රාත්‍රී ආහාරයට පහසුවෙන් Baked Pasta හදමු

රාත්‍රී ආහාර වේල කියන්නේ පවුලේ හැමෝම එකට කෑම මේසයට වාඩිවෙන වෙලාවක්. ඉතින් ඒ වගේ වෙලාවක වෙනස්ම විදියේ රසවත් කෑම තිබ්බොත් තමයි පවුලේ සතුට තවත් වැඩි වෙන්නෙ.මේ ලිපියෙන් ඔබට කියන්නේ රෑ කෑමට සුදුසු රසවත් බේක් කරගත් පැස්ටා එකක් හදාගන්නේ කොහොමද කියලා

Baked chicken and cheese pasta

අවශ්‍ය වෙන්නෙ මේ දේවල්

  • පැස්ටා 500g
  • කටු අයින් කළ චිකන් 250g
  • ඔලිව් ඔයිල් මේස හැඳි 3 – 4
  • චිකන් ස්ටොක් කෝප්ප 1
  • හෙවි ක්‍රීම් කෝප්ප 1
  • පාමසාන් චීස්
  • ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස්
  • චොප් කරගත් සුදුළූණු
  • ගම්මිරිස් අවශ්‍ය පමණ
  • ලුණු රස අනුව

 හදන්නේ මෙහෙමයි

මුලින්ම භාජනයක් ලිප තබා එයට ඔලිව් තෙල් එකතු කර තෙල් රත් වීගෙන එන විට කටු ඉවත් කල චිකන් ටික එකතු කරන්න

චිකන් ටික මද ගින්දරේ හොඳින් බැදෙන්නට හරින්න

දැන් මෙයට ලුණු සහ ගම්මිරිස්කුඩු අවශ්‍ය පමණ එකතු කර චොප් කරගත් සුදුළූණු ටිකද එකතු කර හොඳින් මිශ්‍ර කරන්න

ඉන්පසුව චිකන් ස්ටොක් සහ හෙවි ක්‍රීම් ටික එකතු කර හොඳින් මිශ්‍ර කර ,එයටම පැස්ටා ටිකද එකතු කර මිශ්‍ර කර විනාඩි 15-20 ක් පමණ තැම්බෙන්නට හරින්න

දැන් එයට පාමසාන් චීස් ටික එකතු කර නැවත මිශ්‍ර කරන්න

බේකිං ට්‍රේ එකක් ගෙන එයට ඔලිව් තෙල් ගාගන්න

ඉන්පසුව එයට පැස්ටා ලේයර් එකක් දාගන්න

ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් ටිකක් ගෙන පැස්ටා ලේයර් එක උඩින් දමා ඒ මත නැවත පැස්ටා ලේයර් එකක් දමන්න.

අවසානයට පාමසාන් චීස් ද උඩින් ඉස විනාඩි 15 ක් පමණ බේක් කරගන්න

Related Articles

Don't Miss


Latest Articles