සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාර වේල් කිහිපයක් 

පෝෂ්‍ය පදාර්ථ වලින් සපිරි ප්‍රෝටින් බහුල සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාර වේල් කිහිපයක් ගැනයි අද අපි ඔබට කියන්නේ.

Greek Yogurt Parfait

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

ග්‍රීක් යෝගට් කෝප්ප 1

මිශ්‍ර බෙරි ( ස්ට්‍රෝබෙරි ,බ්ලූබෙරි , රාස්ප්බෙරි ) කෝප්ප 1 

ග්‍රැනෝලා කෝප්ප 1/2

මී පැණි

හදන්නේ මෙහෙමයි 

වීදුරු භාජනයක් ගෙන එහි අඩියට ග්‍රීක් යෝගට් කෝප්පය එකතු කරන්න

ඒ මතට මිශ්‍ර බෙරි එකතු කර එයට උඩින් ග්‍රැනෝලා එකතු කරන්න

රස අනුව මී පැණි එකතු කරගන්න

Protein-Packed Omelets

අවශ්‍ය වෙන්නේ මේ දේවල්

බිත්තර 2

තම්බා ගත් කුකුල් මස් කෝප්ප 1/2

නැවුම් නිවිති කොළ කෝප්ප 1/2

චොප් කරගත් බොම්බයි ළූණු ගෙඩි 1/2

චොප් කරගත් තක්කාලී ගෙඩි 1/2

චොප් කර ගත් අමුමිරිස් කරල් 2

චීස් ස්වල්පයක් 

රස අනුව ලුණු සහ ගම්මිරිස් 

හදන්නේ මෙහෙමයි 

තම්බාගත් කුකුල් මස් කුඩාවට කඩා ගෙන එය භාජනයකට එකතු කර ගන්න

ඉන්පසුව එයට බිත්තර , බොම්බයි ළූණු, තක්කාලි , අමුමිරිස් , චීස් සහ රස අනුව ලුණු , ගම්මිරිස් එකතු කර ගන්න  

පෑන් එකක් ලිප තබා එයට ඔලිව් තෙල් ස්වල්පයක් එකතු කර බිත්තර මිශ්‍රණය එකතු කරන්න

අවසානයට කුඩාවට කපාගත් නිවිති එකතු කරන්න

Chickpea flour pancakes

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

කඩල පිටි කෝප්ප 1

කිරි කෝප්ප 1

බිත්තර 1

කුඩාවට කපාගත් කැරට් , ළූණු , බෙල් පෙපර් සහ නිවිති කෝප්ප 1 

රස අනුව ලුණු

කහ ස්වල්පයක් 

සූදුරු ස්වල්පයක් 

හදන්නේ මෙහෙමයි 

භාජනයක් ගෙන එයට කඩල පිටි , කිරි සහ බිත්තර එකතු කර හොඳින් මිශ්‍ර කරන්න

ඉන්පසුව එයට කුඩාවට කපාගත් එළවලු එකතු කරන්න 

රස අනුව ලුණු එකතු කර කහ සහ සූදුරු ස්වල්පයක් ද මිශ්‍ර කරන්න

පෑන් එකක් ලිප තබා කැමති තෙල් වර්ගයක් හෝ බටර් වර්ගයක් එයට එකතු කර පෑන් කේක් සකස් කර ගන්න 

High protein overnight oats 

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

ඕට්ස් කෝප්ප 1

ග්‍රීක් යෝගට් කෝප්ප 1

කැමති වර්ගයකින් කිරි කෝප්ප 1

චියා සීඩ්ස් මේස හැඳි 2

මී පැණි මේස හැඳි 2

පෙති කපා ගත් කෙසෙල් ගෙඩි 1

රටකජු ස්වල්පයක්

පීනට් බටර් මේස හැඳි 2

හදන්නේ මෙහෙමයි

සුදුසු භාජනයක් හෝ වීදුරු බඳුනක් ගෙන එයට ඕට්ස් , ග්‍රීක් යෝගට් , කිරි සහ චියා එකතු කර හොඳින් මිශ්‍ර කරන්න

මෙය සම්පූර්ණ රැයක් ශීතකරණයේ තබන්න

ආහාරයට ගැනීමට පෙර මී පැණි , කෙසෙල් , රටකජු සහ පීනට් බටර් එකතු කරගන්න

Peanut Butter Protein Smoothie

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

ආමන්ඩ් කිරි කෝප්ප 1

කෙසෙල් ගෙඩි 1

පීනට් බටර් මේස හැඳි 2 

ප්‍රෝටීන් පව්ඩර් මේස හැඳි 2 ( අවශ්‍ය නම් පමණක්) 

අයිස් කැට 

සියලුම අමු ද්‍රව්‍ය හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න 

Protein-Packed Smoothie Bowl

හදන්නේ මෙහෙමයි 

අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

ප්‍රෝටීන් පව්ඩර් ස්කූප් 1

කෙසෙල් ගෙඩි 2

නිවිති කෝප්ප 1

ආමන්ඩ් කිරි කෝප්ප 1

ග්‍රැනෝලා කෝප්ප 1/2

මිශ්‍ර බෙරි කෝප්ප 1

හදන්නේ මෙහෙමයි 

ප්‍රෝටීන් පව්ඩර් , නිවිති, කෙසෙල් ගෙඩියක්  සහ ආමන්ඩ් කිරි හොඳින් බ්ලෙන්ඩ් කරගන්න

සකස් කරගත් ස්මූති එක භාජනයකට එකතු කර ගන්න

එයට උඩින් පෙති කපා ගත් ඉතිරි කෙසෙල් ගෙඩිය , ග්‍රැනෝලා සහ මිශ්‍ර බෙරි එකතු කර ගන්න 

Related Articles

Don't Miss


Latest Articles