ඕනෑම තරුණියක් දිදුලන සමක් ලබා ගැනීම සඳහා සිහින දකිනවා.නමුත් බොහෝවිට බොහෝ දෙනා ලබා දෙන්නේ වැඩිපුර ජලය පානය කිරීම,මැරුණු සම ඉවත් කිරීම ,හිරු ආවරණ භාවිතා කිරීම වැනි සාමාන්‍ය මට්ටමේ උපදෙස් පමණයි. නමුත් සම රැක ගැනීම පිළිබඳව මින් එහාට ගිය බොහෝ පියවර ඔබට අනුගමනය කළ හැකියි.ඒ වගේම සමේ සැබෑ දීප්තිය ඔබට ලබාගත හැකි වන්නේ හොඳ පුරුදු වලින් සහ ශරීර අභ්‍යන්තරයට නිසි පෝෂණයක් ලබා ගැනීම මගිනුයි.සම යනු ශරීරයේ විශාලතම ඉන්ද්රිය නිසා එය රැක ගැනීමට සහ දිදුලන, නීරෝගිමත් සමක් ලබා ගැනීමට ඔබට කළ හැකි දේවල් පිළිබඳවයි මේ ලිපිය.
ඔබේ බඩවැල් සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කරන්න
අපගේ සම අපගේ බඩවැල් සමඟ සම්බන්ධ නොවනවා යැයි සිතුවත් එය එසේ නොවේ. ඔබේ බඩවැල් සෞඛ්‍ය සම්පන්න නොවන විට විෂ ද්‍රාව්‍ය ඔබේ ශරීරයෙන් පහසුවෙන් පිටවන්නේ නැහැ. මෙය කුරුලෑ, රතු පැහැ බිබිලි මගින්, සම අඳුරු වීම මගින් හෝ අධික තෙල් සහිත බවක් ඇති කරමින් සමට හානි කරවනවා. බඩවැල් සෞඛ්‍යය වැඩි දියුණු කිරීම ඔබේ සමේ දීප්තිය වැඩි කර ගත හැකි වන්නේ ඒ නිසයි.
ඒ සඳහා ,
යෝගට්, කිරි වැනි ප්‍රෝබියොටික් ඔබේ දෛනික ආහාර වේලට ඇතුළු කර ගන්න
ඕට්ස්, පලතුරු සහ එළවළු වැනි තන්තු බහුල ආහාර පරිභෝජනය කරන්න
සැකසූ ආහාර සහ සීනි අඩු කරන්න
ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය පිරිසිදු වූ විට, ඔබේ ශරීරය පෝෂ්‍ය පදාර්ථ වඩා හොඳින් අවශෝෂණය කරන නිසා ඔබේ සම ස්වයංක්‍රීයව දීප්තිමත් කරවනවා.
ඔබේ සමට නිෂ්පාදන වලින් විවේකයක් ලබා දෙන්න
සම රැකවරණය වැදගත් වන නමුත් බොහෝ දෙනා විසින් සිදුකරන විශාලතම වැරැද්ද වන්නේ නිෂ්පාදන අධික ලෙස භාවිතා කිරීමයි. ඔබේ සමට අලුත්වැඩියා කිරීමට, මොයිස්චරයිසින් කිරීමට සහ සමතුලිත කිරීමට ස්වභාවික හැකියාව තිබෙනවා. ඔබ නිරන්තරයෙන් සම ආරක්ෂණ නිෂ්පාදන, විශේෂයෙන් රළු නිෂ්පාදන භාවිතා කරන විට, ඔබේ ස්වාභාවික සමේ බාධකය දුර්වල වනවා.සතියකට දිනක් හෝ දෙකක් ඔබේ මුහුණ හොඳින් සේදීමෙන් පසුව තෙතමන කාරකයක් පමණක් ගල්වා තබන්න.
රුධිර සංසරණය සඳහා මුහුණ සම්බාහනය
ඔබේ සමේ දීප්තිය රුධිර සංසරණය සමඟ බොහෝ සෙයින් සම්බන්ධ වනවා. දුර්වල රුධිර සංසරණය අඳුරු බව සහ අසමාන වර්ණ තත්ත්වයන් ඇති කරනවා. දිනකට මිනිත්තු 3-5ක් මෘදු මුහුණේ සම්බාහනයක් කිරීමෙන් ඔබේ සමට විශාල වෙනසක් සිදු කළ හැකි වන අතර සම මත ඇතිවන බොහෝ ගැටලු යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකියාව ලැබෙනවා.
සම සම්භාහනය කිරීම මගින්,
ඉදිමීම අඩු කිරීම
රුධිර ප්‍රවාහය වැඩි දියුණු කිරීම
ස්වාභාවික කොලජන් නිෂ්පාදනය වැඩි දියුණු කිරීම
සිදු කරනවා.මේ සඳහා ඔබට කිසිදු මෙවලමක් අවශ්‍ය නොවන අතර ඔබේ ඇඟිලි තුඩු භාවිතා කර ඉහළට රවුම් චලිතයකින් සම සම්බාහනය කළ හැකියි.
ඔබේ මුහුණ ස්පර්ශ කිරීමෙන් වළකින්න
මෙය සරල ලෙස පෙනෙන්නට තිබෙන කරුණක් වුවත් එහි විශාල සත්‍යතාවයක් තිබෙන බව බොහෝ රූපලාවන්‍ය වේදීන් පෙන්වා දී තිබෙනවා . ඔබේ දෑත් මතුපිට බොහෝ බැක්ටීරියා, දූවිලි සහ තෙල් රැඳී තිබෙන නිසා ඔබ ඔබේ මුහුණ ස්පර්ශ කරන සෑම අවස්ථාවකම, සම මත ඇති සිදුරු අවහිර කර අපිරිසිදුකම පැතිරීම නිරායාසයෙන්ම සිදුවනවා . මෙය කුරුලෑ, බිබිලි සහ අඳුරු බව ඇතිවීමට හේතුවක් වනවා.
ඒ නිසා ,
ඔබේ දුරකථනය භාවිතා කරන අතරතුර ඔබේ මුහුණ ඔබේ අත් මත තබා නොගන්න
කුරුලෑ මිරිකා දැමීමෙන් වළකින්න
සතිපතා ඔබේ කොට්ට උර මාරු කරන්න
මුහුණ සඳහා වෙනම තුවායක් භාවිතා කරන්න
ඔබේ ජීවන රටාව හරහා ඔබේ සම පෝෂණය කරන්න
බොහෝ අය සම නීරෝගී කර ගැනීම සඳහා නිෂ්පාදන භාවිතා කිරීම පමණක් සිදුකරනවා.නමුත් සමේ දීප්තිය ස්වභාවිකවම ගොඩනැගෙන්නේ ඔබේ දෛනික පුරුදු වලිනුයි.ඔබ දෛනිකව පිළිපදින පුරුදු සෑම විටම ඔබ භාවිතා කරන නිෂ්පාදන වලට වඩා ඔබට ප්‍රතිඵල ගෙන දෙනවා.
දිනපතා නැවුම් වාතයේ මිනිත්තු 10 ක් ගත කරන්න
සෑම දිනකම හොඳින් ව්‍යායාම කරන්න
විටමින් C සහ ඔමේගා-3 බහුල ආහාර ඇතුළත් කරන්න
සම යනු ඔබේ ජීවන රටාවේ කැඩපතයි. ඔබේ දින චර්යාව නිවැරදි කල විට ඔබේ සමේ දීප්තිය ස්වභාවිකව වැඩි දියුණු වේ.
මධ්‍යම රාත්‍රියට පෙර නිදාගන්න
ඔබේ සම නිරෝගීව තබා ගත හැකි සහ දිදුලන සමක් ලබාගත හැකි වැදගත්ම පියවර වන්නේ හොඳ නින්දක් ලබා ගැනීමයි.නින්දේදී ඔබේ සම අලුත් වැඩියා කිරීම සිදුවන අතර හවම වශයෙන් පැය හයක සිට පැය අටක කාලයක දක්වා නින්දක් ඔබ ලබාගත යුතුයි.දළ වශයෙන් සම අලුත් වැඩියා කිරීම රාත්‍රී දහයේ සිට අළුයම දෙක දක්වා සිදුවන නිසා සෑම දිනකම මධ්‍යම රාත්‍රියට පෙර නින්දට යාමට වග බලා ගැනීම ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා දෙනවා
මෙමගින්,
අඳුරු කව අඩු වීම
ඉරිතැලීම් අඩු වීම
නැවුම්, දීප්තිමත් සමක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.
සන්සුන්ව සිටින්න
මානසික ආතතිය මගින් ඔබ සිතනවාට වඩා සමට බලපෑම් ඇතිවනවා.ඔබ ආතතියට පත් වූ විට, ශරීරය කෝටිසෝල් නිපදවන අතර මෙය සමේ සජලනය අඩු කිරීම ,කුරුලෑ ඇති කිරීම සහ දීප්තිය ඉවත් කිරීම සිදු කරනවා.
එම නිසා ,
කුඩා සන්සුන් කිරීමේ පුරුදු පුහුණු වීම
ජර්නල් කිරීම
ගැඹුරු හුස්ම ගැනීමේ ව්‍යායාමයන් හුරුවීම
තනිවම කාලය ගත කිරීම
මෘදු සංගීතයට සවන් දීම
වැනි පියවරයන් ඔබට අනුගමනය කළ හැකියි.
මෙවැනි දෛනික පුරුදු වලට පුරුදු වීම මගින් ඔබට ඔබේ සම දීප්තිමත්ව හා නිරෝගීව තබා ගැනීමට පහසුවෙන්ම හැකියාව ලැබෙනවා.











