හිස කෙස් වර්ධනය වේගවත් කරන ස්වභාවික තෙල්

දිගු, සෞඛ්‍ය සම්පන්න සහ නිරෝගී කෙස් කලඹක් කියන්නේ කාන්තාවන් ගේ සිහිනයක්. ජාන විද්‍යාව, දෛනිකව ලබා ගන්නා ආහාර සහ සමස්ත සෞඛ්‍යය හිසකෙස් වර්ධනය සඳහා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන අතර හිස කෙස් නීරෝගිව සහ ශක්තිමත්ව වර්ධනය කර ගැනීම සඳහා නවීන තාක්ෂණික ක්‍රම මෙන්ම ස්වභාවික ක්‍රම බොහෝමයක් ද ලෝකයේ ප්‍රචලිතව තියෙනවා. හිසකෙස් වර්ධනය වේගවත් කිරීමට උපකාරී වන වඩාත් ඵලදායී ස්වාභාවික තෙල් වර්ග කිහිපයක් ගැනයි අද අපි මේ ලිපියෙන් ඔබට කියන්නේ.

එඬරු තෙල්

එඬරු තෙල් රිසිනොලෙයික් අම්ලය, විටමින් E, ඔමේගා-6 මේද අම්ල අම්ල වලින් පොහොසත් තෙල් වර්ගයක් ලෙස සැලකෙනවා.

හිසකෙස් වර්ධනය වැඩි දියුණු කිරීම සඳහා එඬරු තෙල් වඩාත් ජනප්‍රිය ස්වාභාවික තෙල් වලින් එකක් ලෙස හඳුන්වන්නට පුළුවන්. එහි ඝන වයනය හිස්කබල ගැඹුරින් පෝෂණය කිරීම,  රුධිර සංසරණය වැඩි දියුණු කිරීම , හිස කෙස් ඇතුළතින් ශක්තිමත් කිරීම සහ හිසේ කැක්කුම අඩු කිරීම සිදු කරනවා . එඬරු තෙල් වල රිසිනොලෙයික් අම්ලයේ ඉහළ අන්තර්ගතය නිරෝගී කෙස් කළඹ ප්‍රවර්ධනය කරන අතර හිස කෙස් වර්ධනය වේගවත් කරයි.එඬරු තෙල් හිසකෙස් වලට පහසුවෙන් යෙදීම සඳහා පොල්තෙල් වැනි සැහැල්ලු තෙල් වර්ගයක් සමඟ මිශ්‍ර කර භාවිතා කිරීමට හැකියාව තියෙනවා.

පොල්තෙල්

පොල්තෙල් ලෝරික් අම්ලය, විටමින් E සහ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ස්වාභාවික තෙල් වර්ගයක්.

පොල්තෙල් කෙස් ගසේ විනිවිද යන අතර එය ඇතුළත සිට පෝෂණය කරනවා . එම ස්වාභාවික ක්‍රියාවලිය මගින් හිසකෙස් ශක්තිමත් කිරීම , හිස කෙස් වලට ප්‍රෝටීන් ලබාදීම , සහ හිසකෙස් විවිධ හානි වලින් ආරක්ෂා කිරීම සිදු කරනවා . උණුසුම් පොල්තෙල් සමඟ මෘදුව හිස්කබල සම්බාහනය කිරීමෙන් රුධිර ප්‍රවාහය උත්තේජනය කර හිසකෙස් නීරෝගීව වර්ධනය කිරීම වේගවත් කළ හැකි අතර අකලට හිසකෙස් කැඩී යාම වළක්වා ගැනීමද කළ හැකි වෙනවා.

රෝස්මරී තෙල්

රෝස්මරී තෙල් ප්‍රතිඔක්සිකාරක සහ හිස කෙස් වර්ධනයට අවශ්‍ය තවත් පෝශ්‍ය පදාර්ථ වලින් පොහොසත් වනවා

රෝස්මරී තෙල් මගින් නව හිසකෙස් වර්ධනය උත්තේජනය කරන අතර එය සෛලීය උත්පාදනය වැඩි දියුණු කරමින් හිස්කබලේ රුධිර සංසරණයද වැඩි දියුණු කරනවා. වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා පොල්තෙල් වැනි තවත් ස්වාභාවික තෙල් වර්ගයක් සමග තනුක කර භාවිතා කළ හැකියි.

ආගන් තෙල්

විටමින් E, අත්‍යවශ්‍ය මේද අම්ල ආගන් තෙල් වල අඩංගු වනවා.

හිස් කබලේ ස්වභාවික තෙතමනය ආරක්ෂා කිරීමට වගේම හිස්කබලට තෙතමනයක් ලබා දීමටත් ආගන් තෙල් වලට හැකියාව තියෙනවා.ඊට අමතරව ඇතුළතින් පෝෂණය කර හිසකෙස් කැඩී යාම වලක්වමින් හිස කෙස් නීරෝගී සහ ශක්තිමත් කිරීමටද ආගන් තෙල් ක්‍රියා කරනවා. 

ජොජෝබා තෙල්

විටමින් බී සහ ඊ, සින්ක් සහ තඹ වැනි හිස කෙස් වලට වැදගත් පෝෂ්‍ය පදාර්ථ ජොජෝබා තෙල් වල අඩංගු වෙනවා.

ජොජෝබා තෙල් හිස්කබලේ ස්වාභාවික සෙබම් වලට සමීපව සමාන වන අතර, එය තෙල් නිෂ්පාදනය සමතුලිත කිරීමට හා තෙතමනය ආරක්ෂා කිරීමට ක්‍රියා කරනවා. ඒ වගේම හිසකෙස් කැඩී යාම සහ ගැලවී යාම වලක්වා නව හිසකෙස් වර්ධනය වැඩි දියුණු කිරීමද සිදු කරනවා.

ළූණු තෙල්

ළූණු තෙල් සල්ෆර්, ප්‍රතිඔක්සිකාරක සහ හිස කෙස් වල වර්ධනයට අවශ්‍ය තවත් බොහෝ අමුද්‍රව්‍ය වලින් පොහොසත් වනවා.

ඒ වගේම ළූණු තෙල් කෙස් කළඹට අවශ්‍ය රුධිර සංසරණය වැඩි දියුණු කිරීම, හිසකෙස් වැටීම වැළැක්වීම සහ නැවත වර්ධනය උත්තේජනය කිරීම සඳහා ප්‍රසිද්ධ තෙල් වර්ගයක් . එහි ප්‍රතිබැක්ටීරීය ස්වභාවය හිසේ කැක්කුම සහ ආසාදන වලින් තොරව නිරෝගී හිස් කබලක් පවත්වා ගැනීමට ද උපකාරී වනවා.

ගම්මිරිස් තෙල්

මෙන්තෝල්, ඔමේගා-3 මේද අම්ල වලින් ගම්මිරිස් තෙල් පොහොසත් බව සැලකෙනවා.

ගම්මිරිස් තෙල් ප්‍රධාන වශයෙන් සිසිල් සංවේදනයකින් හිස්කබල උත්තේජනය කිරීම සිදු කරනවා.ඊට අමතරව හිසේ රුධිර ප්‍රවාහය වැඩි කරමින් හිසකෙස් වර්ධනය ප්‍රවර්ධනය කරනවා. ඒ වගේම අකලට හිස කෙස් වැටීම බොහෝ දුරට පාලනය කරනවා. මේ තෙල් වර්ගයේ හිස් කබලට ආලේප කිරීමේදී පොල්තෙල් වැනි සැහැල්ලු තෙල් වර්ගයක් සමඟ ආලේප කිරීමෙන් ආලේප කිරීම පහසු කරනවා මෙන්ම ප්‍රතිඵල ලබා දීමද වේගවත් කරනවා.

ඔලිව් තෙල්

ඔලෙයික් අම්ලය, ප්‍රතිඔක්සිකාරක, විටමින් E වලින් ඔලිව් තෙල් පොහොසත් වනවා.

ඔලිව් තෙල් හිසකෙස් මුල් ශක්තිමත් කරමින් හිස කෙස් කැඩී යාම වළක්වනවා. ඒ වගේම හිස්කබලේ තෙතමනය ආරක්ෂා කරමින් සහ හිස් කබල සමනය කරමින් නව හිසකෙස් වර්ධනය සඳහා ශක්තිමත් පරිසරයක් නිර්මාණය කිරීමද සිදු කරනවා.

හිසකෙස් වර්ධනය සඳහා ස්වභාවික තෙල් භාවිතා කරන ආකාරය 

උණුසුම් තෙල් ප්‍රතිකාරය

ඔබ තෝරා ගන්නා තෙල් වර්ගය තරමක් උණුසුම් කර හිස් කබලේ ගල්වමින් සම්බාහනය කරන්න. සේදීමට පෙර අවම වශයෙන් විනාඩි 30ක් හෝ එක ‍රැයක් තබන්න.

හිස්කබල සම්බාහනය

හිස්කබලේ රුධිර සංසරණය වැඩි කිරීම සඳහා ඔබ තෝරා ගන්නා තෙල් වර්ගය හිස් කබලේ මිනිත්තු 5-10ක් මෘදු ලෙස සම්බාහනය කරන්න.

තෙල් ආවරණ

ඔබ කැමති තෙල් වර්ග දෙකක් හෝ තුනක් එකතු කර, හිසකෙස් වල මුල් වල සිට කෙළවර දක්වා ආලේප කර, පැය 1-2කට පසු සෝදා හරින්න.

ස්වාභාවික තෙල් වර්ග යනු හිසකෙස් වර්ධනයට සහාය වීම සඳහා ආරක්ෂිත සහ පලදායිම ක්‍රමයයි. මීට අමතරව හිසකෙස් වර්ධනය සහ හිස කෙස් වැටීම වළක්වා ගැනීම සඳහා හොඳ ආහාර රටාවක් අනුගමනය කිරීම  ,ආතති තත්ත්වයන් පාලනය කර ගැනීම ද වැදගත් වනවා. හිස කෙස් වලට සත්කාර කිරීම දින කිහිපයකට වරක් හෝ සතිපතා දිගින් දිගටම සිදු කිරීමෙන් ඔබට ඉතා හොඳ ප්‍රතිඵල ලබාගත හැකි වනවා.

Related Articles

Don't Miss


Latest Articles