ඉස්සසෝ කරිය

හැමදාම එකම විදිහට හදන ඉස්සෝ කරිය අද ටිකක් වෙනස් රසයකට පිළියෙල කරන ආකාරය ඔබට කියල දෙන්නයි අද අපේ සූදානම.

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉස්සන් ග‍්‍රෑම් 500 ක්
  • තක්කාලි ගෙඩි 01ක්
  • බී ළුණූ  ගෙඩි 01 ක්
  • අමු මිරිස් කරල් 02 ක්
  • මහදුරු ඇට
  • කරපිංචා කොළ 08
  • බැදපු තුනපහ තේ හැදි 02
  • පොල් කිරි කෝප්ප 02
  • ලූණු
  • පොල්තෙල් තේ හැදි 02
  • දෙහි යුෂ තේ හැදි 01

පිළියෙල කරන ආකාරය

  1. ඉස්සන් පොතු හැර, සෝදා පිරිසිදු කර පසෙකින් තබන්න.
  2. තක්කාලි, ළුණු, අමු මිරිස්  සිහින්ව කපා ගන්න.
  3. මහදුරු ඇට රන්වන් පැහැ වනතුරු බැද ගන්න. ඉන් පසු එයට තෙල් එක්කර බී ළුණු දමා එයට කරපිංචා හා අමු මිරිස් එක්කර තෙම්පරාදු කර ගන්න. එයට තක්කාලි හා තුනපහ සහ වතුර කෝප්පය දමා තක්කාලි මෙලෙක් වනතුරු මද ගින්නේ තම්බා ගන්න.
  4. පසුව මෙයට ඉස්සන් හා කිරි එක්කර කිරි උතුරන තුරු මදගින්නේ තබන්න.
  5. දැන් හොද්ද උකු වන තුරු ඉස්සන් මද ගින්නේ පිස ගන්න.
  6. පසුව ලිපෙන් බා ගෙන රස අනුව දෙහි යුෂ එක් කරන්න.

සටහන:-

ඔබ ඉස්සන්ගේ ඔළු සහ පොතු ඉතිරි කරගත්තේ නම් ඒවා හොදින් සෝදාවතුර දමා තම්බාගෙන පසුව වතුර පෙරා ගන්න. මෙම පෙරාගත් වතුර 3 වන පියවරේ ඇති වතුර කෝප්පය වෙනුවට භාවිතා කරන්න.

Related Articles

Don't Miss


Latest Articles