බොහෝ වේලාවක් රෝස පෙති ග්‍රහණය කර ගෙන සිටි ඔහු දෑස හැර ඇගේ දෑස දෙස බැලුවේය. ඉදින් එය තව දුරටත් පෙර පරිදි ආයාසයෙන් තද කරගෙන නොමැත. මිට මෙළවී තිබූ ඇගේ දෑත ඈටත් නොදැනීම ඔහුගේ බඳ වටා එතී ගොස්ය. හේ හීන් සීරුවට ඔහුගේ දෙතොල රෝස පෙති මතින් මුදවා ගත්තේය. ඈ තවමත් නිහඬය. සෙළවීමකුදු නොමැත්තේය. වටකුරු දෑස නිහඬවම පියවී ගොස්ය.
” මං ගොඩාක් ආදරෙයි සුදු බෝලේ…!”
රෝස පෙති මතින් මිදී ගිය ඔහුගේ දෙතොල නතර වූයේ ඇගේ සවන අසලය.
” මනූ…!”
” trust me…!”
ඔහු සෙමින් පහත් වී ඈව දෝතට ගත්තේය. ඔහුගේ ගෙල මත දෑතම බදා ගත් රුවැත්තිය වහා ඔහුගේ පපු ගැබෙහි සැඟවුණාය.
රෝමාන්තිකයාගේ දෑතින් මිදුණු මල් කළඹක් යහන මත සැතපුණේය. වර්ෂාව තවමත් එලෙසමය. ඈතින් ඇසෙනා අකුණු හඬද එලෙසමය. ජනෙල් කවුළු තුළින් අපහසුවෙන් රිංගා ඇතුළට පිවිසෙන සීතල සුළඟ ඔහුගේ ගත යන්තමින් සිප වැළඳ ගනිද්දී හේ හැඳ සිටි අත් දිගු කළු පැහැ කමිසය ගතින් මුදවා දැමුවේය. ඉන්පසු සරාගී නිරුවත් පිරිමි උඩුකය දැක කලබලයෙන් එහා මෙහා දුවන කෝල දෑසක් හිමි ඈ වෙත පහත් වූයේය.
කෙතරම් අලංකාර පුෂ්පයන් වුවද වසා පවතින විට එහි සුන්දරත්වය දැකිය නොහැකිය. තව දුරටත් වැට කඩොළු හෝ සීමා වලට තමා නතර කරන්නට බැරි බව ඉන්තේරුවෙන්ම දන්නා ඔහු මල් කළඹ වටා එතී තිබූ සළුපිළි සෙමින් ඉවත් කර දැමුවේය. ඉදින් තරුණ දෑසට නොඉවසිල්ලක් නොවුණේය. එය සුන්දර නාරි දේහය වටා ඉවක් බවක් නොමැතිව දුවන්නට පටන් ගත්තේය . දෑසේ සහයට ඉන්පසුව ඉදිරියට ආවේ අතැඟිලිය. රෝමාන්තිකයාගේ සරාගී අතැඟිලි නිරුවත් නාරි මල් කළඹ වටා සෙමින් සෙමින් එතී යන්නට පටන් ගත්තේය. සැනසුම් ස්පර්ශයක ප්‍රේමණීය හැඟීම දිවියේ ප්‍රථම වතාවට අත් විඳින තරුණිය අතැඟිලි ස්පර්ශයෙන් පසුව ඔහුගේ උණුසුම් සුසුම් සර වින්ඳාය. හේ තව දුරටත් රන් වන් පැහැ ගත් ගෙල මත තම දෙතොළින් නාද රටා වයමින් උන්නේය . ඔහුගේ නිරුවත් උඩුකයට ස්පර්ශ වෙමින් යන හංස රටා හමුවේ ඉවසාගත නොහැකි වූ ඇගේ දෑඟිලි මතින් යහනේ සුදු ඇතිරිල්ල පොඩි වී ගියේය.
” සුදු බෝලේ.. trust me…!”
ගෙල මත දඟ කරමින් තිබූ ඔහුගේ දෙතොල ඇගේ සවන අසලින් එසේ කොඳුරා නැවත ගෙල මතට පතිත විය. ඉන්පසුව තව දුරටත් දේහදාරියාගේ සිරුර පල්ලම් බැස ගිය අතර එය සේද මාවතක් පුරා හංස රටා අයිති කර ගනිමින් සිටියේය. ඇතිරිල්ලේ දඟලමින් තිබුණු රුවැත්තියගේ දෑත ඔහුගේ හිසකෙස් මතින් පිරිමදිමින් එහි අතරින් පතර සැරි සැරූ අතර ඔහු නීල ජලාශයක හංස රැඟුමන් අතර අතරමංවී සිටියේය.
” එපා…!”
කෙතරම් උත්සාහ කළද එය මුවින් පිටවුණිද නොවුණිද යන්න ඇයට තේරුම් කර ගත නොහැකි වූවාය . බොහෝ වේලාවක් යහන මත සිටි ඔහු ඇගේ කෙඳිරිය නොතකාම යහන අසල බිම දෙදණ තබා ගත්තේය. වර්ෂාව තවමත් එලෙසමය. ජනෙල් කවුළුව අතරින් එතෙක් වේලා පැමිණි සීත සුළඟ දැන් හිරිකඩක්ද රැගෙන පැමිණ ඇත්‍තේය. රෝමාන්තිකයාට සීත සුළඟින් වගක් නොවුණේය. යහනට ඉහලින් නිදන කාමරයේ බිත්තිය මත එල්ලා තිබෙන නෙළුම් මලක ජායාරූපයකි. එහි මල් පෙති මත නොඉවසිල්ලෙන් යුෂ උරා බොන මී මැස්සෙකි. මලක වුවද පෙති දිග හැරිය යුත්තේ ඉවසීමේ උච්චතම අවස්ථාවේ සිටය. එය කිසිසේත්ම කලබලයට කළ නොහැක්කේය. ඉදින් ඔහු බොහෝ වේලාවක් සෙමින් සෙමින් මල් පෙති තුළ අතරමං වෙමින් සිටියේය . ඈ සතු වූ දුක්ඛදායක හා වේදනාබර අත්දැකීම් වලට එහා මිහිරි ආශ්වාදජනක ස්වරයක ඔහු විසින් ඈ සෙමින් පැටළවීමට උත්සාහ දරමින් සිටියේය. ඉදින් යහන මත සිටිනා රුවැත්තියට දිවියේ මින් පෙර විඳ නැති සුවයක උච්චස්ථානයක සංතුෂ්ටියක් ලබා දුන් ඔහු , එහි සර්ව සම්පූර්ණත්වයට පැමිණ තෙත් වූ උඩුකයෙන් නැවතත් යහනට ගොඩ වූයේය.
වර්ෂාව රාත්‍රිය හිමිකර ගෙන හමාරය. ප්‍රේමයේ උච්චස්වර වැයෙන හදවත් දෙකක හෘදස්පන්දනය කෙතරම් ඉහලින් වැයෙනවාදැයි දෙදෙනාම නොදැන සිටියහ . කෙතරම් පහළින් වැයෙනවාදැයිද නොදැන සිටියහ. රුවැත්තිය සිටියේ වෙනම ලොවකය. ආශ්වාදයේ පරමානන්දනීය සුවය යහන මත වූ හදවත් ද්විත්‍වය පුරාම පැතිර ගොස් තිබූ අතර බොහෝ වේලාවකට පසු රෝමාන්තිකයා සෙමින් හති ළන හඬක් ඇසුණේය.
********************************************
වැහි අඳුරත් , රාත්‍රියත් පළවා හැරි සූර්‍ය කිරණ සෙමින් සෙමින් පොළෝ ගැබ සිපගනිමින් සිටියේය. රැය පහන් වන තුරාවට වැහි ජලයත් , සුළඟත් සමඟ ඔට්ටු වූ එළිමහනේ වෘක්ෂ ලතාවෝ තවමත් අතු , ඉති අග රැඳී ඇති අවසන් ජල බිඳිතිත් පොළොවට පතිත කරමින් සිටියහ.
වසර ගණනාවකින් සැනසිලිදායක නින්දක් ලැබූ තරුණිය සෙමින් දෑස විවර කළාය. ඉන් පසුව තම දෑස් ඉදිරියේ සිරුරේ අඩක් පමණක් වැසෙන සේ සුදු ඇතිරිල්ලක් පෙරවාගෙන සුවබර නින්දකට වැටී සිටින කඩවසම් දේහදාරියාගේ නිරුවත් උඩුකයත් , සරාගී මුහුණත් දැක ඈ පළමුව තිගැස්සී ගියාය. මේ නම් වසර ගණනාවකට පෙර තමා රහසේම දුටු සිහිනයකි. මේ නම් වසර ගණනාවක් මුළුල්ලේ උදෑසන පළමු හිරු කිරණ සමඟ තම දෑස විවර වන විට දකින්නට ආශාවෙන් පෙළුණු සිහිනයකි . ඈ ඔහුගේ නිදි උවන දෙස මොහොතක් ගල් ගැසී බලා සිටියාය. ඉන් පසුව වේගයෙන් ඇසි පිය සළා තමා සිටින්නේ සිහිනයක නොවන බව තේරුම් ගත්තාය. තව දුරටත් එකී සිහිනය සිහිනයක් නොව සැබෑවක් බවට ප්‍රත්‍යක්ෂ කර ගත්තාය. වසර ගණනාවකට පෙර තම ප්‍රථම ආදරය සදාතනිකව හිමි කර ගත් රෝමාන්තිකයා එකල තමා සිහිනෙන් දුටු ලෙසටම , ඊට පසුවත් දරුණු , කටුක , වේදනාබර රාත්‍රීන් බොහෝ වාරයකට පසුව හඬ හඬාම සිතින් විතරක්ම පැතූ ලෙසටත් ඇගේ අසලින් ඇගේ දෑස ඉදිරියෙන් නින්දට වැටී සිටියේය. ඉදින් තවත් මොහොතකින් ඇගේ දෑසින් කඳුළු ගලා වැටෙන්නට පටන් ගත්තේය. නමුදු ඒ කිසිදු වේදනාබර හෝ දුක් බර ශෝකී හැඟීමකට අයත් කඳුළු බිඳු නොවූවේය. ඒ සියල්ල සතුටු කඳුළු පමණක්ම වූයේය.
” උදේ පාන්දර ඇහැරිලා මගේ ලස්සන මූණ දිහා බලන් හිටියට කමක් නෑ. හැබැයි අඬන්න ඔට්ටු නෑ.. “
ස්නේහවන්තයා පවසන්නේ තවමත් දශමයකින් හෝ දෑස විවර නොකරමය. ඔහුගේ වදනින් පුදුමයට පත් ඈ වහා ඔහුගේ උවනට එබුණාය.
” නිදා ගෙන නෙමෙයිද හිටියේ ? ඇස් දෙක අරින්නෙත් නැතුව කොහොමද මං බලන් ඉන්නවා කියලා දැනගත්තේ ? “
ඇගේ විමතිය පිරි වටකුරු දෑස ඔහුගේ මුව මත එහා මෙහා දිව යද්දී ඔහු දෑස නොහැරම ඔහුගේ අතක් ඇගේ බඳ වටා යවා ඈ තම තුරුළට ඇද ගත්තේය.
” මං පොලිස් කාරයෙක් කියලා අමතක උනාද සුදු නෝනා ? ඇස් ඇරගෙන වගේම වහගෙන හිටියත් මං වටේ වෙන දේවල් මට තේරුම් ගන්න පුලුවන් .”
ඉදින් තරුණියගේ උවන පුරා මල් සිනා පිරි මන්දස්මිතයක් පැතිර ගිය අතර දෑස විවර කළ ඔහු මහත් ආශාවකින් ඒ සිනහ පිරුණු වටකුරු උවන දෙස බලා සිටියේය.
” මං ගෙදට්ට කෝල් එකක් දෙන්නං. ජාන්වීටත් ලෑස්ති වෙන්න කියන්න. “
” කොහෙ යන්නද ? “
” ඇයි මං සුදු නෝනාට ඊයේ රෑ කිව්වේ අද එළිය වැටුණු ගමන්ම මිසිස් මල්දෙණියගෙ නම අයින් කරලා මිසිස් විජේවර්ධන වෙන්න ලෑස්ති වෙන්න කියලා. ?”
” මනූ…!”
” මොකෝ…?”
ඔහු වහා ඇගේ උවනට එබුණේය. ඈ සෙමින් සෙමින් ඇගේ අතැඟිලි ඔහුගේ හිසකෙස් අතරින් යවමින් හිස පිරිමැද්දාය.
” හදිස්සියක් නෑනේ ?”
” බෑ.. ආයේ මාව දාලා ගියොත් එහෙම..?”
ප්‍රේමවන්තියගේ මුව පුරා නැවතත් සිනහවක් පැතිර ගියේය.
” දැන් ඉතිං ඔයාව දාලා යන්න තියෙන්නේ එහා ලෝකෙට විතරයි. මට පුදුම සැනසීමක් දැනෙනවා මනූ.. කවදාවත් එහෙම හැඟීමක් දැනිලා නෑ. තාමත් මට මේක විශ්වාස කරන්න බෑ.. දැන් නම් මට මැරුණත් සැපයි… “
ඈ එසේ පවසා සැනසිලිදායක සුසුමක් අත හැරියද දේහදාරියාගේ රකුසු ඇස් දැක මඳක් තිගැස්සුණාය .
” ඇයි ? ”
” මොකද්ද කිව්වේ ?”
” මං ඉන්නේ තාම හීනෙක වගේ මනූ.. විශ්වාස කරගන්න බෑ.. “
” නෑ.. ඒක නෙමෙයි . ඊට පස්සේ කිව්වේ මොකක්ද ?”
” ඊට පස්සේ ? ඊට පස්සේ මොකද්ද කිව්වේ ?”
” ඒක තමයි මාත් අහන්නේ ? මොකද්ද කිව්වේ ?”
” ආ.. මැරුණත් සැපයි කිව්ව එකද ?”
ඇගේ උවන යළිත් සිනා පොකුරු වලින් පිරුණේය.
” විහිළුවටත් ආයේ ඔය කතාව කියන්න එපා සුදු බෝලේ . ඔයාට ඕන උනත් ඔයාට බෑ කවදාවත් මාව එහෙම දාලා යන්න. මං එහෙම දෙයක් වෙන්න ඉඩ තියන්නෙත් නෑ. විහිළුවටවත් ආයේ ඔය කතාව කියන්නෙපා. “
ප්‍රේමවන්තයාගේ දෑස ප්‍රේමිය නාමයෙන් ආදරයෙන් පිරී ගොසින්ය. ඉදින් ඔහු වචනයකින් හෝ ඇගේ දුරස් බව නොපැතුවේය.
” බඩගිනියි..”
හේ නැවතත් ඈව තුරුළට ගනිමින් මිමිණුවේය.
එය ඇසුණු සැණින් සිතැත්තිය පමණට වඩා කලබල වූවාය.
” අනේ.. දෙයියනේ මනූ.. ! ඔයා ඊයේ රෑට කාලද හිටියේ ? මට ඒක අහන්නවත් බැරි උනා. “
” මං හිතන්නේ අන්තිමට කෑවේ ඊයේ උදේ..”
” දෙයියනේ.. මනූ..!”
ඈ වහා ඔහුගේ තුරුළෙන් මිදුණාය.
” විනාඩි පහක් දෙන්න , මං මොනාහරි ටක්ගාලා හදන් එන්නං . එතකන් තේ එකක් හදලා දෙන්නද ? “
” උදේ පාන්දර ගල් අරක්කු බොන්න බෑ බබා..”
” අනේ..!”
ඈ මුහුණ බෙරි කර ගනිද්දී ඔහු මුව පුරා හසරැල්ලක් නැඟුවේය.
” ඉන්න.. !”
විසිරී තිබූ පෙරවනය යළි ළැම මතට තද කර ගත් ඈ යහනෙන් බැසීමට සූදානම් වූවාය.
” කොහෙද යන්නේ ?”
” විනාඩි පහක් දෙන්න. මං ටක් ගාලා කන්න මොනාහරි හදන් එන්නං .”
” මෙහෙට එන්න..”
ඔහු නැවත වතාවක් ඈව තම තුරුළට ඇද ගත්තේය .
” මාව දාලා යන්නෙපා සුදු නෝනා..”
” කන්න මොනාහරි හදන් එන්නං රත්තරනේ.. ! විනාඩි දෙක තුනක් දෙන්නකෝ..”
” එපා.. ”
” මනූ… !”
” එපා.. “
” මනූ… ඔයා බඩගි…..”
රුවැත්තියට තවත් කතා කිරීමට නොහැකි වූවාය. රෝමාන්තිකයා නැවතත් රෝස පෙති තමා වෙත නතු කරගනිමින් සිටියේය.


