නාහෙට නාහන ලොකු පොඩ්ඩන්ව හීලෑ කර ගන්නෙ මෙහෙමයි

පොඩ්ඩ පොඩි කාලෙනම් හරිම හොඳයි. ලොකු වෙන්න ලොකු වෙන්න තමයි කියන දේ අහන්නෙ නැත්තෙ. මෙය දෙමව්පියන් නිතර නගන මැසිවිල්ලක්. මේ ලොකු පොඩ්ඩන් සමඟ කටයුතු කරද්දී ගැටලු අවමකරගන්න පහසුවෙන් කරන්න පුළුවන් දේවල් කිහිපයක්.

  1. හොඳින් ඇහුම්කන් දෙන්න වගේම විශ්වාසය රැකෙන ආකාරයෙන් කටයුතු කරන්න.
  2. බලෙන් කතා කරන්න යන්න එපා. නිතරම විවෘත මනසකින් සටීම වැදගත්. නමුත් අවස්තාවක් ලැබුණු විටකදී ඔබ දෙදෙනාම මුහුණපාන ගැටලු පිළබඳව සෘජුව කතාකරන්න.
  3. ඔවුන්ගේ දුෂ්කරතාවන් ඔබ වටහාගන්නා බව දැනන්නට සලස්වන්න.
  4. ප්‍රා‍යෝගික ලෙස උදව් කිරීමට ඉදිරිපත්වන්න. එවිට ඔවුන්ට ඔවුන්ගේ වැරදි තුලින් උගැන්මට සිදු නොවනු ඇත.
  5. බොහෝ විට ඔබේ යොවුන් දරුවාගෙන් සෘජුව උපකාරයක් ඉල්ලීමෙන් ඔවුන් එයට යහපත් ප්‍රතිචාරයක් දක්වාවි මෙන්ම තත්තටය තේරුම් ගෙන තවත් උපකාරී වේවි.
  6. නිවසේ සුළු වගකීම් භාරදෙන්න. නමුත් අනවශ්‍ය ලෙස එයට මැදිහත්වන්න එපා. අවශ්‍ය මූලික උපදෙස් පමණක් ලබාදෙන්න.

මෙම කරුණු ඔබේ වැඩෙන යොවුන් දරුවා පවුලෙන් ඉවත් නොවී යහපත දරුවෙක් ලෙස ඔබ සෙවණේ වැඩෙන්නට ඉඩ සලසාවි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles