BE SILENT – 81

0
2909

” මනූ.. මට අද කීප දෙනෙක්ම මීට් වෙන්න තිබ්බා. ඒ වැඩ වලටයි මං ගියේ. “

“ඔයා යන එන තැන් ගැන මට ප්‍රශ්නයක් නෑ බෝලේ . අරහෙ යන්නද ? මෙහෙ යන්නද ? කියලා මගෙන් පර්මිශන් ගන්න ඕනෙත් නෑ. ඒත් .. ඇයි මට ජාන්වී එක්ක යනවා කියලා බොරු කිව්වේ ? ආ..? “

” කිව්වොත් ඔයා යන්න දෙන එකක් නෑ කියලා හිතුණා.. “

” ඇයි ඔයා කොහෙද ගියේ ? ම්ම් ? “

නෙත්‍යා නැවතත් විසල් සුසුමක් හෙළුවාය. 

” මං ගියේ රමිතවයි , නර්මදාවයි මීට් වෙන්න. “

මනුහස්ගේ උවන තව දුරටත් අඳුරු වී ගියේය . ඔහු දෙස කෙලින් බලා සිටි නෙත්‍යා හට ඔහුගේ එම වෙනස හොඳින්ම දැනුණාය.

” මොකටද ?” 

ප්‍රශ්නයද රළුය . එහි ස්වරයද රළුය .

” මයන්ගෙන් පස්සේ මල්දෙණිය ගෲප් එකේ හැමදේම බැලුවේ මයන්ගේ අම්මා. එයත් හිටපු නැති දවස් ටිකට බිස්නස් එක අවුල් ජාලාවක් වෙලා මනූ. ඩිරෙක්ටර් බෝඩ් එකක් හිටියට , එයාලට ඩිසිශන්ස් ගන්න පුලුවන් කමක් තිබ්බට ඒවා ඇපෲ කරන්න චෙයාමන් කෙනෙක් ඉන්න ඕනේ. දැන් එතන මයන් නෑ. අම්මත් නෑ. “

” හහ්…”,

මනුහස් සමච්චලයට සිනාවක් නඟමින් හිස දෙපසට සැලුවේය . ඉන් පසුව ඇඟිලි මත සිරවී තිබූ දුම්වැටිය මුවට ළං කර ඉන් උගුරක් පානය කර , දුම් වළල්ලක් නැඟුවේය. 

” මනූ…” 

ඇගේ කෙඳිරිලි ස්වරයෙන් ඵලක් වූයේ නැත. ඔහු ඈ රිදවන්නට මෙන් දිගින් දිගටම දුම්වැටිය උරා බීවේය .

” දැන් එතකොට ඔයා ගියේ එතන අඩුවෙලා තියන චෙයාමන් පෝස්ට් එකේ වැඩ බාර ගන්නද ? මං ඔයාට මීට කලිනුත් කිව්වා මල්දෙණිය ගෙදර වගේ ලක්ශරි ලයිෆ් එකක් ඔයාට දෙන්න බැරි උනත් , ඔයාට කන්න , අඳින්න දීලා , අඩුපාඩුවක් , දුකක් නැතුව බලා ගන්න මට පුලුවන් . එහෙම එකේ ඔයා ඕකේ රිංගන්න යනවට මං කැමති නෑ.. අනිත් එක උන්ට මොනා උනාම අපිට මොකද ? “

ඔහු ඇගේ මුවින් ඔහුගේ දෑස ඉවතට ගත්තේය . එක දිගට පෙනෙන ගොඩනැගිලි මත දැල්වෙන විදුලි පහන් දෙස ඔහු ඉවක් බවක් තොරව වේගයෙන් දෑස ගෙන ගියේය. 

” මනූ.. , මයන්ට ඔහොම නෙමෙයි  , තව අවුරුදු විස්සක් , විසි පහක් යනකන් හැංගිලා ඉඳලත් හොඳ සැපෙන් සනීපෙන් ඉන්න පුලුවන් තරමට එයා ලඟ සල්ලි තියනවා. ඒත්.. මල්දෙණිය ගෲප් එකේ හොටෙල්ස් වල , ඔෆිස් වල , ෆැක්ට්‍රීස් වල මිනිස්සු දාස් ගාණක් වැඩ කරනවා. ඒ මිනිස්සුන්ට රකින්න පවුල් තියනවා. දරුවෝ ඉන්නවා. මෙච්චර දවස් කරගෙන ආපු හැම ඩීල් එකක්ම නැවතිලා . මෙහෙම ගියොත් අඩුම තව මාසයක් යද්දි මුළු මල්දෙණිය ගෲප් එකම ලොස්ට් වෙනවා. එතකොට අර මිනිස්සුන්ට මොකද වෙන්නේ ? ඩිසිශන්ස් ගන්න , ඒවා ගැන කතා කරන්න පුලුවන් කම තිබ්බට ඩිරෙක්ටර් බෝඩ් එකට ඒවා ක්‍රියාත්මක කරන්න එයාලට බලයක් නෑ. ඒ හැමදේම කළේ මයන් නැත්තන් අම්මා. තමන් වටේ කිසිම කෙනෙක්ව මයන් විශ්වාස කළේ නෑ. ඒ නිසා මයන් , අම්මා දෙන්නා නැති උනොත් මුළු ගෲප් එකේම වැඩ ඩවුන් වෙනවා. එතන වැඩ කරන මිනිස්සු පව් මනූ… , “

මනුහස් විසල් සුසුමක් හෙළුවේය.

” දැන් ඔයා මොකක් කරන්නද එතනට ගියේ ?” 

” මල්දෙණිය ගෲප් එකේ ශෙයාස් බෙදිලා තියෙන්නේ සීයට පනහක් මයන්ගේ නමට , විස්සක් අම්මගේ නමට , දහයක් මගෙ නමට. ඉතිරි විස්ස අනිත් ශෙයා හෝල්ඩර්ස්ලාට. මයන්ගේ මරණෙන් පස්සේ හරි නං එයාගේ ශෙයාස් වලින් සීයට පනහක් ඒ කියන්නේ සීයට විසි පහක් මට , ඉතිරි සීයට විසි පහ අම්මට විදිහට බෙදිලා යන්න ඕනේ.  හැබැයි මයන් ඒක ලියලා තියෙන්නේ කවදහරි එයාගේ මරණෙන් පස්සේ ඒ සම්පූර්ණ ශෙයාස් ටික මගෙ නමට ලැබෙන විදිහට. මයන් ඕක ලියද්දි හිතන්න නැතුව ඇති එයාට කවදාවත් මෙච්චර ඉක්මන්ට මැරෙන්න වෙයි කියලා.

 එයා දැන් හිටියත් නැතත් එයාගෙ නමට මරණ සහතිකයක් ලැබිලා ඉවරනේ මනූ. බිස්නස් එකේ ශෙයාස් වලින් එතකොට මේ වෙද්දි ශෙයාස් සීයට හැටක්ම තියෙන්නේ මට. මං ඒක දැන ගත්තේ මයන්ගෙ මරණෙන් දවස් තුන හතරකට පස්සේ මයන්ගේ ලෝයර් ඇවිල්ලා මාව මීට් වෙලා ඒක පැහැදිලි කරලා දුන්නාම. මං එවෙලේ හිතුවා ඒ ඔක්කොම මයන්ගේ අම්මගේ නමට පවරන්න . ඒත්… ඊට පස්සේ එක දිගට ආපු ප්‍රශ්න එක්ක මට ඒ දේ මඟ ඇරුණා මනූ. අනික අම්මා ඊයේ ගෙදර ඇවිත් තිබ්බත් අද මේ වෙනකන්ම ඔෆිස් එකේ කිසිම දෙයක් ගැන කතා කරලා නෑ. කීප දෙනෙක්ම එයත් එක්ක මේ ගැන කතා කරන්න හැදුවත් එයා ඒ හැමෝවම ආයේ හරවලා යවලා. මට මල්දෙණියලගෙන් ඇති වැඩක් නෑ මනූ. ඒත් මල්දෙණිය ගෲප් එකත් එක්ක ජීවත් වෙච්ච මිනිස්සු පව්. ඒ මිනිස්සුන්ව අතෑරලා දාන්න බෑ. මට තව දවස් තුන හතරක් දෙන්න. මට මේ හැමදේම අම්මගෙ නමට හරි  වෙන කාටහරි පවරන්න ඕනේ. එහෙම කරලා මට එතනින් නිදහස් වෙන්න ඕනේ. “

මනුහස් නැවතත් දිගු සුසුමක් හෙළුවේය. ඉන්පසුව අතේ ඉතිරි වී තිබූ දුම්වැටි කොටස විසි කර දැමුවේය.

” බලන් ගියාම ඌ එතන කරලා තියෙන්නෙත් කපටිකම. ඔය ශෙයාස් ඔයාගේ නමට පවරද්දි ඌ හිතන්න නැතුව ඇතිනේ ඌට මෙච්චර ඉක්මනට මැරිලා යන්න වෙයි කියලා ? මොනා උනත් ඌ උගේ අම්මට වැඩිය ඔයාව විශ්වාස කරලා තියනවා. කවදමහරි අම්මා උනත් වෙනස් වෙන්න පුලුවන් කියලා ඌ හිතන්න ඇති. හැබැයි ලෝකෙට පේන්න ගේ ඇතුළේ තියන් ඉන්න ඔයා ගැන ඌ සැක කරන්න නෑ. ඒකයි ඔහොම වැඩක් කරන්න ඇත්තේ. “

මොහොතක් ගත වන තුරුම ඔහුවත් , ඇයවත් කිසිවක් පැවසුවේ නැත . මෙතෙක් වේලා මනුහස් දෙස හැරී සිටි නෙත්‍යා ඔහුට පිටු පා බරාඳයට බර වූවාය . 

” සොරි..!” 

මනුහස්ගේ හදවත යළිත් දැවෙන්නට පටන් ගත්තේය . තමා ඉක්මන් වූවා වැඩිය. ඇගේ සිත නොරිදා මේ පිළිබඳව විමසන්නට කෙතරම් උත්සාහ ගත්තද , තමා කලබල වූවා වැඩිය. 

” ගිහිල්ලා නිදා ගමු මනූ.. , උදෙන් නැඟිටින්නත් ඕනෙ නේ.. “

එසේ පැවසූ නෙත්‍යා යළි හැරී නිදන කාමරය වෙත යෑමට අඩි තැබුවාය. වහා ඉක්මන් වූ ඔහු ක්ෂ්ණිකව ඇගේ අතකින් අල්ලා තමා අසලට ඇද ගත්තේය .

” සොරි කියලා කිව්වනේ දැන්..”

ඇගේ උවනට පහත් වූ ඔහු ඇගේ සවන අසල දෙතොල තවරමින් එසේ පැවසුවේය . 

” කමක් නෑ මනූ.. ගිහින් නිදා ගන්න “

ඈ කෙසේ පැවසුවද ඇගේ සිත නරක් වී ඇති බව ඔහුට හොඳින් දැනුණේය.

” තරහට නෙමෙයි බෝලේ කිව්වේ. සොරි ඉතිං මං කලබල උනා. “

” ඔයා හිතුවා මං ඔයාට බොරු කරා කියලා . එහෙමනේ..?” 

ඈ යළි හැරී ඔහුගේ උවන දෙස බැලුවාය . ඒ වටකුරු දෑස කෙලින් බැලීමට නොහැකිව ඔහු තම දෙතොල තද කර ගත්තේය .

” මල්දෙණියලගේ සල්ලි මට ලොකු නෑ මනූ. එයාලගේ එක රුපියලක්වත් මට ඕනේ නෑ. ඔයා හිතුවේ ඒවාට කෑදර කමේ මං ගියා කියලද ? “

” ඒයි .. ඒයි .. මං එහෙම දෙයක් කිව්වේ නෑ. “

” එහෙනං ඇයි මනූ කිව්වේ එයාලගේ තැන් වල රිංගන්න යන්න ඕනේ නෑ. ඔයාට කන්න අඳින්න දෙන්න මට පුලුවන් කියන කතාව ? මං දන්නවා ඔයා මොන තත්වෙක හිටියත් මාව කිසිම අඩුපාඩුවක් නැතුව බලාගන්නවා කියන එක. “

” මං එහෙම හිතලා කිව්වේ නෑ බෝලේ. ප්ලීස්…!” 

කිසිවක් නොපැවසූ නෙත්‍යා යළි හැරී නිදන කාමරය වෙත අඩි තැබුවාය. දෑසින් ගලා එන කඳුළු බිඳු එක දිගට පිස දැමූ ඈ උගුරෙන් නැඟෙන ඉකිය අපහසුවෙන් වළකා ගනිමින් යළි ඔහු දෙස හැරී බැලුවාය. දෑස තදින් පියා ගෙන සිටි ඔහු හිස ඉහලට ඔසවා ගෙන තදින් එක් අතකින් බරාඳය අල්ලාගෙන සිටියේය. ඔහුගේ නිරුවත් උඩුකය වේගයෙන් ඉහල පහල යන අයුරු දෙස මොහොතක් බලා සිටි ඈ ක්ෂ්ණිකව යළි ඔහු වෙත දිව ගොස් තදින් ඔහුව වැළඳ ගෙන එකී විසල් පපුතුරේ හිස හොවා ගත්තාය . කිසිවක්ම නොපැවසූ ඔහුද පහත් වී තදින් ඈ වැළඳ ගත්තේය. මොහොතක් නිහඬව සිටි මනුහස් යළි ඇගේ උවන තමා වෙතට හරවා එකී රෝස තොල් මතට බර වූයේය. වේගයෙන් හති ළන ‍යුවතිය සිහින් කෙඳිරියක් නඟින තුරුම ඔහු රෝස පෙති මුදා හැරියේ නැත. ඉන් පසුව වහා පහත් වී ඈ දෝතට ගත් ඔහු සෙමින් සෙමින් නිදන කාමරයේ යහන වෙතට අඩි තැබුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here