීම නිරන්තරයෙන් සිදු කරන්න.එවිට, ක්‍රම ක්‍රමයෙන් දරුවා තම කාර්යයන් කර ගැනීම සඳහා සහ ස්වාධීනත්වයට හුරුවන අතර දරුවා අතින් සිදුවන වැරදි ඉතා කාරුණිකව කියාදීම සහ පෙන්වා දීමට දෙමව්පියන් වශයෙන් ඔබ උපක්‍රමශීලී විය යුතුයි. සරලවම , ඔබේ දරුවාට පක්ෂියකු ලෙස නිදහසේ පියාසර කිරීමට , වැටීමට, නැගිටීමට , ඉගෙන ගැනීමට ඉඩ දෙන්න. වැරදි නිවැරදි කිරීම් කර ගැනීම සඳහා දරුවාට ඉඩ නොදුන් විට ඔවුන් කිසි දිනක වෙහෙස මහන්සි වී වැඩ කිරීම , ස්වයං විනය ආදී කාරණා ඉගෙන ගන්නේ නැත.සෑම පාඩමකින්ම ඔවුන්ට ඉගැන්විය යුත්තේ සාර්ථකත්වය ලබාගැනීමට නොව එයින් ජයගත නොහැකි නම් ධනාත්මක වීමටයි.
කරුණාවන්ත වීමේ අගය කියා දෙන්න
කරුණාවන්ත වීම සහ එකිනෙකාට සමාව දීම වෛරය වැනි හැඟීම් තුරන් කර දමන බව ඔබේ දරුවාට කියා දෙන්න. මනුෂ්‍යත්වය යනු මෙලොව ඇති උතුම්ම හැඟීමක් බව දරුවාට පසක් කර දිය හැකි ක්‍රියාකාරකම් වල දරුවාව යොදවන්න. වැඩිහිටි නිවාස වලට උපකාර කිරීම , අසරණ දරුවන්ට උපකාර කිරීම , වීදි සතුන්ට ආහාර ලබා දීම සහ තම වටා සිටින අයට කරුණාවන්ත වීම වැනි දේවල් වලට දරුවාව යොමු කරන්න. එවැනි දේවල් මගින් දරුවන්ගේ හදවතට විශාල බලපෑමක් එල්ල කළ හැකි වන අතර ඉතා හොඳ මානුෂීය ගුණාංග සහිතව ධනාත්මක මනසකින් යුතුව ඔවුන් උස්මහත් වීම නිරායාසයෙන්ම සිදු වනවා. ඒ වගේම ඔවුන් අන් අයට උපකාර කිරීමට සහ කරුණාවන්ත වීමට කුඩා කල සිටම ඉගෙන ගන්නා අතර සමාජය කෙරෙහි වඩා ධනාත්මක හැඟීමක් ඇති කර ගන්නවා.
නින්දට යාමේ දින චර්යාව

ඔබේ ජීවිතය මොනතරම් කාර්ය බහුල වුවත් ඔබේ දරුවා නින්දට යන වේලාව ඔබටත් අතිශයින්ම වැදගත්.ඔබේ දරුවාගේ මනස ධනාත්මක සිතුවිලි වලින් පෝෂණය කළ හැකි වන්නේ මෙවැනි වේලාවකටයි. ගත වූ දිනයට ස්තූතිවන්ත වීමට හුරු කිරීම , ධනාත්මක හැඟීමක් ලබා දෙන කතාවක් කියා දීමට , ඔවුන්ගේ දවස ගත වූ ආකාරය පිළිබඳව ධනාත්මක හැඟීමකින් කථා කිරීම සහ කරන ලද හොඳ දේවල් අගය කිරීමට නින්දට යන වේලාව අවස්ථාවක් කර ගන්න. එවිට ඔවුන්ට පැහැදිලි , ධනාත්මක මනසකින් නින්දට යාම සහ සුවපහසු නින්දක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.
ආදර්ශමත් වන්න
” අවවාදයට වඩා ආදර්ශය උතුම් ” බව ඔබ දන්නවා. ඔබේ දරුවා සෑම මිනිත්තුවකම බොහෝ දේ ඔබෙන් ඉගෙන ගන්නා බැවින් ඔබේ දරුවාට ආදර්ශයක් වන පරිදි , දරුවාගේ කුඩා මනසට හානියක් නොවන පරිදි කටයුතු කරන්නට සෑම විටම වගබලා ගන්න. ඔබ ජීවිතය පිළිබඳව සෘණාත්මක ආකාරයෙන් බලනවා නම් , සෘණාත්මක දේවල් පිළිබඳව කතා කරනවා නම් සහ දරුවා ඉදිරියේ සෘණාත්මක හැඟීම් බෙදා ගන්නවා නම් ඒවා සෘජුවම දරුවාගේ මනසට බලපානවා. ඔබේ දරුවාගේ ලෝකය වඩාත් කරුණාවන්ත සහ ධනාත්මක එකක් බවට පත් කිරීමට හැකි සුන්දර සහ ප්‍රීතිමත් නිවසක් නිර්මාණය කරන්න.
ප්‍රශංසා කරන්න
ඔබ රැකියාවේ නියැලෙන විට ඔබේ ප්‍රධානියාගෙන් අගය කිරීම් බලාපොරොත්තු වනවා නේද ? ඔබ හොඳින් රැකියාව කරන විට සහ ඔබ රැකියාව කරන විට ඔබේ වැටුප් වැඩිවීම සහ උසස් වීම් ලැබෙනවා නේද ? ඔබේ දරුවාටත් ජීවිතයේදී අගය කිරීම් සහ ප්‍රශංසා කිරීම් ඒ ආකාරයෙන්ම ලැබිය යුතුයි. දරුවන්ගේ කුඩා ලෝකය තුළ වැඩිපුරම ජීවත් වන්නේ ඔවුන්ගේ දෙමව්පියනුයි. ඒ නිසා ඔවුන් කුඩා දෙයකදී දෙමව්පියන්ගෙන් අගය කිරීම් සහ ප්‍රශංසා කිරීම් බලාපොරොත්තු වනවා. ඔවුන්ගේ කුඩා ජයග්‍රහණ සහ උත්සාහ කිරීම් ප්‍රශංසා කරන්න. නමුත් අතිශයෝක්තියට නැංවීමෙන් වළකින්න.
සම්බන්ධතා ගැන උගන්වන්න
ඔබ වැඩිහිටියන්ට , මිතුරන්ට, හිතවතුන්ට සහ අසල්වැසියන්ට කතා කරන ආකාරය සහ සලකන ආකාරය ඔබේ දරුවා බලා සිටිනවා. ඒ අනුව ඔවුන් කුඩා කාලයේ සිටම සම්බන්ධතා පිළිබඳව ඉගෙන ගන්නවා. අනෙකාට ගරු කිරීම , ආචාර කිරීම , සවන් දීම සහ ඔවුන්ව අගය කිරීම ආදි සම්බන්ධතා පිළිබඳව බොහෝ දේවල් සහිතව ඔබේ දරුවා මෘදු හැසිරීම් සහිත වගකිව යුතු පුද්ගලයෙක් ලෙස හැදී වැඩෙන්නේ ඔබ සම්බන්ධතා පිළිබඳව දරුවාට ලබාදෙන ආදර්ශය සහ උගන්වන ආකාරයය අනුවයි.
ඔබේ දරුවාව ධනාත්මක සිතුවිලි ඇති දරුවෙක් ලෙස සමාජගත කිරීමට නම් කුඩා කාලයේ සිටම දරුවා ජීවත්වන පරිසරය සහ දරුවාගේ සිතුවිලි පිළිබඳව ඔබ අවධානය යොමු කළ යුතු වෙනවා. ඉතා කුඩා සහ සියුම් දේවල් වලින් පවා දරුවන් ඉගෙන ගන්නා නිසා ඔවුන්ගේ කුඩා මනස ධනාත්මක සිතුවිලි වලින් පෝෂණය කිරීම දෙමව්පියන්ගේ වගකීමයි.
ReplyForwardAdd reaction |