රාබු චිප්ස්.
රාබු කන්න පොඩිත්තන් ඒ හැටි මනාප නෑ.ඉතින් නිවාඩු දවසේ එයාලත් එක්කම රාබු වලින් චිප්ස් හදලා බලමු ද. පොඩිත්තෝ පොටැටෝ චිප්ස් වලට තරමටම රාබු චිප්ස් කන්නත් ආසා වේවි.
අවශ්‍ය ද්‍රව්‍ය
- රාබු අල 2
- පොල්තෙල් මේස හැඳි 1
- ලුණු අවශ්‍ය පමණ
- ගම්මිරිස් අවශ්‍ය පමණ
- මිරිස් කුඩු අවශ්‍ය පමණ
මෙන්න මේ විදියට හදා ගනිමු..
- රාබු කැමති හැඩේට ඒත් හීනියට කපාගන්න. ලුණු වතුරේ විනාඩි 15ක් පමණ තියලා ඇල් වතුරින් සෝදන්න.
- රාබු පෙති ටිකට ලුණු, ගම්මිරිස්, මිරිස් සහ තෙල් හැන්ද දමා පොඩ්ඩක් මැරිනේට් වෙන්න තියන්න.
- ඊට පස්සේ ප්‍රීහීට් අවන් එකේ සෙල්සියස් 200 උෂ්ණත්වයට විනාඩි 10ක් උඩ කොයිල් එකෙනුත් 10ක් යට කොයිල් එකෙනුත් වෙන විදියට බේක් කරගන්න.
එයාලම හදා ගත්තු නිසා පොඩිත්තන් ආසාවෙන් රස බලාවි.