අප බොහෝ විට සැලකිලිමත් වන්නේ දරුවෙකුගේ කායික නිරෝගීතාවය ගැන පමණයි .නමුත් දරුවාගේ මානසික නිරෝගීතාවය ගැන ඒ තරමට ම අප සැලකිලිමත් විය යුතුයි .දරුවා කිසියම් මානසික අපහසුතාවයකින් සිටිනවාද යන්න පිළිබඳ විවිධ හැසිරීම් මගින් හඳුනා ගන්නට පුළුවන්.
- තද හිස කැක්කුමක් ඇති බව පැවසීම .
- බෙල්ලේ පිටේ කැක්කුම, මාංශ පේශි වල වේදනාවන් ගැන පැමිණිලි කිරීම .
- නින්ද නොයාම .
- පාසල් යාම අදි මදි කිරීම
- හොඳින් ඉගෙනීම් කටයුතුවල නියැලුණු දරුවා පසුබෑමක් පෙන්වීම .
- කෑම රුචිය නැති වීම .
- ආහාර රටාවේ විවිධ වෙනස් කම් වීම.
- නිතර කේන්ති යාම සහ නිතර අසනීප වීම.
- නිවසේ අනෙක් සමාජිකයන්ට සමඟ නිතර ගැටුම් ඇති කර ගැනීම
ඔබේ දරුවා මෙවන් ලක්ෂණ පෙන්වන්නේ නම් ඔහු ට තරවටු කිරීමෙන් පහර දීමෙන්,කේන්දර බැලීමෙන් කිසිදු ප්‍රතිඵලයක් අත්වන්නේ නැහැ.ඉතාමත් ඉක්මනින් පල පුරුදු මානසික වෛද්‍ය වරයෙකුට හෝ මනෝ උපදේශක වරයෙකු වෙත යොමු කිරීමයි වැදගත් වන්නේ .