One pot meal – මස් සහ බිත්තර යෙදූ නූඩ්ලස් සුප්

One pot meal සංකල්පයෙන් අපි ඔබට විවිධ රෙසිපි ගෙනත් තිබෙනවා. වළං කිහිපයක් භාවිතා නොකර ඉක්මනින් පහසුවෙන් උයා ගන්න මේ රෙසිපි කදිමයි.
කලබල දවසකට හොඳ සමබල ආහාරයක් තමයි මේ.
The current image has no alternative text. The file name is: 157416297472129934235816653422025133078610635897749.jpg

අවශ්‍ය දේවල්.

  • තම්බා ගත් අල ගෙඩි 2
  • තම්බාගත් චිකන් 100g
  • තම්බා ගත් බිත්තර 2
  • නුඩ්ල්ස් (පොඩි) පැකට් 1
  • ලුණු ස්වල්පයක්
  • ඉඟුරු,
  • කහ, ගම්මිරිස්,
  • අමුමිරිස් කරල්
  • සුදු ළූණු සහ ළූණු
  • කිරි කෝප්ප 1

සාදා ගන්නා ආකාරය:

  • මුලින්ම චිකන්, අල, ලුනු ටිකක් හා කහ ටිකක් දමා තම්බා ගන්න.
  •  චිකන් ස්ටොක් එක එයට එකතු කරන්න එපා.
  • නුඩ්ල්ස් හා බිත්තර තමිබා ගන්න.
  • පසුව භාජනයක් ලිප තබා එයට තෙල් ටිකක් දමා ඉඟුරු, ළූණු සුදු ළූණු සහ අමු මිරිස්  බැද ගන්න.
  • එයට කුඩාවට කපා ගත් (තම්බා ගත්) චිකන් දමන්න. කහ, ගම්මිරිස් ටිකක් එකතු කරන්න.
  • පසුව එයට තම්බා ගත් අල හොඳින් පොඩි කර එකතු කරන්න.
  • එයට චිකන් ස්ටොක් එක ද දමා ගන්න.
  • දැන් එයට නුඩ්ල්ස් (තම්බා ගත් වතුර සමග) එකතු කර, තම්බා ගත් බිත්තර ද කුඩා කෑලිවලට කපා ගෙන එකතු කරන්න.
  • අවසානයට කිරි කෝප්පය දමා, රස අනුව ලුණු  දමා ලිපෙන් බාගන්න.

Related Articles

Don't Miss


Latest Articles