මොකද්ද මේ ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණය කියන්නෙ?

0
491

සෞඛ්‍යය කෙරෙහි මනා අවධානයකින් සිටින ඔබට, මෙන්ම ඔබේ පවුලේ අයට හෘදය සම්බන්ධ කටයුතුවලදී භාවිතාකරන පරීක්ෂණ පිලිබඳ ඇති දැනුවත් බව ඉතාමත්ම වැදගත් වනවා. පපුවේ යම් වේදනාවක් දැනෙන විට බොහෝ දෙනා බියවන්නේ එය හෘදය ආශ්‍රිත රෝගයක්ද කියල. එහිදී ඔසු ලබා දෙන්නේ රෝගය කුමක්ද කියා හඳුනා ගන්නා පරීක්ශන කිහිපයකට පසුවයි. මූලික ප්‍රතිකාර වලදී යම් සැක සහිත තත්වයක් තිබේ නම් මේ පරීක්ෂණය සඳහා යොමුකරනු ලබනවා. හෘද නාල අවහිරතාවයක් හඳුනාගැනීමට මේ පරීක්ෂණය ඉතාමත්ම වැදගත් වනවා.

කොහොමද කරන්නෙ?

මේ පරීක්ෂණය කරන්නේ රෝගියාගේ අතෙන් හෝ පාදයෙන්. අතට හෝ පාදයට සුලු කැපුමක් යොදා හර්ද නාළ වලට කැතීටරයක් මගින් ඩයි වර්ගයක් ඇතුලුකර එමගින් අවහිර වූ නාල සොයාගැනීම කරනවා. මෙම ඩයි යවන්නේ රතු රුධිරාණු හරහා. එසේ රතු රුධිරාණු හරහා යවන විට ඩයි වර්ගයේ පාට වෙනස් වෙනවා. ඉන් අවහිරතාවය පැහැදිළි වෙනවා. මේ සඳහා භාවිතා කරන ඩයි වර්ග රාශියක් තිබෙනවා. මෙහිදී වකුගඩු වලට අහිතකර නොවන ඩයි වර්ගයක් තෝරා ගත යුතුයි. එය වෛද්‍යවරුන් විසින් සිදු කරනවා. ඒ නිසා ඒ ගැන බියවිය යුතු වෙන්නේ නැහැ. ඩයි වර්ගයක් යවන්නට වෙන්නේ අවහිරතාවය හඳුනාගැනීමට වන අතර එහි ප්‍රතිපල අනුව රෝගියාට අවශ්‍ය ප්‍රතිකාරය කුමක්ද කියා තීරණය කරනවා. ඒ අනුව බයිපාස් සැත්කමක් අවශ්‍යද හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරය සුදුසු ද හෝ ඔසු මගින් සුව කරගත හැකිද යන්න තීරනය වනවා.

කියවන්න :  යෝග ව්‍යායාමයකින් දවස අරඹමු… පහසුවෙන් නිරෝගී වෙමු

පරීක්ෂණයකට පෙර මෙන්න මේ ගැනත් අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න

  • මෙවැනි පරීක්ෂාවකදී සමහරවිට අසාත්මිකතාවන් ඇතිවිය හැකියි. එම නිසා ඒ ගැන කල්පනාකාරී විය යුතුයි.
  • වෛද්‍ය නියමය අනුව මෙය ඕනෑම වතාවක් සිදුකල හැකියි. එක්වරකදී හෝ අසාත්මික තත්වයක් පැමිණියහොත් ඒ ගැන වෛද්‍යවරයා දැනුවත් කලයුතුයි.
  • පරීක්ෂණයට පෙර පැය හතරකට පමණ පෙර ආහාරපාන නතර කළයුතු වනවා. නමුත් හදිසියේ රෝගාතුරවී නතරවීමේදී එවැනි දෑ බලන්නේ නැහැ.
  • ඕනෑම වයසක අයෙකුට මෙම පරීක්ෂණයට සහභාගි වෙන්න පුලුවනි. මාස හතරක දරුවෙකුට පවා මෙම පරීක්ෂණය සිදුකර තිබෙනවා.
  • පරීක්ෂණයේදී ඩයි ශරීරගත වීමෙන් විජලනය ඇතිවුවහොත් එය වකුගඩු වලට ඉතාමත්ම හානිකර වනවා. ඒ නිසා හොඳින් ජලය පානය කිරීම ඉතාමත්ම වැදගත්.
  • දියවැඩියාව, කොලෙස්ටරෝල්, රුධිර පීඩනයට බෙහෙත් ගන්නා කෙනෙක්නම් ඒවා නතරකලයුතු නැහැ. එසේම වරක් ඩයිවර්ගය අසාත්මික වූ කෙනෙකුට නැවත මෙම පරීක්ෂාව සිදු කරන්නේ නැහැ.
  • ගර්භනී මවකට මෙම පරීක්ෂාව සිදුකිරීමේදී වැඩෙන කළලය අවහිර කර පරීක්ෂණය සිදුකරනු ලැබේ.
  • මෙහිදී විකිරණ සුලු ප්‍රමාණයක් ශරීර ගතවනවා. එහෙත් ඒ සුලු ප්‍රමාණයක්.
  • පරීක්ෂණයට පෙර රෝහල් ගත විය යුතුයි. පුද්ගලික අoශයේ නම් පැය හතරකට පෙර රෝහල් ගතවීම ප්‍රමාණවත්.
  • පරීක්ෂණයෙන් පසුව අත හෝ පාදය තරමක් වේදනා ගෙනදෙනවා. රතු පැහැ විය හැකියි. රුධිරය පිට වීමට ඉඩ තිබෙනවා. ඇදුම, හතිය ඇති කෙනෙකුට පරීක්ෂණයට පෙර ඖෂධ ලබා දෙනවා.
  • පරීක්ෂණයෙන් පැය හතරකට පසුව රෝගියාට නිවසට යා හැකියි. නමුත් වාහන පැදවීම, ආහාර පිසීම, ගෙදර වැඩ කිරීම දිනක් පමණ යනතෙක් සිදු නොකළ යුතුයි.
කියවන්න :  ගර්භණි සමයේ ඇතිවන මුත්‍රා ආසාදන ගැන දැනගන්න

– චම්මි –