ඩයට් කරන ඔබ ආහාර වේලට එකතු කර ගත යුතුම තන්තු බහුල ආහාර

බර අඩු කර ගැනීම සඳහා විවිධ ඩයට් ක්‍රම අනුගමනය කරන ඔබට , ඔබ ආහාරයට ගත යුතු සහ නොගත යුතු ආහාර පිළිබඳව හොඳ දැනුවත්භාවයක් තියෙන්නට ඕනේ. බර අඩු කරගැනීමට උත්සාහ කරන ඔබට කෙඳි සහිත ආහාර එහෙමත් නැතිනම් තන්තු බහුල ආහාර වඩාත් සුදුසු බව ඔබ දැනටමත් දන්නවා.තන්තු බහුල ආහාර ඔබේ ආහාරයට එකතු කර ගැනීමෙන් ආහාර දිරවීම පහසු කරනවා වගේම, පරිවෘත්තීය ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමටත් උපකාරී වනවා. ඩයට් කරන ඔබ ඔබේ ආහාර වේලට එකතු කර ගත යුතු තන්තු බහුල ආහාර මොනවද ? මේ ලිපියෙන් ඔබට කියන්නේ ඒ ගැනයි

අලිගැට පේර

අලිගැටපේර කියන්නේ බොහෝ දෙනා ප්‍රිය කරන පළතුරක්.මෙහි සම්පූර්ණ ආහාරමය තන්තු ග්‍රෑම් 9.2 ක ප්‍රමාණයක් අඩංගු වෙනවා.සෞඛ්‍ය සම්පන්න මේද අඩංගු අලිගැටපේර ඔබට ආහාරයක් ලෙස වගේම යුෂ ලෙසත් පරිභෝජනය කරන්නට පුළුවන්. උදෑසන ආහාරයක් ලෙස සලාදයකට එකතු කිරීම , පාන් වලට පැවරුමක් ලෙස භාවිතා කිරීම හෝ බිත්තර සමග අලිගැටපේර ආහාරයට ගැනීම බොහෝ දෙනා සිදු කරනවා.

රාස්බෙරි

රාස්බෙරි කෝප්පයක අඩංගු වන සම්පූර්ණ තන්තු ප්‍රමාණය ග්‍රෑම් 8.40 වනවා. විටමින් k, විටමින් සී , පොටෑසියම් ,කැල්සියම් මැග්නීසියම් සහ පොස්පරස් යනාදී බොහෝ පෝෂ්‍ය පදාර්ථ ද රාස්බෙරි වල අඩංගු වෙනවා.උදේ ආහාරය සඳහා රාස්බෙරි ස්මූති එකක් භාවිතා කිරීම , ඕට්ස් සමග රාස්බෙරි ආහාරයට ගැනීම හෝ අතුරුපසක් ලෙස රාස්බෙරි භාවිතා කිරීම ඔබට කළ හැකියි

මුං ඇට

මුං ඇට කෝප්පයක තන්තු ග්‍රෑම් නමයක් පමණ අඩංගු වනවා. විටමින් a , විටමින් සී , ෆෝලේට් , මැග්නීසියම් සහ පොස්පරස් යන පෝෂණ සංඝටක වලින් පරිපූර්ණ මුං ඇට බොහෝදෙනා උදෑසන ආහාරයක් ලෙස භාවිතා කරනවා.ඊට අමතරව තැම්බූ එළවලු සමග, කුකුල් මස් කැබැල්ලක් සමඟ හෝ බිත්තරයක් සමග මුං ඇට ආහාරයට ගන්න ඔබට පුළුවන්

බණ්ඩක්කා

බණ්ඩක්කා කෝප්පයක තන්තු ග්‍රෑම් 5.10 ක ප්‍රමාණයක් අඩංගු වනවා . විටමින් k , විටමින් සී , පොටෑසියම් සහ කැල්සියම් වලින් පොහොසත් බණ්ඩක්කා කියන්නේ බොහෝ දෙනා ප්‍රිය කරන එළවළුවක්. මෙය ව්‍යංජනයක් ලෙස හෝ යන්තමින් තම්බා සලාදයක ට වුවත් එකතු කළ හැකියි. ඊට අමතරව බිත්තර හෝ වෙනත් මස් වර්ගයක් සමඟද ආහාරයට ගත හැකියි

කැරට්

කැරට් කෝප්පයක සම්පූර්ණ ආහාර තන්තු ග්‍රෑම් 5.20 ප්‍රමාණයක් අඩංගු වෙනවා.විටමින් a , විටමින් සී , පොටෑසියම් , කැල්සියම් සහ සෝඩියම් යන පෝෂක සංඝටක වලින් පොහොසත් කැරට් , යුෂ ලෙස ද , ව්‍යංජනයක් ලෙස ද , තම්බාගෙන හෝ සලාදයක් සමගද පරිභෝජනය කරන්නට පුළුවන්.

බඩඉරිඟු

බඩ ඉරිගු කෝප්පයක සම්පූර්ණ ආහාර තන්තු ග්‍රෑම් 26.50 ක ප්‍රමාණයක් අඩංගු වන අතර නියාසින්, තයමින්, රයිබොෆ්ලැවින්, බහු අසංතෘප්ත මේද අම්ල, මොනොසැටරේටඩ් මේද අම්ල, සෝඩියම්, පොස්පරස්, පොටෑසියම්, කැල්සියම්, යකඩ සහ ප්‍රෝටීන් යන සියලුම පෝෂක සංඝටක වලින් බඩ ඉරිඟු පරිපූර්ණ වනවා. සුප් වර්ග වලට, සලාද වලට හෝ තම්බා ලුණු සහ ගම්මිරිස් එකතු කර හෝ බඩ ඉරිඟු ආහාරයට ගත හැකියි

බාර්ලි

බාර්ලි කෝප්පයක සම්පූර්ණ ආහාර තන්තු ග්‍රෑම් 31.20 අඩංගු වනවා.විටමින් A, විටමින් K, Niacin, Folate, Choline, Vitamin B6, මැග්නීසියම්, මැංගනීස්, සෝඩියම්, පොස්පරස්, පොටෑසියම්, කැල්සියම්, සින්ක්, යකඩ සහ ප්‍රෝටීන් වලින් අනූන මෙම බාර්ලි වලින් සකසන ලද පානයන් ශරීරය සිසිල් කර ගැනීම සඳහා බොහෝ දෙනා භාවිතා කරනව.ඊට අමතරව කැඳ ලෙසත්, ඕට්ස් සමඟත් බාරලි පරිභෝජනය කරන්නට ඔබට පුළුවන්

ආමන්ඩ්

බොහෝ දෙනකුගේ ප්‍රියතම ආහාරයක් වන ආමන්ඩ් කෝප්පයක සම්පූර්ණ ආහාර තන්තු ග්‍රෑම් 15.90 අඩංගු වනවා.බහු අසංතෘප්ත මේද අම්ල, මොනොසැටරේටඩ් මේද අම්ල, විටමින් ඒ, විටමින් ඊ, ෆෝලේට්, නියාසින්, මැග්නීසියම්, මැන්ගනීස්, සෝඩියම්, පොස්පරස්, පොටෑසියම්, කැල්සියම්, සින්ක්, යකඩ සහ ප්‍රෝටීන් වලින් අනූන ආමන්ඩ් උදෑසන ආහාරයක් ලෙසත් , අතුරුපසක් ලෙසත් සලාද වලට එකතු කිරීමටත් හැකි අතර සම්පූර්ණ රැයක් පෙඟෙන්නට හැර ආමන්ඩ් කිරි සකස් කරගැනීමටත් හැකිය

පරිප්පු

බොහෝ දෙනෙකුගේ දිනපතා ආහාර වේලට අනිවාර්යයෙන්ම අඩංගු වන පරිප්පු කෝප්පයක සම්පූර්ණ ආහාර තන්තු ග්‍රෑම් 15.6 අඩංගු වන අතර විටමින් ඒ, විටමින් කේ, විටමින් සී, තයමින්, රයිබොෆ්ලැවින්, ෆෝලේට්, නියාසින්, මැග්නීසියම්, මැන්ගනීස්, සෝඩියම්, පොස්පරස්, පොටෑසියම්, කැල්සියම්, සින්ක්, යකඩ සහ ප්‍රෝටීන් යන පෝෂක සංඝටක වලින් පරිප්පු පොහොසත් වේ.පරිප්පු ව්‍යංජන ලෙසද සුප් වර්ග වලට ද එකතු කර පරිභෝජනය කල හැකි අතර ඕට්ස් පිටි පිටිවලින් සාදන ලද රොටී සමග ද ආහාරයට ගත හැකිය

මෙවැනි තන්තු බහුල ආහාර ඔබේ ආහාර රටාවට එකතු කර ගැනීමෙන් බර අඩු කර ගැනීම සඳහා ඩයට් ක්‍රම අනුගමනය කරන ඔබට වඩා හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි. ඒවාට අමතරව ඉතා හොඳින් වතුර පානය කිරීම සහ ව්‍යායාම වල නිරත වීම ද ඔබ කළ යුතු වේ

Related Articles

Don't Miss


Latest Articles