පුංචි පැටියට කෑම කවන ඔබ සැලකිලිමත් විය යුතුම දේවල්

මව්කිරිත්, දියර ආහාරත් හුරු ඔබේ පොඩිත්තට ආහාර දෙන්න පටන් ගත්තම බබා එයට හුරු කරගන්න ඔබට බොහෝ අපහසුතා පැන නඟින්න ඇති. අපේ මේ උත්සාහය එයට ඔබට උදව්වක් වෙන්නයි.

ඒ සඳහා ඔබ සැලකිලිමත් වෙන්න ඕන කාරණා මෙන්න මේ දේවල්.

  1. මුලින්ම එක් එක් එළවලුවට බබා දක්වන ප්‍රතිචාර ගැන දැනගන්න. බබාගේ ප්‍රියතාවයන් වගේම අසාත්මිකතා ගැනත් ඔබට අවබෝධ කරගන්න පුලුවන්. මේවායින් මත් ගෑ බත් එක සකසා ගන්න.
  2. Feeding chair එක හෝ කෑම කන නිශ්චිත ස්ථානයක් බබාට හුරු කරවන්න.
  3. ඇවිදිමින් ආහාර ගන්නට බබාව මෙහෙයවන්න එපා.
  4. ආහාර වේල් විවිධ කරන්න. මත් ගෑ බත්, පැස්ටා, තැම්බු එළවළු, සැකසූ ඕට්ස්, පළතුරු කැබලි ආදී ලෙස.
  5. කෑම ලබා දෙන්නට කාල සටහනක් තබා ගන්න. ඒ කාල සටහන අනුව උදේ දවල් රාත්‍රී ආහාර ලබා දෙන්න. අතරමැද විවිධ දේ ලබා දෙන්න එපා.බබා නියමිත වෙලාව එනවිට කුසගින්නට පත් වී හිඳීවි.
  6. වේල් තුන අනිවාර්යයෙන් වෙනස්කම් සහිතව ලබා දෙන්න.
  7. සැර කර, බිය ගන්වා ආහාර ලබා දෙන්න එපා.
  8. අනිත් දරුවන් සමඟ ඔබේ දරුවාගේ බර සංසන්දනය කරන්නත් අනිත් දරුවන් ගන්නා තරමට ආහාර කැවීමට උත්සාහ ගන්නත් එපා. දරුවා වයසට නියමිත බර දරනවා නම් ප්‍රමාණවත්.
  9. විවිධ ආහාර වර්ග දරුවාට නිතර හඳුන්වා දෙන්න.
  10. මාස නවයෙන් පසු තනිව ආහාර ගන්නට ටිකෙන් ටික පුරුදු කරන්න.

වසරක් පමණ ගත වෙන තුරු දරුවාට මව්කිරි ලබා දීමත් මේ අතර සිදු කරන්න. වසරකට පසුත් දරුවා මව්කිරි සොයනවා නම් එය දරුවාට සුදුසු නැතැයි ඔබ බියට පත් නම් ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන ලිපියක් අපේ වෙබ් අඩවියේ ඇති. සොයාගෙන කියවන්න අමතක කරන්නත් එපා.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles