මේ ඒ වසන්තයයි – 76

0
2914

අරුණෝද තමා අතැර, එලවා දැම්මේ කිසිඳු වටිනාකමක්වත් නොදෙමින් ය. ජීවිතය යළි එවනි අවස්ථ නොදී හිඳීවියැයි කෙලෙසක සිතන්නද ?

ඉසිනි  එයට පිළිතුරු නොදී උන්නාය.  එවැන්නක් සිදුවුවහොත් ඉන් පසුව ජීවිතය මුහුණ දෙන්නට සැලසුමක් දැම්ම සිතා තිබිය යුතු නැත. නුරාන් එවැන්නක් කරනවා නම්, එය තම නොලබීම මිසෙක ඔහු ගේ වරදක් නොවන්නේය.

එහෙත් ඒ වචන වල සැර ඇගේ නෙත් තෙත් කලේය. ඒ කඳුළු නුරාන් ගේ නිරුවත් බාහුව තෙමමින්  පහළට වැටෙන්නට පටන් ගත්තේය

” ඒ ඒ තාරා …. විහිළුවක් කරේ ඔය බලනවා…… බලනවාකෝ ….ඉතින්  ටැප් එක අරගන්න බලාගෙනම ඉන්නේ ඇයි ඒ තාරා… ඒ විහිළුවට විහිළුවකින් උත්තර නොදී ….ඔන්න ඉතින් පටන් ගත්තා අඬන්න….

මේ  බලනවාකෝ ..,    කිසිම බලාපොරොත්තුවක් නැතුව මං අවුරුදු ගානක් බලාගෙන හිටියා. දැන් ඔයාම ඔයාගේ ජීවිතේ මගේ අත්දෙක උඩින් තියද්දි මං ඔයාව දාලා කොහොමද හිතන්නෙවත්….

හරි දාලා ගියාමයි… එහෙමමයි කියමු. මට වෙන ගෑනු කෙනෙක් හම්බවෙලා, මං  ගෑනු කෙනාට ආදරේ කරලා  මං ඒ කෙනාව බදිනවා කියමු … එහෙම වුණත් මේ දේවල් නැතිවෙන්නේ මට මිසක් ඔයාට නෙමෙයි…..”

ඉසිනි නාසය ඉහළට ඇද්දාය. පැවසුවේ කුමක්දැයි නොවැටහුනාක් මෙන් නුරාන්ගේ බාහුවේ ඉරි ඇන්දාය.

” මං බිස්නස් එක ඔයා නමට ලියලා තියෙන්නෙ තාරා……”

ඉසිනි තිගැස්සුණාය. යළි යළි ඒ ඇසුනේ කුමක්දැයි සිතුවාය.

ඔහු එතරම් උමතුවක්ද  ?

” මොකක්?”

“ඔව්… මම ඉමන්දි මශ් රූම් එක ඔයාට පැවරුවා….. ඔයා ජොබ් එකෙන් අයින් වෙන දාක සම්පූර්ණයෙන් ඩොකියුමන්ට් හදාගන්නකල්… අර අපේ රෙස්ටෝරන්ට් එකත් ඔය නමට ගත්තා…”

” දෙයියනේ…. ඔයාට පිස්සු  හැදීගෙන එනවා ද නුරාන්….අයියලා අම්මලා මේක දැනගත්තොත් මොනවයින්  මොනාවා වේවිද……ඒගොල්ලෝ   කොල්ලෝය මං ..මං ඔයාව  රවට්ටගෙන කියලා… ඔක්කොම අරන් කියලා… මට එපා නුරාන් ..ප්ලීස්.. ප්ලීස්…”

” කලබල වෙන්න එපා තාරා..ඔය ඔහොම කෑ ගහලා කරලා කිවොත් ඇරෙන්න,  ඒක ඒගොල්ලෝ දැනගන්නේ නෑ… දනගන්න ඕනිත් නෑ…. අනිත් එක අම්මලාට අයියලාට අයිති  කියලා ඒගොල්ලොන්ට ලැබෙන්න ඕනි කියලා හිතෙන දේවලුත් මං ඒ විදිහට වෙන් කරලා තියෙන්නේ..

ඔයා මගේ ජීවිතේ ඉන්නවා කියලා ඔයා කියපු දවසේ කියපු දවසට පස්සෙන්දා මං ඒ හැමදේම පිළිවෙල කරා…

දැන් ඔයා ගියත් යන්නේ මගේ මුළු ජීවිතේම අරගෙන… ඒක එහෙමයි කියලා මං ඔයාට නොයා ඉන්න කියන්නේ නැහැ තාරා. මගෙත් එක්ක ඉන්න බැරි ඕනම වෙලාවක ඔයාට පියාඹන්න අයිතිය තියෙනවා….

මගේ කියලා තියෙන හැමදේම ඔයාගේ අත් දෙක උඩින් තියෙන එක ඇත්තටම මට මාර සහනයක්. ඒක මාර නිදහසක් සැනසීමක් සැනසීමක් . මට ඒක විඳින්න දෙන්න තාරා…… මං  අවුරුදු ගානක් කට්ට කාලා,  දුවලා පැනලා,  ලං කරගත්ත  හැමදේම ඔයා දිහා බලාගෙන  කරේ….

මගේ මේ ලොකට් එකේ  තියෙනවා ඔයාගේ පුංචි ෆොටෝ එකක්… මට ඒ හැමදේටම සමහර විට හයිය දෙන්න ඇත්තේ ඒ හිනාව….. ඒ නිසා දැන් මේ දේවල් බාරගන්න …අපි දෙන්නා එක්කම මේ දේවල් තව දියුණු කරමු. පුළුවන් තරම් දුර යමු. ඇති කියලා හිතුනොත් මේ ඔක්කොම විකුණලා දාලා කොහේ හරි රටක නැත්නම් ලංකාවෙම කොහේ හරි අස්සක ගුලි වෙලා ජීවත් වෙමු……”

ඉසිනි හඬන්නට ගත්තාය. ධනුක දෙදෙනාටම බැණ වැදුනේය.

” සාලේ  මැදටම වෙලා අඬන්න ගත්තා … “

” දැන් ඉතින් උඹලට ඕකට හුරු වෙන්න වෙයි මදුරුවෙක් සැරට කෑවත් අඩන ජාතියේ නෝනා කෙනෙක් තමයි මට ඉන්නෙ….”

නුරාන් සිනාසෙමින් කීවේය. අම්මා ගෙන ආ අලි ගැට පේර වීදුරුවෝ පානය කිරීමෙන් පසුවඉසිනි ඔහුගේ අත් වාරුව දී නැගිටින්නට උදව් කළාය.

” තාම  පහල බාත්රූම් එකේ මුකුත් ඇජෙස්මන්ට්  කරේ නෑ මල්ලි… ඒ ටික පහසුවට කරනකන් දැනට ඔය  විදිහට වොෂ්  එකත් දාගනින්…”

” මට පහළ කාමරේ ඉන්න බෑ…තාරාටයු  මටයි උඩ කාමරයක් ඕනේ…..”

” තෝ උස්සගෙන ඉසිනි ට් හැමතිස්සෙම උඩට පහළට යන්න බෑනේ…. පොඩ්ඩක් පහළ කාමරයේ ඉඳපන්… “

” නෑ නෑ එච්චර අමාරුවක් නෑ. මට පඩි පෙල අල්ලන් උඩට නගින්න පුළුවන්. මගේ බඩු මුකුත්ම  පහලට අදින්න එපා….”

“ඕනි මඟුලක් කරගනින් තියෙන හිතුවක්කාරකම…”

ඉසිනි ධනුක දෙස බලා තමා කිසිවක් නොදන්නා  බව පෙන්වමින් නුරාන් සමග ඉහළ මහලට නැග්ගාය.  තුවාලය නොතෙමෙන්නට ඔහුගේ ගත දොවා ගන්නට උදව් කළාය. සරමක් ගත දවටා යහනේ වැතිරෙන්නට උදව්කලාය. 

” ආහ් තාරා…”

“ම්ම්ම්ම්…”

“අර දවල් අම්මා  කතා කරලා මොක්ක්ද කිව්වේ..? “

නුරාන් එක්වරම එලෙසින් විමසද්දී  ඉසිනි  ගැස්සුණාය. තම දෙමාපියන් නරාන් අමතා කුමක්  හෝ පවසා ඇතිද.?

” මට තේරුන්නෑ……”

” අම්මයි  දවල් වලට කතා කරලා මොකක්ද කිව්වේ කියලා අහන්නේ  තාරා මම … ඔයාට ඒ කතාව මට කියන්න ඕන,  ඒත් බැරිකමට හංගගෙන  ගෙන ඉන්නවා කියලා මට තේරෙනවා…”

” එහෙම විශේෂ දෙයක් කිව්වෙ නෑ ඉතින්…”

” දැන් මට බොරු කියන්නත් පටන් අරගෙනද තාරා..  ඔයාට මාව තවමත් විශ්වාස කරන්න බෑද ?”

” ඇයි නුරාණ වචන වල එල්ලෙන්නේ? එහෙම මුකුත්ම නෑ…”

” එහෙනම් කියන්න අම්මල කතා කරලා මොකද කිව්වෙ ? හොස්පිට්ල් එකෙන් එන වෙලා අම්මා ඔයාට කතා කරනව මම දැක්කා…. ඔයා එවෙලේ කලබල වෙලා උන්න විදියත් මම දැක්කා..”

ඉසිනි සුසුමක් හෙලුවාය. එක් අතකට සැඟවුනු දේ නොතිබෙන තරමට පහසුය.

“අපේ අයියා වැඩ කරන්නේ ක්වීන්ස් හොස්පිට්ල්  එකේඒ…..තාත්තා අයියා  එක්ක ගිහිල්ලා එහේ  ප්ලාස්ටික්  සර්ජරි  සම්බන්ධයෙන් ඉන්න හොඳම ඩොක්ටර් කෙනෙක්ව මුණගැහිලා..  අම්මා කියනවා  එන්ගේජ් වෙනවනම් ඒ කටයුතු කරගෙන මාස හයක් විතර එහෙ නවතින්න බලාගෙන එන්න කියලා… ඔයාට තනියෙන් ඇවිදින්න පුළුවන් තරමට කකුල හදලා දෙන්නම් කියල ඒ ඩොක්ටර්  කිව්වලු.. මම ඔයාගේ රිපෝර්ට් ඒම  යැව්වානේ… “

ඕ එතෙකින් නැවතී යලි සුසුමක් හෙලුවාය.

”   මං දන්නවා නුරන් ඔයා අපේ ගෙදර අය එක්කත්  තරහෙන් ඉන්නෙ කියල…ඒක සාධාරණයි…

ඒත් අම්මා එහෙම කිව්වහම මට ඒකට බෑ කියන්න බැරුව ගියා … අම්මල කරපු සමහර දේවල් නිසා ජීවිතයේ අවුරුදු පහක් හයක් මං නොසෑහෙන දුක් වින්ද බව දැන් අම්මයි තාත්තයි දෙන්නම දන්නව නුරාන් ….

සමහර විට එයාලා ඒ ගැන පසුතැවෙනවා ඇති. ඒත් එයාලට ඒ වෙනුවෙන් කිසිම දෙයක් කරන්න බැරිකමට ඔහේ බලාගෙන ඉන්නවත් ඇති… මේ දේ උනත් එයාලා මගේ සතුට ගැන හිතලා කරනවත් කරන්න හදනවා ඇති… අක්කා දේවල් පහදන්නත් ඇති…

. ඒත් මං දන්නවා ඒකෙන් ඔයාට මහා අපහසුවක් දැනෙනවා කියල…. අනිත් එක දැන් ඔයාට මගේ අම්මා, තාත්තගෙන් උදව් ඕන්නෑ කියලත් මම දන්නවා. ඔය කියන ඔපරේෂන් එක අපි දෙන්නට තනියෙන් ගිහිල්ලා කරගෙන ඉන්න තරම් සල්ලි ඔයා ළඟ තියෙනවා කියලත් මම දන්නවා…”

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here