සැලෝන් යන්න බය කාලෙට -3

බ්ලැක් හෙඩ්ස් වලට සත්කාර

01) ලෙමන්, මී පැණි සහ සිනි

ලෙමන් ගෙඩියක් අරගෙන දෙකට කපන්න. ඒ මතට මී පැණි අවශ්‍ය ප්‍රමාණයෙන් අතුරන්න. එයට සුදු සීනි ස්වල්පයක් මෙම ස්වාභාවික ස්පොන්ච් එක ඔබේ මුහුණේ බ්ලැක් හෙඩ් සහ වයිට් හෙඩ් ඇති ස්ථාන වල රවුම් ආකාරයට සම්බාහනය කරන්න.

02) වැස්ලින් සහ සෙලෝපේන්

උණු වතුර ස්වල්පයකින් ඔබේ මුහුණ හොඳින් සෝදන්න. ඉන්පසුව ඔබේ මුහුණේ කළු ලප සහ සුදු ලප ඇති ස්ථාන වල හොඳින් වැස්ලින් ආලේප කරන්න. ඉන්පසු එය මතින් සෙලෝපෙන් කැබැල්ලක් තබන්න. තුවායක් උණු වතුරේ පොගවා එය තරමක් සිසිල් වන තුරු තබා සෙලෝපෙන් කැබැල්ල උඩින් ඔබේ කළු ලප සහ සුදු ලප ඇති ස්ථාන පිරිමදින්න. මෙය විනාඩි 05ක් පමණ සිදු කොට සෙලෝපෙන් කොලය ඉවත් කරන්න. වැස්ලින් ටික පිසදා හෙමින් කලු ලප සහ සුදු ලප මිරිකා හරින්න.

03) පොල් තෙල් සහ ලැවැන්ඩර් ඔයිල්

බඳුනකට පොල් තෙල් මේස හැඳි දෙකක් දමා එයට දෙහි බින්දු ටිකක් සහ ලැවැන්ඩර් ඔයිල් දමා හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසුව පුළුන් කැබැල්ලක් ගෙන එය ඔබේ මුහුණේ ආලේප කරන්න.

04) කුරුඳු කුඩු සහ ඕට්ස්

ඕට්ස් තේ හැන්දකට කුරුඳු කුඩු තේ හැඳි එකක් මිශ්‍ර කොට මඳ උණුසුම් වතුරෙන් තලපයක් ලෙස සකසා ගන්න. මෙම මිශ්‍රණය ඇඟිලි තුඩු වලට ගෙන මුහුණේ බ්ලැක්හෙඩ්ස් ඇති තැන්වල ආලේප කරන්න. එය විනාඩියක් පමණ හොඳින් රවුම් ආකරයට ස්ක්‍රබ් කරන්න. ඉන්පසුව සිසිල් ජලයෙන් සෝදා හරින්න.

05) පොල් තෙල් + කෝපි කුඩු

පොල් තෙල් ටිකකය කෝපි කුඩු භාගයක් එකතු කොට හොඳින් මිශ්‍ර කොට තලපයක් සාදා ගන්න. මෙම තලපය ඔබේ මුහුණේ බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් තිබෙන ස්ථාන වල ආලේප කොට විනාඩි 5ක් පමණ හොඳින් ස්ක්‍රබ් කරන්න. ඉන්පසුව සිසිල් ජලයෙන් සෝදා හරින්න.

Related Articles

Don't Miss


Latest Articles