දවසක් අවසානේ ට්‍රැෆික් පෝලිමෙත් හිරවීම දුකක්. කුසේ ඉන්න චණ්ඩියත් වරින් වර එයා ඉන්න බව මතක් කරනකොට අපහසුතා අලුත් වෙනවා.
මොනවා කරන්නද.. මේ අපේ රටේ හැටි!
ට්‍රැෆික් පෝලිමේ එහෙමෙහෙ යන පුංචි දරුවෙක් මගේ අවධානය එයා වෙතට ගත්තේ මටත් හොරා. හිඟමනේ යන දරුවෙක්. මේ රාත්‍රියේ මොන තරම් අනාරක්ෂිත ද?
පදික වේදිකාවේ ඉන්න ඔවුන්ගේ අම්මා මට පෙන්නුවේ භානුක. ඇය ගර්භනී මවක්. මං මොහොතකට මං විඳින පරිස්සම ගැන හිතලා බැලුවා. පවුල, කාර්යාලය,අසල්වැසියන් මොන තරම් පරිස්සමින් මාව රකිනව ද?
අර ඉන්නෙත් අම්මා කෙනෙක්. මේ පාර පුරා දුවන්නේ තවත් පුංචි ජීවිතයක්.
“පොලිසිය කරන්නේ දරුවා පරිවාසෙට දාලා අම්මට නඩු දාන එක තාරු. ඔය ප්‍රශ්නවල කෙළවරක් නෑ. ළමා නිවාස ඇතුළෙත් මොන තරම් කතන්දර තියනවද”
භානුක රථය පණ ගැන්වුවේ මගේ කල්පනාව බිම හෙළමින්.
ඇත්තටම ඒ ප්‍රශ්නය කෙළවර කරන්නම බැරි ද? වීදි දරුවන් දකින හැම මොහොතකම මගේ හිත කියන්නේ අන්න ඒ දේ.
අපිට පටන් ගන්න මොකක්ම හරි තැනක් ඇති. දරුවෝ කියන්නේ පාරක් ගාණේ දිය වෙන්න ඕන අයට නෙවෙයි. පිපෙන්න කලින් තැලිලා පොඩි වෙලා යන්න ඕන අය නෙවෙයි.
-නිබන්ධිකා-