තරුණ පෙනුම හොරා ගන්නා ආහාර සහ පුරුදු

“එයා නම් තාම කෙල්ල වගේ අනේ කොහොමද මන්දා එච්චර ලස්සනට ඉන්නෙ?” කියලා සමහරු ගැන අපි කතාකරනවනෙ. අපි සමහර වෙලාවට හිතනවා ඔය වයසට යන එක නතර කරන ඉන්ජෙක්ශන් වගේ දේවල් ඒ ලස්සන තරුණ පෙනුම පිටිපස්සෙ තියෙන්න පුලුවන් කියලා.

වයසට යාම කියන්නේ නතර කරගන්න පුලුවන් දෙයක් නෙමෙයි. නමුත් අපේ පෙනුම වයසට නොයා රැකගන්න පුලුවන් . අපි අපේ සෞඛ්‍ය ගැන , පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙනවා නම් තරුණ පෙනුම රැකගෙන ඇත්ත වයසට වඩා ගොඩක් අඩු වයසක් පේන්න ලස්සනට ඉන්න අපට පුලුවන් . මේ ලිපියෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ ඉක්මනින් වයසට යන ඉක්මනින් සම රැලි වට්ටන අපි නිතර පුරුදු වූ ආහාර සහ ආහාර රටා සම්බන්ධ විස්තර කිහිපයක්.

සීනී

තරුණ පෙනුම නැති කරන්න හේතුවෙන ආහාර අතරින් ප්‍රධානම තැනක් ලැබෙන ආහාර වර්ගයක් තමයි සීනි කියලා කියන්නෙ. අයිස්ක්‍රීම් වලින් පටන් ගත්තම මේ සීනි, high sugar තියෙන හැම ආහරයක්ම අපිව ඉක්මනට වයසට යවනවා. මෙතනදි මේ පැණි බීම සහ පලතුරු බීම වගේ දේවල් විශේෂයි. අපි හිතනවනෙ මේ වෙලඳපලෙන් ගන්න තියෙන පලතුරු බීම බිව්වම ඒවයි ගොඩක් සීනි අඩංගු වෙනවා. මොකද පලතුරු කල්තියාගන්න හෝ රසගන්වන්න සීනි දාන නිසා. ඉතින් මේ සීනි glycation කියන ක්‍රියාවලියට බාජනය උනාට පස්සෙ ඒක එපේ හමේ තියෙන කොලැජන් වලට හානි කරනවා.

සෝඩා බීම

දෙවනි එක තමා සෝඩා. සෝඩා කිව්වම කාබෝහයිඩ්‍රේට් අඩංගු හැම බීමක්ම මේකට අඩංගු වෙනවා. අද කාලේ ගත්තම පාටියක්, වෙඩින් එකක්, යාලුවො එක්ක එලියට ගියාම මේ සෝඩා බීම නැතුවම බෑනෙ. මේ සෝඩා බීම වල හයි ෆෘක්ටෝස් කෝන් සිරප් එහෙම තියෙනවා. ඒවා බිව්වම අපේ සිරුර ඇතුලෙ කාබණීකරණය කියන රසායනික ක්‍රියාවලිය වෙන්න ගන්නවා වගේම ඒක නිසා හම වියලෙන්න ගන්නවා. කොච්චර වතුර බිව්වත් ඒක නතර කරගන්න පුලුවන් වෙන්නෙ නෑ වගේම ඒක නිසාම හම වයසට යන්න පටන් ගන්නවා.

ට්‍රාන්ස් මේද තියෙන ආහාර

තුන්වෙනි එක තමයි මාජරින් සහ පොප්කෝර්න් ඇතුලු ට්‍රාන්ස් මේද තියෙන ආහාර.මේ ට්‍රාන්ස් මේද තියෙන ආහාර වැඩිපුර ගත්තම අපේ හමට හිරු එලියෙන් ආරක්ෂා වෙන එක ටිකක් අමාරු දෙයක් වෙනවා. ඒ නිසා හිරු එලියේ තියෙන පාරජම්බුල සංඝටක කෙලින්ම අපේ සිරුරට පතිත වෙනවා. ගිරු එලියට නිරාවරණය වීම සහ හම ආරක්ෂා නොවීම නිසාත් හම වයසට යන්න පටන් ගන්නවා.

MSG සහ අනෙකුත් රසකාරක

අපි එලියට ගිහින් කන ගොඩක් ෆ්‍රයිඩ් රයිස්, කොත්තු වල මේ MSG එහෙම නැත්තම් අජිනමොටෝ කියන දේ අඩංගු වෙනවා. මේ අජිනමොටෝ එහෙම නැත්තම් MSG කියන්නෙත් අපේ හම වයසට යවන්න හේතුවෙන තවත් එක ආහාර වර්ගයක්.

Alcohol

Alcohol කියන්නෙත් අපේ හම විජලනයට ලක් කරන්න ලොකුවටම බලපාන දෙයක්. ඒ වගේම විජලනයට පත්වෙනවා විතරක් නෙවෙයි හම රැලි වට්ටන්නත් හේතු වෙනවා.

පිළිස්සූ මස් සහ සැකසූ මස්

පිළිස්සූ මස් සහ සැකසූ මස් නිතරම ආහාරයට ගනිද්දි අපේ ඇඟ ඇතුලෙ chronic inflammation කියන තත්ත්වය ඇතිවෙනවා. මේකෙදි වෙන්නෙ හැමවෙලාවෙම අපේ හම මත සෛල සහ සුදු රුධිරාණූ අලුතෙන් හදන්න commands දෙනවා. එතකොට අපිට තියෙන වයසට වඩා වැඩි වයසක සෛල තමයි හදන්න command එක දෙන්නෙ. ඒක නිසාත් වයස්ගත වීමක් වෙන්න පුලුවන්.

Caffeine සහ ලුණු

Caffeine සහ ලුණු කියන දෙකමත් අපේ හම වයසට යවන්න, කොලැජන් අඩු කරන්න හේතුවෙනවා. මේකෙදි කියන්නෙ කෝපි වගේ දේවල් බොන්න එපා කියලා නෙවෙයි. ඕනවට වඩා මේවා පරිභෝජනය කරන්න එපා කියන එක.

ලුණු අධික ආහාර ගන්න එකෙන් වෙන්නෙත් මෙන්න මේ වගේ දේවල්.

මේ වගේ ආහාර ගන්න එකෙන් ඔයාගෙ හම වයසට යන්න හේතුවෙනවා කියලා ඔය දන්නවනෙ. එතකොට මොකද්ද ඒකෙන් වලකින්න ඔයා කරන්න ඕන? මේ ආහර අඩුවෙන් ගන්න එක. ගන්න එපා කියලා නෙවෙයි අපි කියන්නෙ, ඕනවට වඩා ඕනම දෙයක් හොඳ නෑ කියන එක.

Related Articles

Don't Miss


Latest Articles