යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම ගැබිණි මවකට ඇති විය හැකි ප්‍රධානම ගැටලුවක් ලෙස හඳුන්වන්න පුලුවන්.
මෙය ගර්භණී කාන්තාවන් බහුලව ගොදුරු වන තත්වයක්. මෙමඟින් බොහෝ දුරට ඔබට හෝ දරු ගැබට හානියක් නැහැ. නමුත් කලාතුරකින් මෙය ගබ්සාවක් හෝ වෙනත් අවදානම් තත්වයක ලක්ෂණයක් විය හැකියි. ඒ නිසා මුල් මාස කිහිපයේ රුධිර වහනයක් සිදු වූයේනම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්යය දෙයක්. බොහෝ අවස්ථාවලදී ගබ්සාවක් සිදු වන්නේ ඔබ ගර්භණී බව දැන ගැනීමටත් පෙර. ඒ නිසා සමහර කාන්තාවන් තමන්ට ගබ්සාවක් වූ බව දන්නේ නැහැ.
ගබ්සා වීම මෙසේ හඳුනා ගන්න පුලුවන්.
- ගබ්සාවකට අවදානම් තත්වය(Threatened miscarriage)
මෙහි දී රුධිර වහනයක් සිදු වුවත් දරු ගැබ නිරෝගී ව ගර්භාෂයේ පවතිනවා. මෙය සුලබ තත්වයක්. ඒ තත්වය ගැන ඔබ කලබල විය යුතු නැහැ.
- අසම්පූර්ණ ගබ්සාව (Incomplete miscarriage)
මෙහි දී රුධිර වහනයත් සමග, දරු ගැබෙන් කොටසක් ගබ්සා වී පිටවීමක් සිදු විය හැකියි. ඉතිරි කොටස ගර්භාෂය තුළ පැවතීමෙන් දිගින් දිගටම රුධිර වහනයක් සිදු විය හැකියි.
- වැළක්වීම අපහසු ගබ්සාව- ( Inevitable miscarriage)
ගැබ් ගෙල විවෘත වී ගබ්සා වීම ආරම්භ වී ඇති නිසා ගබ්සා වීමක් අනිවාර්යය යි.
- සම්පූර්ණ ගබ්සාව (Complete miscarriage)
රුධිර වහනය වෙමින් දරු ගැබ සම්පූර්ණයෙන් ම ඉවත් වීමක් සිදු වෙනවා.
- සැඟවුන ගබ්සාව (Missed miscarriage)
වර්ධනය විය නොහැකි දරු ගැබක් ගර්භාෂයේ පවතිනවා. එය සජීවි නැති කළලයක්. අධික රුධිර වහනය සහ විෂබීජ ඇතුළත් වීමෙන් මවට හානිදායක වීමේ හැකියාව පවතිනවා.
ගබ්සා වීමට ඇති අවදානම් තත්වයන්.
- වයස අවුරුදු 42 වැඩි කාන්තාවන් ( වයස 30ට වැඩි නම් ගබ්සා වීමට 20% හැකියාවක් ඇති බව පැවසෙනවා)
- දියවැඩියාව.
- දුම්පානය සහ අධික මත්පැන් භාවිතය.
- ස්වභාවික ලෙස ගබ්සා වීමට ඉඩ හැරීම
- බෙහෙත් ආධාරයෙන් ගබ්සාව සම්පූර්ණ කිරීම.
- ශල්‍ය කර්මයක් මගින් කළලය ඉවත් කිරීම
යන ක්‍රම තුනෙන් ගබ්සාවක් වූ විට වෛද්‍ය ප්‍රතිකාර සිදු කෙරෙනවා.
විශේෂ රෝගී තත්වයක් නොමැතිව ගබ්සා වීමක් සිදු වූයේ නම් ඔබට වෛද්‍ය ප්‍රතිකාර වලින් පසු මානසික තත්වය යහපත් කරගෙන නැවත ගැබ් ගැනීමට හැකියාව තිබෙනවා.
ඒ නිසා ගබ්සාවක් සිදු වූ පසු කිසිසේත්ම මානසිකව ඇදවැටී ඔබේ කිරි සිහිනය අමතක කර දමන්නට එපා.
-නිබන්ධිකා-