පහසුවෙන් අතුරුපසට වටලප්පන් පිළියෙල කර ගන්න කැමතිද? මේ රෙසිපි එක ඒ ගැනයි.
අවශ්‍ය ද්‍රව්‍ය
- කජු ග‍්‍රෑම් 50 ක්
- බිත්තර 10 ක්
- සාදික්කා තේ හැදි 1/4 ක්
- කරදමුංගු තේ හැදි 1/2 ක්
- කුඩු කරගත් හකුරු ග‍්‍රෑම් 500 ක්
- පොල් කිරි කෝප්ප 2 ක්
පිළියෙල කරන ආකාරය
- පොල් කිරි ටික හකුරු එකට එකතුකර ගෙන එයටම සාදික්කා සහ කරදමුංගු දමා හකුරු දියවන තුරු කලවමි කරගන්න.
- දැන් බිත්තර වෙනම භාජනයකට දමා ගසාගන්න. ගසාගත් බිත්තිර හකුරු මිශ‍්‍රණයට දමා කලවම් කරගන්න.
- මෙම මිශ‍්‍රණය වෙනම භාජනයකට දමා උඩින් කජු කැබලිද දමා සීල් කර රයිස් කුකරයක ආධාරයෙන් මිනිත්තු 15 ක් පමණ හුමාලයෙන් තම්බාගන්න.