“ඔබ අනුරාවෙන් පිරිච්ච
බැල්මෙන් සියොළඟ වෙලිච්ච
දුටු දුටු තැන නතර වෙච්ච
නිල් දෑසක් නම්
ඒ දෑසින් බිම වැටිච්ච
කොපුල් තලා මත රැඳිච්ච
කියන්න බැරි දුක පිරිච්ච
කඳුළු බිඳක් මං.”
මේ සිංදුව කියන්නෙ උමාලි තිලකරත්න. මේ සිංදුව මුලින්ම අහපු වෙලාවෙ ඉඳලම මට තේරිච්ච දේ තමයි සමහර වෙලාවට අපි දැනම දැනම තමයි හිරවෙන්නෙ. විශේෂයෙන්ම හිත රිද්දන, අපිව හූරන කටු ඉඹුල් ආදර කතා අස්සෙ අපි හිරවෙන්නෙ එක්තරා විදියක කැමැත්තකින්. එහෙම නැත්තම් “මං මේ විඳින්නෙ දුකක්” කියලා නොදැනුවත්කමෙන්. එහෙමත් නැත්තම් “මම මේකෙන් ගැලවුනොත් සමාජෙ මාව ජජ් කරාවි” කියන බයෙන්.
මම The Girlfriend Movie එක බැලුවා පහුගිය දවසක. එක්තරා විදියක බයකින්, වේදනාවකින්, තරහවකින් බලපු ෆිල්ම් එකක් කිව්වොත් හරි. ඒ වගේ ආදරයක් අස්සෙ මට හිරවෙන්න උනානම් කවදාවත් මට ඒ බැඳීමෙන් ගැලවෙන්න හිතේ හයියක් තියේවිද කියන ප්‍රශ්නෙ මම ඇත්තටම මගෙන් අහන්න හේතුවෙච්ච චිත්‍රපටියක් විදියට මේ The Girlfriend Film එක ගැන කියන්න පුළුවන්.
මේ කතාවෙ ප්‍රධාන චරිත දෙක වෙන්නෙ භූමා සහ වික්‍රම්. මේ දෙන්නගෙ ආදර කතාව පටන් ගන්නෙ යුනිවසිටි එකේදි. මුල ඉඳලම ෆිල්ම් එකේ අපිට පෙන්නනවා මේ වික්‍රම් කියන්න නහරකාරයෙක් කියන එක වගේම භූමා කියන්නෙ හරිම ලැජ්ජ බයට හැදිච්ච කෙල්ලෙක් කියන එක. මේ දෙන්නගෙ හැසිරීම් වලින් පවා අපිට පේනවා මේ දෙන්නා ළමා කාලය ගෙවලා තියෙන්නෙ එක්තරා විදියට traumatic විදියකට සහ ඒ trauma එක දැන් මේ දෙන්නගෙ තරුණ කාලෙ වෙනකම් පැතිරිලා ඇවිල්ලා කියන එක.
යුනිවසිටි එකක සාමාන්‍ය විදියට ආදරයක් පටන් ගන්නෙ කොහොමද මේ දෙන්නගෙ කතාව පටන් ගන්නෙත් ඒ වගේ. වික්‍රම් භූමා ගැන පිස්සුවෙන් වගේ තමා ඉන්නෙ. බලු පැටියෙක් වගේ පස්සෙන්ම ඉන්න, භූමා යන යන තැන හොල්මනක් වගේ පේන්න ඉන්න වික්‍රමව භුමා වගේම අපිත් මුලින් දකින්නෙ “සිරා පෙම්වතෙක්” වගේ තමයි. මුලින්ම අපි දකිනවා මේ වික්‍රම කොච්චර නම් භූමාට ආදරේ කරනවද කියලා. යන යන තැන ඉන්නවා, දවසට සිය දහස් වතාවක් මූණ ඉඹිනවා. වෙන කොල්ලෙක් භූමා දිහා බැලුවත් නැට්ට ගිනි ගත්ත හනුමන්තා වගේ තරහා ගන්නවා. පස්සෙ ආයෙ නිවෙනවා. අපි හිතනවා, භූමාත් හිතනවා “ආදරේ නිසානෙ මේ ඔක්කොම” කියලා.
දවසක් භූමාට වෙන කොල්ලෙක් ක්‍රශ් කරනවා කියලා දැනගත්ත වික්‍රම්, ඒ කොල්ලගෙ කාමරේටම ගිහින් ඒ කොල්ලට ගහලා එනවා “භූමා මගේ. උඹ නිකන් පැත්තකට වෙලා ඉඳපං” කියලා. ඒ කොල්ලට ගහන්න එපා කියලා වික්‍රම්ට කියන්න භූමාට සිද්ද වෙනවා එතනට ඇවිල්ලා වැඳ වැටෙන්න. භූමාට කැමති කොල්ලන්ට එහෙම සලකන වික්‍රම්ගෙ පස්සෙන් යුනිවසිටි එකේ මුල ඉඳලම එන දුර්ගා කියලා කෙල්ලෙක් ඉන්නවා. දවසක් මේ දුර්ගා කියන කෙල්ල ඇවිල්ලා වික්‍රම්ගෙ ඇගේ එල්ලිලා කියනවා “මාව කිස් කරන්න” කියලා. හැබැයි වික්‍රම් ‘මට කෙල්ලෙක් ඉන්නවා, ප්ලීස් යාළුවෝ වගේ ඉමු’ කියලා ප්‍රතික්ෂේප කරනවා. දුර්ගා එතකොට වික්‍රම්ගෙන් අහනවා “දැන් අපි මෙහෙම ඉන්න එක වැරදි නැද්ද?” කියලා මොකද ඒ වෙද්දිත් එයා ඉන්නෙ වික්‍රම්ව තුරුල් කරගෙන “ඇයි ඔයාට බැරි මට ආදරේ කරන්න?” කියලා අහන ගමන්. දුර්ගා අහන ඒ ප්‍රශ්නෙට වික්‍රම් උත්තර දෙන්නෙ “නෑ ඉතින් අපි යාලුවොනෙ” කියලා. ඒත් වික්‍රම්ට එවෙලෙ අමතක වෙනවා තමන් අර “මේකි මගේ” කියලා හෙන සද්දයක් දාලා ගහපු කොල්ලා කියන්නෙත් භූමාට උන්න හොඳ යාලුවෙක් කියන එක.
ඉතින් මේ ආදරේ දුර දිග ගිහිල්ලා දවසක් වික්‍රම් භූමාව එයාගෙ ගෙදර එක්කරගෙන යනවා. බලෙන්ම එක්කරගෙන ගිහිල්ලා අම්මට භූමාව අඳුන්නලා දෙනවා ‘මේ තමයි ඔයාගේ ලේලි’ කියලා. ඔන්න ඔය හරියෙදි තමයි අපිට තේරෙන්නෙ “වික්‍රම්ගෙ මේ ගතිගුන එයාගෙ පවුලෙන් influence” වෙච්ච දේවල් කියලා. මොකද වික්‍රම්ගෙ අක්කා කියන්නෙ තමන්ගෙ අනාගත ලේලිගෙ ඇස් දෙක දිහා බලලා කතාකරන්නවත් confidence නැති, පොඩි ළමේක් වගේ කලබලෙන් හිනාවෙවී එහෙ මෙහෙ යන අමුතුම ජාතියේ මනුස්සයෙක්. මේ වෙනස දකින භූමා වික්‍රම්ගෙන් අහනවා “ඔයාගෙ අම්මා ඇයි මා එක්ක කතා කරන්නෙ නැත්තෙ එයා ගොලුද කියලා?” එතකොට වික්‍රම් දෙන්නෙ මහ අමුතුම උත්තරයක්.
“අපේ ගෙවල්වල ගෑනු එහෙමයි. ඕන දේට විතරයි කතාකරන්නෙ. මොකද නැත්තම් අම්මාගෙ කට සද්ද උනා නම් තාත්තගෙ බෙල්ට් එක ඊට වඩා හයියෙන් කතාකරනවා” කියලා. කිසි ගාණක් නැතුව වික්‍රම් එහෙම කියද්දි භූමාට තේරෙනවා මොකක් හරි අවුලක් මෙතන තියෙනවා කියලා. වික්‍රම් එක්ක දිගටම උන්නොත් තමන්ට වෙන්නෙත් මේ වගේම දෙයක් කියන එක තේරුණත් ඒකෙන් ගැලවෙන්න හයියක් භූමාට හොයාගන්න පුලුවන් වෙන්නෙ නෑ.
බූමාගේ තාත්තාට පවා අත උස්සනවා, ‘මම ඉන්නකම් බූමාට අත තියන්න කාටවත් බැහැ!’ කියලා. වික්‍රම් කසාදෙට ඕන හැමදේම ලෑස්ති කරන්නේ ‘තාත්තා ආයෙ කරදර කරන්න කලින් අපි බඳිමු බූමා’ කියලා.
අපිට පිටින් ඉඳන් බලද්දී හිතෙන්නේ, ‘අනේ දෙයියනේ! වික්‍රම් වගේ කෙනෙක්ගේ ආදරේ ලබන්න බූමා කොච්චර පින් කරන්න ඇත්ද?’ කියලා. ඒක තමයි අපිටයි, ලෝකෙටයි පේන විදිය. ඒත්… ඇත්තටම එහෙමද?”
වික්‍රම් කියන්නේ පුංචි කාලේ මානසික කම්පනයකට ලක්වෙච්ච කොල්ලෙක්. එයාගේ අම්මා, තාත්තාගේ හිට්ලර් පාලනයට බය වෙලා, තමන්ගේ මුළු ජීවිතේම කැප කරලා, තමන්ව අමතක කරලා රූකඩයක් වගේ ජීවත් වුණා කියන එක මේ කොටසෙදි අපිට හරි අපූරුවට පෙන්නලා දෙනවා. තමන් මූණ දුන්න අතීත සිදුවීම් නිසා වික්‍රම් හිතාගෙන ඉන්නේ, තමන්ගේ බිරිඳත් එයාගේ අම්මා වගේම, ගෙදරට වෙලා, ළමයි හතර දෙනෙක් හදාගෙන, තමන්ගේ පාලනය යටතේම ඉන්න ඕනේ කියලා. ඒ උනාට භූමා කියන්නෙ ඊට වඩා ලොකු බලාපොරොත්තු තියෙන කෙල්ලෙක්. එයාට ඕන රඟපාන්න, ලියන්න, හොඳ රස්සාවක් කරන්න.
ඒ හීනෙ හැබෑකරගන්න භූමා යුනිවසිටි එකේ ඩ්‍රාමා එකක එක කැරැක්ටර් එකක් රඟපානවා. මුලින් එයාට හොඳට ඒ කොටස් කරගන්න බැරි උනත් මහන්සිවෙලා හොඳටම ප්‍රැක්ටිස් කරන භූමාට පුලුවන් වෙනවා ඒ චරිතෙ උපරිම හොඳටම කරන්න. යුනිවසිටි එකේදි ඕක රඟපාපු දවසෙ මුලු යුනිවසිටි එකම භූමාගේ performance එක දැකලා අප්පුඩි ගහනවා, Cheer කරනවා.
ඔන්න වික්‍රම්ට හොඳටම තරහා යනවා. රඟපෑම සාර්ථක වෙච්ච එකට උපරිම සන්තෝසෙන් ඉන්න භූමාට හරිම ආදරෙන් වික්‍රම් කියනවා “ඔයාට ඕන attention නේද? ආයෙ රඟපාන්න එපා. පල්ලෙහා ඉන්න කොල්ලො cheer කරේ ඔයාගෙ රඟපැමට නෙවි එතනදි ඔයාගෙ ඇඟ එහෙම පෙනිච්ච නිසා” කියලා. වික්‍රම් ඒක කොච්චර subtle විදියට කියනවද කියන්නෙ භූමාට ඇත්තටම හිතාගන්න බැරි වෙනවා වික්‍රම් මේ තමන්ව gas light කරනවද එහෙම නැද්ද කියලා. මොකද වික්‍රම් ඒක ඒ තරම් ලස්සනට, හරිම subtle විදියට කරනවා.
දවසක් භූමා අහනවා ‘දැන්ම බැන්දොත් මගේ ඉගෙනීම නතර වෙනවනේ, එතකොට මම රස්සාවක් කරන්නේ නැද්ද?’ කියලා. ඒකට වික්‍රම් දෙන උත්තරේ මොකක්ද දන්නවද?
‘ඔය කෝස් එක කළාට ඔයා රස්සාවක් කරනවට මගේ ලොකු කැමැත්තක් නැහැ. මට ඕනේ ඔයා අපේ අම්මා වගේ ගෙදරට වෙලා ඉන්න එක විතරයි. මට බබාලා තුන් දෙනෙක් ඕන back to back’ කියලා.
ඔන්න ඔතනදි තමා භූමාට පේන්න පටන් ගන්නෙ තමන් මේ ආදරේ කරනවා නෙවෙයි ආදරේ නිසා හිරවෙලා ඉන්නවා කියන එක.
‘තව දුරටත් වික්‍රම් එක්ක හිටියොත් මගේ ජීවිතේ තිබ්බ හැම හීනයක්ම මට අහිමි වෙනවා’ කියලා භූමාට තේරෙන්නෙ සෑහෙන දේවල් උනාට පස්සෙ. ඒත් ඒ හැමදේකටම පස්සෙ එයා අමාරුවෙන් හිත හදාගෙන වික්‍රම්ට කියනවා:
‘වික්‍රම්, අපි පොඩි බ්‍රේක් එකක් ගමු, පොඩි බ්‍රේක් එකක් නෙවෙයි ඇත්තටම අපි මේක නවත්තමු. මම ඔයාට ආදරේ නෑ’ කියලා.

වික්‍රම් කියන්නෙ මොන ජාතියේ සතෙක්ද කියන එක භූමාට වගේම අපිටත් තේරෙන්න පටන් ගන්නෙ ඔන්න ඔය බ්‍රේක් අප් එකෙන් පස්සෙ තමයි. මේ බ්‍රේක් අප් එක වික්‍රම් භාරගන්නෙ කවදාවත් වෙන්න බැරි දෙයක්, තමන්ට වෙච්ච මහම මහ ලැජ්ජාවක් විදියට.
‘මේකි මාත් එක්ක මෙච්චර දවසක් නිදාගත්තා, අච්චර සැරයක් අහවල් වැඩේ. එහෙම එකේ ඒකි කොහොමද මාව දාලා යන්නෙ” කියන එක වික්‍රම් ආයෙ ආයෙ කල්පනා කරනවා. කල්පනා කරලා විතරක් වික්‍රම් ඕක නතර කරන්නෙ නෑ. මිනිහා ඒක හැමෝටම කියනවා. භූමාට ලැජ්ජ කරන්න එයාගෙ හොස්ටල් රූම් එකේ දොරේ භූමා කියන්නෙ සල්ලිවලට විකිණෙන ගෑණියෙක් කියලා අවයව වල මිල ගණන් පවා ලියනවා. ‘උඹ දැනගනින්, මම උඹට exam කරන්න දෙන්නේත් නැහැ, කසාදයක් බඳින්න දෙන්නේත් නැහැ, කසාදෙ දවසටත් ඇවිත් කියනවා උඹ මගෙත් එක්ක නිදාගත්තා කියලා…’ කියලා භූමාට තර්ජනය කරනවා.
භූමා අඬනවා. මැරුණනම් හොඳයි කියලා හිතනවා. හැබැයි “මම දැන් ඇඬුවට කවදා හරි දවසක වික්‍රම්ට ඇඬෙන ලෙවල් එකෙන් ජීවත්වෙනවා” කියලා හිතලා භූමා හිත හයිය කරගන්නවා.
අන්න ඒ දෙවනි සැරේට ඉපදෙන, ෆීනික්ස් කිරිල්ලියක් වගේ වෙච්ච භූමා යුනිවසිටි ඔඩිටෝරියම් එක දෙවනත් කරල දවසක් එයාගෙ කතාව කියනවා.
‘මම භූමා දේවි. මම වික්‍රම්ට ආදරේ කළා. අපි කිස් කළා. ඔව්, මම වික්‍රම් එක්ක නිදාගත්තා. එක සැරයක් නෙමේ, සිය දහස් වාරයක් නිදාගත්තා. ඉතින් තව මොනවටද ඔයාලට දැනගන්න තියෙන්නෙ?’
දැනගනින් වික්‍රම්, කවදාහරි මම කසාද බඳිනවා නම්, බඳින්නේ උඹ වගේ පිරිමියෙක්ව නෙමෙයි, වැදගත් පිරිමියෙක්ව. උඹ කියනකන් ඉන්නේ නැහැ, මමම එයාට කියනවා මම උඹ වගේ මිනිහෙක් එක්ක නිදාගත්තා කියලා. ඉතින්, පුළුවන් දෙයක් කරපන්!’ කියලා.
ඉතින් තාම මේ ෆිල්ම් එක බැලුවෙ නැත්තම් Netflix ඔස්සේ ඔයාට මේ ෆිල්ම් එක දැන් බලන්න පුලුවන්. මේක මේ මහා ලොකු ෆිල්ම් එකක් කියලා කියන්න දෙයක් නැතත් අපේ ගෑනු ළමයි නම් අනිවාර්‍යෙන්ම බලන්නෝන චිත්‍රපටයක් කියලා මම විශ්වාස කරනවා.
මේ ෆිල්ම් එක බලලා අවසානයේ ඇත්තටම මම තේරුම් ගත්තෙ මෙන්න මෙහෙම දෙයක්.
සැබෑ ප්‍රේමය කියන්නේ කවදාවත් ඔයාව හිර කිරීමක් නෙමෙයි, නිදහස් කිරීමක්! ඒක ඔයාගේ අත්තටු කපලා කූඩුවක දානවා නෙවෙයි, අහසක් වෙලා ඔයාට පියාඹන්න උදව් කරන හැඟීමක්.
ඇත්තටම ඔයාට ආදරේ කරන මනුස්සයෙක් කවදාවත් ඔයාගේ දියුණුවට අකුල් හෙළන්නේ නැහැ. ඔයා දිනනවා බලලා හදවතින්ම සතුටු වෙන්න බැරි, ඔයාගේ හීන මරා දාලා තමන්ගේ ලෝකෙට විතරක් ඔයාව කොටු කරගන්න හදන ඕනෑම කෙනෙක් කරන්නේ ආදරයක් නෙවෙයි, ඒක ආත්මාර්ථකාමී හිමිකාරීත්වයක් විතරයි.
ඔයාගේ ආත්ම ගෞරවයට හානි කරලා, හැමෝම ඉස්සරහා ඔයාව ලැජ්ජාවට පත් කරලා, ඔයාගේ පෞරුෂය බිංදුවටම ඇදලා දාන කිසිම බැඳීමක් ඇතුළේ ඔයාගේ සතුට රැඳිලා නැහැ.
ඔයාගේ ජීවිතේ අයිතිකාරයා ඔයා විතරයි. මේ ලෝකේ කාටවත් අයිතියක් නැහැ ඔයාව පාලනය කරන්නවත්, ඔයා හිතන පතන විදිහ තීරණය කරන්නවත්.
අද ඉඳලා ඔයාගේ හීන වෙනුවෙන්, ඔයාගේ හෘදසාක්ෂියේ සතුට වෙනුවෙන් නිර්භීතව නැගිටින්න. යම් සම්බන්ධතාවයක් ඇතුළේ ඔයාට දැනෙන්නේ ඔයාගේ හුස්ම හිරවෙනවා වගේ නම්, ඒ බැඳීමෙන් එළියට එන්න බය වෙන්න එපා. ‘සමාජය මොනවා හිතයිද?’ ‘මිනිස්සු මොනවා කියයිද?’ කියන බයට ඔයාගේ මුළු ජීවිතයම අපායක් කරගන්න එපා! ඕවා හිතන මිනිස්සුන්ට ඔයා වෙනුවෙන් ජීවත් වෙන්න බැහැ.
කවදාහරි දවසක ඔයා ආපස්සට හැරිලා බලද්දී, “අනේ මම මාවම නැති කරගත්තා” කියන පසුතැවීම දැනෙන්න ඉඩ තියන්න එපා. අන්න ඒ නිසයි කියන්නේ, සිය දහස් වාරයක් අනුන්ව තෝරගන්න කලින්, එක වතාවක් හරි තමන්වම තෝරගන්න.
තමන්ගේ ස්වාධීනත්වය, තමන්ගේ හීන සහ තමන්ගේ ආත්ම ගෞරවය වෙනුවෙන් හිටගන්න එක තමයි ඔයා ඔයාගේ ජීවිතයට කරන්න පුළුවන් වටිනාම සහ ලොකුම ආදරය!
මේ ලෝකේ මේ ‘ඔයා’ කියන කෙනාට කතා කරන දාහක් වචනවලට යටින්, ඔයා අනිත් අයගේ කතාවල රඟපාපු චරිතවලට යටින්, කාටවත් ඇහිච්ච, පෙනිච්ච නැති Silent ඇත්තක් තියෙනවා.
ඒ තමයි ඔයාගේ වටේ දාහක් දෙනා හිටියත්, ඔයාගේ මේ ජීවිතයේ, මේ ‘ඔයා’ කියන ශරීරය ඇතුළේ හැම තත්පරයක්ම ජීවත් වෙන්නේ මේ ‘ඔයා’ කියන කෙනා විතරයි කියන එක.
ඔයා වෙනුවෙන් වෙන කවුරුවත් හුස්ම ගන්නේ නැහැ. ඔයා වෙනුවෙන් වේදනා විඳින්නේ නැහැ. ඔයා වෙනුවෙන් දියුණු වෙන්නේ නැහැ. ඔයා වෙනුවෙන් නැගිටින්නේ නැහැ.
අන්න ඒකයි ඔයා ඔයාවම තෝරගන්න ඕනේ!
මොකද, ඔයා ඔයාගේ පැත්තේ හිටගත්තේ නැත්නම්, ඒ තැන ගන්න වෙන කෙනෙක්ට බැහැ. ඔයා ඔයාට ගරු කළේ නැත්නම්, වෙන කවුරුවත් ඒක කරන්නේ නැහැ.
අන්න ඒකයි ඔයා හැමතිස්සෙම ඔයාවම තෝරගන්න ඕනේ. මොකද මේ ජීවිතය රැකගන්න තියෙන එකම විදිහ ඒක විතරක් හන්දා.
Because the greatest loyalty you can offer is the loyalty you give to your own soul.










