වැඩිපුර වතුර පානය කිරීමේ ගැටළු (Overhydration or Water Intoxication)
අපි හැමෝටම ජිවත් වෙන්න නම් ආහාර වගේම ජලයත් අවශ්‍ය බව ඔබ දන්නවා. ඒ සඳහා ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් පානය කිරීම අත්‍යාවශ්‍යයි.
වෛද්‍යවරුන්ගේමතය අනුව දවසකට වතුර ලීටර් 2- 3 අතර ප්‍රමාණයක් පානය කිරීම ප්‍රමාණවත්. නමුත් ශාරීරික තත්ව, කාලගුණ වෙනස්කම්, සෞඛ්‍යමය හේතු මත මේ ප්‍රමාණ වෙනස් වෙන්නත් පිලිවන්. සම වියලීමෙන් වැලකිලා නීරෝගී සමක් පවත්වාගන්නට ජලය නියමිත ප්‍රමාණයෙන් පානය කිරීම කියන්නේ අත්‍යාවශ්‍යම කාරනාවක්.
ඒත්, අපි මේ අද කියන්න යන්නේ නව සමික්ෂණ වලට අනුව හොයාගෙන තියෙන ඔබ මෙතෙක් කල් නොදැන උන්න කතාවක්.
ඒ අනුව අවශ්‍ය ප්‍රමාණයට වඩා වතුර පානය කිරීමත් අපේ සෞඛයට සුදුසු නොවන බව පැවසෙනවා. ඒ අනුව අවශ්‍ය ප්‍රමාණයට වඩා ජලය පානය කිරීමෙන් ශරීරයටට යම් අහිතකර බලපෑම් ඇති වෙන්න පුලුවන් බව තමයි කියැවෙන්නේ. මෙම ක්‍රියාවලිය “ජල විෂක්තිකරණය” (Water Intoxication) හෝ “හයිපොනැට්‍රීමියාව” (Hyponatremia) ලෙස හඳුන්වනවා. මේ තත්වයඔබව තාවකාලින කආ තත්වයන්ට හෝ සදාකාලික මරණයට පවා පත් කරන්නට පිලිවන් .
වැඩිපුර වතුර පානය කිරීමෙන් ඇතිවන ප්‍රධාන ගැටළු පහත විදියට පෙලගස්වන්න පුලුවන්.
හයිපොනැට්‍රීමියාව (Hyponatremia)
මෙය සිරුරේ ලේ Na⁺ (සෝඩියම්) මට්ටම අසාමාන්‍ය විදියට අඩුවීමක්.. වතුර බොහෝ වශයෙන් පානය කළ විට, සිරුරේ ඇති සෝඩියම් සාන්ද්‍රණය අඩු වෙනවා. මේ විදියට ශරීරගත සෝඩියම් මට්ටම අඩු වෙනකොට,
හිසරදය
කැස්ස
ඇවිදීමේ අපහසුතා
අසමතුලිත බව වගේම
ඇතැම් හානිදායක අවස්ථාවලදී කම්පන තත්ව සහ මරණය පවාඇති වෙන්න පුලුවන්.
සෛල වල අසාමාන්‍ය විශාල වීම්
අධික ව ජලය පාලනය කිරීම එක්ක, රුධිරයේ සෝඩියම් මට්ටම ඉහල යෑම නිසා සෛල තුල සහ පිටත ජල සමතුලිතතාවයේ යම් වෙනස් වීම් ඇති වෙනවා. එහෙම වුනාම සෛල වල ප්‍රමාණය වෙනස් වෙනවා. විශේෂයෙන්ම මොළයේ සෛල වල මේ විදියට වෙනස් වීම මරණය පවා ඇති කරන්න පිලිවන්.
වයස්ගත පුද්ගලයින් හා ගර්භනී මව්වරුන්ට ඇති බලපෑම්
මේ අයගේ මූත්‍රා පිටවීම සමහරවෙලාවට අඩුවීම් තියෙන්න පුලුවන්. එහෙම වෙලාවට වතුර ගබඩා වීම වැඩි වශයෙන් සිදු වෙන්න පුලුවන්. එහෙම තත්වෙකින්, හෘද ස්පන්දන ගැටළු වගේම රුධිර පීඩනය අඩුවීමක් ඇතිවෙන්න පිලිවන්. වයස්ගත පුද්ගලයන්ගේ සහ ගර්භනී තත්වයේ ඉන්න අයට මේ රෝගාබාධ නිසා ඇතිවෙන බලපෑම අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ.
මුත්‍රා පද්ධතියේ බලපෑම්:
වතුර වැඩිපුර , සීමාවක් නැතිව එක දිගටම පානය කරනකොට , වකුගඩු වලට නොනවත්වාම ඉතා ඉහළ සීඝ්‍රතාවයකින් ක්‍රියා කරන්ම වෙනවා. මෙහෙම වැඩ කිරීමෙන් ඒවා මත අධික පීඩනයක් ඇතිවෙන්න පුලුවන්. ඒ පීඩනය නිසා මුත්‍රා පිටකිරිම හා අදාළව යම් යම් සංකූලතා ඇතිවෙන්නත් පුලුවන්. ඒ වගේම නිතර නිතරම මුත්‍රා පිට කරන්නට සිදුවීම තුළ ඔබේ එදිනෙදා රැකියා කටයුතු, අධ්‍යාපන කටයුතු වගේම ඔබේ පෞරුෂයටත් යම් හානිදායක තත්වයක් ඇති වෙන්න පුලුවන්. විනාඩි දහයෙන් දහය වැදගත් රැස්වීමක් අතරමැද නැගිටලා යන්න සිදුවීම පහසු අත්දැකීමක් නොවන බව ඔබට වැටහෙනවානේ.
කෝමා තත්වයට පත්වීම
අයන අසමතුලිතතාවය සහ සෛල වල ප්‍රාමාණිකව සිදුවන වෙනස්වීම නිසා මොළය තුළ සිදුවන රසායනික ක්‍රියාවලින් වල වෙනස්කම් ඇතිවෙනවා. සාමාන්‍ය ක්‍රියාවලි වලින් අපගමනය වෙන මෙම වෙනස්කම් නිසා ඔබ තාවකාලික කෝමා තත්වයට වුනත් පත්වෙන්න පුලුවන් .
ඔබ සීමාව ඉක්මවා ජලය පානය කරන කෙනෙක්දැයි සොයා ගත හැකි ලක්ෂණ.
නිතරම මුත්‍රා යාම – මෙතනදී නිතරම කියන එකෙන් අදහස් වෙන්නේ පැයක හතර පස් වතාවක් මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වීම.
පැහැදිලි, වතුර මෙන්ම පැහැති මුත්‍රා – මුත්‍රා වල තිබිය යුතු ලාක්ෂණික කහ පාට නැතුව අවර්ණ පෙනුම මුත්‍රා පිටවීම
ශරීරයේ පීඩනයක් දැනීම
හිස කැක්කුම දිගින් දිගටම පැවතිම
අසාමාන්‍ය වශයෙන් හුස්ම ගැනීම අපහසු වීම
ජලය සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වුවද, “වැඩිපුර වතුර — හොඳ නැත” යන කාරණාව ඔබ අනිවාර්‍යෙන්ම මතා තබා ගත යුතු බව මින් පැහැදිළි වෙනවා . ඔබේ ශරීරයෙට අවශ්‍ය ලෙස, හටගන්නා අවශ්‍යතා අනුව ජලය පානය කිරීම වගේම , මුත්‍රා පිටකිරීම , දහඩිය සහ පරිසර වාතාවරණය සැලකිල්ලට අරගෙන තමාගේ දෛනික ජල පරිභෝජනය තීරණය කරන එක වැදගත්.
ReplyForwardAdd reaction |