ඔලියැන්ඩර් – 37

0
272
oleander Flower

“තෝ මහ සක්කිලි පර බල්ලෙක් “

මහීල් වේගයෙන් හිඳ සිටි සෝපාවෙන් නැඟිට ටීපෝව මත තිබූ ජංගම දුරකතනය අතට ගත්තේය. තෝත් තොගේ පවුලේ උන් වගේම තමා. මහ ලොකුවට රටට පේන්න සත් ගුණවත් ධානපතියෝ වගේ පෙන්නුවට උඹලගේ ඇතුළේ ඉන්නෙම මහ කුහක හැත්තක්. මං .. මං හිතුවේ නෑ බං උඹ මේ වගේ කාලකණ්නි වැඩක් කරයි කියලා . හොඳට මතක තියාගනින් ඒ කෙල්ල….”

මහීල්ට තව දුරටත් වචන ගලපා ගත නොහැකි වූයේය. සෝපාවට හිස බර කර , දෑස පියා උන් හැඩිදැඩි තරුණයාගේ දෑසින් ගලා ගිය කඳුළු බිඳු ද්විත්වයක් ඔහුගේ දෙකොපුල් පුරා රූරා වැටෙන අන්දම ඔහු හොඳින්ම දුටුවේය. එක් වරම එකී දර්ශනයෙන් ගල් ගැසී ගිය ඔහු මොහොතකින් සිහි එළවා ගනිමින් වහා ඔහු උරහිස මතින් අත තැබුවේය. 

” ඒ.. ඒයි.. මචං.. ඇයි මේ ? මොකද්ද අවුල ? මට කියහන්කෝ ?” 

තවත් මොහොතකින් දෑස විවර කළ ඔහු සෙමින් හිස ඔසවා මිත්‍රයා දෙස බැලුවේය. ඔහුගේ බැල්ම වටහා ගත් මහීල් යළිත් වහා සෝපාවට බර වී එක එල්ලේ ඔහු දෙස බලා සිටියේය. 

” සඳැස්වි .. සඳැස්වි ආරණ්‍යා සෝමතිලක. සඳැස්වි කියන්නේ සෝමතිලකගේ දුව මචං “

” මොන @#%&ක්ද උඹ මේ කියවන්නේ ?” 

වේගයෙන් හුස්ම ඉහල පහල දමමින් මිත්‍රයා දෙස බලා සිටිනා මහීල් හට තව දුරටත් ඔහුගේ වචන විශ්වාස කර ගත නොහැකි වූයේය. පසෙක තිබු ජංගම දුරකතනය අතට ගත් දේහධාරී තරුණයා නාසය ඉහලට ඇද එහි තිබූ විද්‍යුත් පණිවිඩයක් මිත්‍රයා හට දිගු කළේය. 

” සඳැස්විගේ CV එක “

” අඩෝ එපා බං. ඒ ..ඒ .. එහෙම .. ? ඇයි යකෝ මෙහෙම උනේ ? “

ජංගම දුරකතනය වේගයෙන් ටීපෝව මතට අත හැර කලවය මතට බර කර ගත් දෑතින් නළල තෙරපවාගත් මහීල් හිස බිමට නැඹුරු කරමින් පහත් ස්වරයකින් විමසුවේය. 

” ඒ කෙල්ල හින්දා මං හුස්ම ගත්තා බං. අවුරුදු ගාණක් තිස්සේ එක පැය දෙකක් එක දිගට නිදා ගන්න බැරි උනු මං ඒකි ලඟ පැය හතර පහ එක දිගට නිදාගත්තා. ඒ කෙල්ල කියනවා වගේ මං නැතුව ඒකිට ජීවත් වෙන්න බෑ වගේම ඒ කෙල්ල නැතුව මටත් ජීවත් වෙන්න තේරෙන්නෙත් නෑ බං. ඉස්සරහට ඒකි නෑ කියලා දැනෙද්දි මගෙත් හුස්ම හිර වෙන්න එනවා බං. “

” අනේ යකෝ… “

” මේ කාලකණ්නි feelings වලටද බං ආදරේ කියන්නේ ? මේක මෙච්චර විඳවන දෙයක් නම් මොන @$%* කටද මට මෙහෙම එකක් දැනුණේ ? අපේ අම්මා කිව්ව විදිහට ඇත්ත දැනගත්ත දවසට ඒකි මගේ මූණට කෙළ ගහයි බං. මං .. මං එදාට කොහොමද ඒ මූණ දිහා බලන්නේ ? පපුව රිදෙනවා යකෝ.. උඹ දැකලා තියනවද කවදාවත් මාව මෙහෙම ? මට රිදෙනවා බං. මට මේ දැනෙන දේවල් දරාගන්න බෑ.. “

ඔහු වහා කොපුල් තෙමා ගිය කඳුළු බිඳු කිහිපයක් පිසදා දැමුවේය. 

” අනේ.. යකෝ ” 

වහා තම ප්‍රාණසමාන මිත්‍රයාව වැළඳ ගත් මහීල්  වේගයෙන් හුස්ම ඉහල පහල දැමුවේය. 

” මේ.. මේ අහපන්. ඔය සීන් එක දන්නේ අපි කීප දෙනෙක් විතරයි මචං . මැරුවත් අපි එකෙක්ගෙන්වත් ඕක පිටට යන්නෑ. එහෙම එකේ ඕක සඳැස්විගේ කනට කොහොමත් ‍යන්නෑ. මෙච්චර අවුරුදු ගාණක් අපි ඕක හංගන් හිටියා වගේ ඉස්සරහටත් එහෙම කරමු බං. සඳැස්වි මේක දැනගන්න අවශ්‍ය නෑ. මේ හිටියා වගේ ඉන්න පුලුවන් මචං “

මිත්‍රයාගේ දෙවුරින්ම අල්ලා පැන නැඟී ඇති ගැටළුවට දිය හැකි ලඟම විසඳුම ඔහු හට දීමට උත්සාහ කළද ඔහු නිහඬවම හිස දෙපසට සළමින් එයට එකඟ නොවූවේය . 

” සඳැස්විට මුළු ජීවිත කාලෙම මේක හැංගුවත් මට ඒ කෙල්ලගේ මූණ දිහා කෙලින් බලන්න පුලුවන් වෙයිද බං ? ඒ කෙල්ල අදටත් පණ වගේ ආදරේ කරන එයාගේ තාත්තව මරලා දැම්මේ මං කියන එක මට ඒ මූණ දකින දකින පාරට මතක් වෙයි බං. ඉතිං මං කොහොමද බං පරණ හිටපු විදිහටම ඒකි එක්ක ඉන්නේ ?” 

තත්පර කිහිපයක් පුරාවටම තරුණයින් දෙදෙනා අතර දැඩි නිහඬතාවයක් පැතිර ගියේය. 

” ඒ කෙල්ල යන්තං ඔලුව උස්සන් ආවා විතරයි බං. ජොබ් එක නැතුව ඉස්සරහට මොනවා කරයිද ?” 

බොහෝ වේලාවකට පසු පැතිර ගිය නිහඬ බව බිඳිමින් මහීල් හිස හරවා මිතුරා දෙස බලා ඇසුවේය .

” එයාට ජොබ් එක නැති වෙන්නෑ. “

” උඹ හිතෙනවද මේ දේවල් මෙහෙම උනාට පස්සේ ඒකි තවත් RD එකේ වැඩට එයි කියලා. “

” එන්න වෙනවා. “

” මොකද්ද ? “

එවර කුතුහලය පිරි දෑසින් මහීල් ඔහුගේ උවන වටා දෑස කැරකැවූවද එහි වූ අරුත ඔහුට තේරුම් ගත නොහැකි වූයේය. 

” හරි.. හරි.. දැන් උඹ මොකද්ද ඊලඟට කරන්නේ ? “

” සඳැස්විට සෝමතිලකගේ කාරණේ ආරංචි වෙන්න දෙන්න බෑ. ඒ කෙල්ල මාත් එක්ක වෛර බැඳ ගත්තදෙන් බං. හැබැයි මාව අප්පිරිය වෙන්න දෙන්න බෑ. “

” අනේ.. මචං.. ! “

” මට අපේ අම්මව ශුවර් නෑ. ඒ නිසා මං එයත් එක්ක ඇග්‍රිමන්ට් එකක් ගැහුවා “

යළිත් මහීල්ගේ කුතුහලය පිරි දෑස ඔහු වෙත යොමු වද්දී ඔහුගේ දෑස පසෙක සිටි සේවකයෙක් දෙසට විතැන් වූයේය. 

” ඩබල් එකක් ” 

” සර්..!” 

” කුණුහරප නාහා දාහන් “

” පිස්සුද @$* ? “

අතට ගත් එන්නත් කටුව වහා වැළැක්වූ මහීල් පෙරටත් වඩා ශබ්දයෙන් කෑගැසුවද ඔහු වෙත සමච්චල් සිනහවක් පෑ තරුණයා ඔහු වෙතින් තම අත මුදවා ගත්තේය .

” මේවයින් මාව මැරෙන්නෑ බං . මේවත් නැති උනොත්නං මාව මැරෙයි. “

තව දුරටත් මිතුරා හට තේරුම් කර දීමේ ඵලක් නොමැති බව වටහා ගත් මහීල් වහා වෙනතක් බලා ගත් අතර තත්පර කිහිපයකට පසු සියත්‍ර  යළිත් වරක් වේගයෙන් සුසුම් ළෑවේය .

” අම්මා පොරොන්දු උනා සඳැස්විට මේ මුකුත් කියන්නෑ කියලා “

” ඒකට හිලව් වෙන්න උඹ කරන්නං කිව්වේ මොකද්ද ?” 

ඔහු නිහඬවම මහීල් වෙතට දෑස හැරවුයේය. 

” ෂෙනාර්‍යා …”

” මට හිතුණා. “

මහීල් දඩාස් ගා ඉදිරියේ ඇති ටීපෝව මතට අතින් පහරක් ගැසුවේය. 

” උඹට ශුවර්ද ඔය උඹේම අම්මා කියලා ?” 

එවරද මුව අඟින් සමච්චල් සිනහවක් නැඟුවා විනා අනෙක් පස හිඳ උන් තරුණයාගෙන් කිසිවක් පිට නොවුණේය. 

” පව් යකෝ අර කෙල්ල. උඹ දැකලා තියනවද වෙන ගෑනියෙක්ව කසාද බැඳලා මාවත් පැත්තකින් තියාගන්න කියලා මාව හොරගෑනි විදිහට හරි තියාගන්න කියලා නොකියා කියන එකියක්ව ? . ඒකි අර කිව්වේ ඒක මචං. උඹව ලැබෙනවනං ඒකි තමන්වම උනත් පාතට දාගන්න ලෑස්තියි . පව් යකෝ.. මට තේරෙන්නෑ. ඒකි කොහොම මේ දේවල් දරාගනීද කියලා ?” 

” මගේ ඉස්සරහා ඔහොම ඇඬුවට සඳ අපිට පේන තරම් දුර්වල කෙල්ලෙක් නෙමෙයි බං. ඒකි මගේනේ බං . ජීවිතේ කවදාවත් මෙච්චර කෙල්ලෙක්ට බැඳිලා නැති මං ඒකිට බැඳුනේ ඒකි නිකන්ම නිකන් කෙල්ලෙක් නිසා කියලා උඹ හිතනවද. ? ෂෙනාර්‍යාව කසාද බැන්ඳත් මගේ මුළු හිතේම ඉන්නේ ඒ පොඩි කෙල්ල විතරයි. ඉතිං ඒ කෙල්ල කොහොමද බං හොර එකියක් වෙන්නෙ ? මගේ අතින් පව්කාර විදිහට එයාගේ තාත්තා මැරිලා ගිය දා ඉඳන් විඳින්න පුලුවන් හැම දුකක්ම විඳලා මෙච්චර දුර ආවට පස්සෙ මං එයාට ආයේ වැටෙන්න දෙන්නෑ. “

” ඒකි උඹට වෛර කරයි යකෝ. සාප කරයි. “

” කමක් නෑ බං. ඒත් .. මාව අප්පිරිය කරන එකක් නෑනේ. ? එයාගේ තාත්තව මරලා දැම්මෙ මං කියලා දැනගත්තු දවසටනම් මාව අප්පිරිය කරයි . ඒක එයා දැන නොගන්න නම් මං ඒ කෙල්ලගෙන් අයින් වෙන්න ඕනෙ බං. මේක මං කරන්නේ අම්මගේ තර්ජනේ හින්දම නෙමෙයි . කලින් කිව්වා වගේම මට ආයේ ඒ කෙල්ල දිහා ඔලුව කෙලින් කරන් බලන්න බැරි හින්දා . කවදහරි දවසක එයා එයාගේ කකුල් දෙකෙන් හිට ගන්නකන් මං එයාගේ පස්සෙන් ඉන්නවා. එච්චරයි “

මහීල් කිසිවක්ම නොපවසා විසල් හුස්මක් අත හැරියේය. 

” දැන් එතකොට සඳැස්වි ආයේ ආයේ RD එකේ ජොබ් එකට එන එකට උඹලෑ අම්මා අකමැති නෑ ?” 

නිහඬව හිස සලා නැත යැයි පැවසූ ඔහු මත් වූ දෑසින් මහීල් දෙස බැලුවේය. 

” අම්මා කියන දේවල් වලට මං එකඟ වෙන්න ඕනේ නං මං කියන දේවල් වලටත් එයා එකඟ වෙන්න ඕනේ. අම්මා දන්නව මාත් එක්ක වැඩ කරන පිළිවෙළ. “

” කෙලින් කියහන් උඹලෑ අම්මා උඹව බ්ලැක්මේල් කළා කියලා ? ෂෙනාර්‍යාව මැරි කළේ නැත්තන් සඳැස්විට සෝමතිලක ගැන කියනවා කිව්වා කියලා ? මං හරිනේ ? අනේ යකෝ.. උඹ නිසා මට කටට එන ඒවා එළියට දාන්න බෑ. “

ටීපෝව මත තිබූ මත්පැන් බෝතලයෙන් පුරවාගත් වීදුරුවක් එක හුස්මට පානය කළ මහීල් එය ශබ්ද නඟා යළි ටීපෝව මතම තැබුවේය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here