සුන්දර නිය පෙළක් සඳහා නිවසේ දී ම කළ හැකි නොවරදින සත්කාර

කාන්තාවකගේ දෙපා වල මෙන්ම දෑත් වල සුන්දරත්වය සදහා නීරෝගිමත් නියපොතු ගොඩක් වැදගත්. හානි වුන නියපොතු නිසා ඔබේ දෑතේ මෙන්ම දෙපා වලත් සුන්දරත්වයටහානි වෙනවා. ගෙදර දොරේ වැඩ එක්ක කාර්‍යබහුල වුන කාන්තාවනට නියපොතු වල සුන්දරත්වය රැක ගැනීම කියන්නෙ අභියෝගයක් වුවත්, එය අපහසු කාර්‍යයක් නොවේ. මේ ලිපියෙන් අප ගෙන එන්නේ සුන්දර නිය පෙළක් සඳහා නිවසේ දී ම කළ හැකි නොවරදින සත්කාර කිහිපයක් ගැනයි.

ඔබේ රුචිකත්වය මත නියපොතු දිගු ව වවා සුන්දර ව තබා ගන්නවා ද, එසේත් නැතිනම් කොට කර තබා ගන්නවාද යන්න තීරණය වෙනවා. නමුත් අවපැහැවීම් සහ දිරායෑම් වලින් තොර සුන්දර නිය පෙළක් ලබා ගන්නා අයුරු අපි ඔබට කියා දෙනවා.

දොඩම් සත්කාරය

ඔබට අවශ්‍ය වන දේවල්:

නැවුම් දොඩම් යුෂ
ගාන ලද දොඩම් ලෙලි
ඔලිව් තෙල්
පොල් තෙල්

පියවර 1: පළමුව, නැවුම් දොඩම් යුෂ මිරිකා ගන්න. නැවුම් දොඩම් යුෂ මේස හැඳි 1ක් සහ ගාන ලද දොඩම් ලෙලි තේ හැඳි 2ක් බඳුනකට දමන්න.

පියවර 2: ඊළඟට, එම මිශ්‍රණයට ඔලිව් තෙල් මේස හැඳි 1 ක් සහ උණුසුම් පොල් තෙල් මේස හැදි 1 ක් එකතු කර සියල්ල එකට හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු ඔබේ ඇඟිලි තුඩු නිය වර්ධන සීරම් එක තුළට දමන්න. අවම වශයෙන් විනාඩි 10 ක්වත් මේ තුළ පොඟවා ගන්න. ඉන්පසු නිය සීරමය ඉවත් කර මොයිස්චරයිසින් ක්‍රීම් ආලේප කරන්න.

වැස්ලින් සත්කාරය 

ඔබට අවශ්‍ය වන දේවල් :

වැස්ලින් / පෙට්‍රෝලියම් ජෙලි

පියවර 1: ඔබේ අත් සෝදා නියපොතු මත වැස්ලින් ආලේප කරන්න.

පියවර 2: එය අවම වශයෙන් විනාඩි 3-5 ක් අතර කාලයක් අතුල්ලමින් සම්පූර්ණයෙන්ම අවශෝෂණය කර ගැනීමට ඉඩ දෙන්න. හොඳම ප්‍රතිඵල සඳහා, එක රැයක් තබා පසුදා උදෑසන සෝදා හරින්න.

පොල්තෙල් සත්කාරය 

ඔබට අවශ්‍ය වන දේවල් :

පොල් තෙල්
මී පැණි

පියවර 1: බඳුනකට කාබනික පොල්තෙල් සහ මී පැණි කෝප්ප 1/4 බැගින් එක් කරන්න.

පියවර 2: මිශ්‍රණය තත්පර 20ක් පමණ රත් කරන්න. එය සිසිල් වූ පසු, ඔබේ නියපොතු විනාඩි 15 ක් එහි පොඟවා ගන්න. හොඳම ප්‍රතිඵල සඳහා මෙය සතියකට දෙවතාවක් බැගින් නැවත නැවත කරන්න.

ක්ලෝරයිඩ් සහිත දන්‍තාලේප සත්කාරය

ඔබට අවශ්‍ය වන ද්‍රව්‍ය :

ක්ලෝරයිඩ් සහිත දන්තාලේප

පියවර 1:  විනාඩි 3-5 ක් ඔබේ නියපොතු මත දන්තාලේප ස්වල්පයක් ස්ක්‍රබ් කරන්න.

පියවර 2: හොඳම ප්‍රතිඵල සඳහා රැයක් තබන්න. පසුව, පසුදා උදෑසන එය සෝදා, මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ගල්වන්න.

ඔලිව් තෙල් සත්කාරය

ඔබට අවශ්‍ය වන ද්‍රව්‍ය:

ඔලිව් තෙල්

පියවර 1: නින්දට යාමට පෙර උණුසුම් ඔලිව් තෙල් ඔබේ නියපොතුවල ගල්වන්න, එය එක රැයක් තබන්න. ඔබේ නියපොතු ඉතා වේගයෙන් වර්ධනය වීම පිණිස ඔබට මෙය දිනපතා නැවත නැවතත් කළ හැකිය.

ඔබ නියපොතු සපා කනවාද?

මෙන්න මේ පුරුද්ද සම්පූර්ණයෙන්ම නවත්වන්න වෙලාවයි මේ. ඔබට ඔබේ නියපොතු වේගයෙන් වර්ධනය වීමට අවශ්‍ය නම්, ඔබ ඒවා සපා කෑම අනිවාර්යයෙන් නැවැත්විය යුතුය. නියපොතු සපා කෑම ඔබේ ශරීරයට සහ ආමාශයට අහිතකර වීම පමණක් නොව, එය බැක්ටීරියා ආසාදනවලටද හේතු විය හැක. නියපොතු සපා කෑමෙන් නිය ආලේපන පවා ශරීර ගත වීමට හැක. එමෙන් ම නිතර ම සපාකෑම නිසා නිය වර්ධනය ඉතා ම අවම වීම වැළැක්විය නොහැකියි.

සැර සේදුම්කාරක නිතර ම අතේ ගෑවෙනවා ද ?

රෙදි සෝදන විට, භාජන සෝදන විට සැර සේදුම්කාරක සමග නිතර ම දෑත් ගැටේ නම් ඔබේ නියපොතු දුර්වල වීමට හේතුවක්. හැකිතාක් ඒවායින් ඉවත් වන්න. සැර අඩු සේදුම් කාරක භාවිතා කරන්න. ඊට අමතර ව ග්ලවුස් භාවිතා කරන්නට ඔබට පුළුවන්. කෙසේ වෙතත්, ඒ සෑම අවස්ථාවක ම අත හොඳින් සෝදා තෙත මාත්තු කොට මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ආලේප කරන්නට අමතක කරන්න එපා.

Related Articles

Don't Miss


Latest Articles