බොලිවුඩයේ සදාතනික ආදරය – Dilwale Dulhania Le Jayenge

බොලිවුඩයේ සදාතනික රෝමාන්තික සිනමා සිත්තම අද,ඔක්තෝම්බර් 20 දාට විසි හත් වසරක් සම්පූර්ණ කරනවා.1995 එවැනි දවසක මේ රෝමාන්තික සිනමා සිත්තම ප්‍රදර්ශනය ආරම්භ කළා.තවමත් ඉන්දියානු සිනමා ශාලාවක නොකඩවාම ප්‍රදර්ශනය කරන චිත්‍රපටියක් ලෙස ලෙසට මේ චිත්‍රපටය නම් දරා තිබෙන බව ඔබ දැනටමත් දන්නවා.

යන්න සිම්‍රන්,ගිහින් ජීවිතේ දිනාගන්න.

අවසාන මොහොතේදී තාත්තා කෙනෙකු එසේ කියන තුරු රාජ් සහ සිම්රන් ආදරය වෙනුවෙන් කළ කී දෑ ඔබ කටපාඩම් වනතුරුම නරඹා ඇති.

1995 ඔක්⁣තොම්බර් මස 20 වන දින තිරගතවීම ආරම්භ කළ  Dilwale Dulhania Le Jayenge චිත්‍රපටය එදා මෙදා තුර ලොව එකම සිනමාහලක,මුම්බායේ මරාතා මන්සිල් සිනමාහලේ වැඩිම දර්ශන වාර ගණනක් පසු කළ එකම චිත්‍රපටය ලෙස වාර්තාවකටද හිමිකම් කියනවා.

ආදිත්‍ය චොප්රාගේ අධ්‍යක්ෂණයෙන් සහ යෂ් චොප්රාගේ නිෂ්පාදනයෙන් නිකුත් වූ Dilwale Dulhania Le Jayenge ලොව පුරා වෙසෙන ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් රසිකයන් අතර උමතුවක් බවට පත් වුණා. 1996 වසරේ ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නළුවා, හොඳම නිලිය, හොඳම අධ්‍යක්ෂණය යන සම්මාන ත්‍රිත්වයම දිනාගැනීමට මේ චිත්‍රපටය සමත් වෙනවා. විනාඩි 189 ක් පුරා (පැය 3යි විනාඩි 9 ක්) ගලායන මෙම චිත්‍රපටය ජතීන්-ලලීත්ගෙ සුමියුරු සංගීතයෙන් හැඩවන අතර, ගීත ගායනයෙන් උදිත් නාරායන්, කුමාර් සානු සහ ලතා මංගේෂ්කාර්  දායක වෙනවා. Tujhe Dekha To සහ තවත් ගී හයක් ඇති මේ චිත්‍රපටය තුළ ගීත වෙනුවෙන් වැඩි ඉඩක් සහ අවධානයක් වෙන් වුණා.අදටත් Tujhe Dekha To” ගීය උන්මාදයක් බවට සැක නැහැ.

මුලදී මෙය ඉන්දියානු තරුණියක් හා පෙමින් බැදෙන ඇමරිකානු තරුණයකු පිළිබඳව කතාවක් ලෙස නිර්මාණය කිරීමේ අදහසක් ආදිත්‍යට තිබුණත් ඒ සඳහා හොලිවුඩ් නළු ටොම් කෲස් යොදා ගැනීමට අදහස් කර තිබුණත් පසුව ඔහුගේ පියා වූ යශ් චොප්රාගේ මැදිහත්වීම මත ඒ අදහස ඉවත් කර ගෙන තිබුණා.රාජ්ගේ චරිතය සඳහා සයිෆ් අලි ඛාන්, ආමීර් ඛාන් ආදී නළුවන් යොදා ගැනීමට උත්සාහ කර අවසානයේ මහත් වෑයමක් දැරීමෙන් එය ෂාරුක් ඛාන්හට ලබාදීමට ආදිත්‍ය සමත් වෙනවා. ෂාරුක් බාසිzගාර්, ඩර් වැනි චිත්‍රපට තුළ නිර්මාණය කරගත් වෙනස් ප්‍රතිරූපයට හානි වේයැයි සිතා මුලදී රාජ් වීමට අකමැති වුවත් අවසානයේ රාජ් ඔහු වෙනුවෙන්ම නිර්මාණය වූවක් වෙනවා.

මේ තරම් කාලයක් තිස්සේ නිපදවුණු චිත්‍රපට අතරින් List of three bollywood movies you must see before die අතරට Dilwale Dulhania Le Jayenge චිත්‍රපටය ද නම් වී තිබෙනව අනෙක් චිත්‍රපට දෙක වන්නේ මදර් ඉන්දියා (1957) හා දීවාර් (1975) චිත්‍රපට දෙකයි.

 43 වන ජාතික චිත්‍රපට සම්මාන උළෙල,හොඳම සහ ජනප්‍රියම චිත්‍රපටයට හිමි සම්මානය – යෂ් චොප්රා සහ ආදිත්‍ය චොප්රා විසින් හිමි කර ගත්ටා41 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල තුළ හොඳ ම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය (ආදිත්‍ය චොප්රා), හොඳම නළුවා (ෂාරුක් ඛාන්), හොඳම නිළිය (කාජල්), හොඳම සහාය නිළිය (ෆරීඩා ජලාල්), හොදම විකට චරිතය (අනුපම් කෙයර්), හොඳම පද රචනය (ආනන්ද් බක්ෂි) සහ හොඳම ගායනය (උදිත් නාරායන් – Mehndi Laga Ke Rakhna එම වසරේදී  ‘ස්ක්‍රීන්’ සම්මාන උළෙල තුළ හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය සහ හොඳම නළුවාට හිමි සම්මාන ත්‍රිත්වය මේ චිත්‍රපටියට හිමි වුණා.

කහ අබ මල් යායක දිව එමින් ආදරය කරන ප්‍රේමණීය රාජ් සහ සිම්රන්, ඒ ආදරය ප්‍රේමණීය පුරාවෘත්තයක්.ඒ පුරාවෘත්තයට සුබ උපන්දිනයක් වේවා!

Related Articles

Don't Miss


Latest Articles