පැහැපත් සුන්දර දෑතක් සදහා කළ හැකි සත්කාර

මුහුණ තරමටම අපේ දෑතත් ලස්සන වෙන්න ඕනෑ. එය ලස්සන පෙනුමකට හරිම වැදගත්. ඒත් දෑත් අවපැහැ වීම බොහෝ දෙනෙකුට ඇත්තටම ගැටලුවක්. ඒ වගේම මුහුණට , කොණ්ඩයට බොහෝ සත්කාර කරන අපිට දෑත් අමතක වී යාමත් ඉතා නරක වැඩක්. ඒ නිසා අපි රූපලාවණ්‍යය ගැන හිතද්දී මුහුණට දෙන තැනම දෑතටත් දිය යුතුමයි.

දෑත් අවපැහැ ගැනීමට හේතු වගේම එය වළක්වා ගන්න කළ හැකි සත්කාර ගැන අපි හොයලා බලමු.

අත් අවපැහැ ගැන්වෙන්න හේතු

වියපත් වීම.

අපි වියපත් වන වෙන විට සමේ පෝෂක කොටස් වැය වීම නිසා වගේම සම වියලීම නිසා සම රැලි වැටීමට පත්වෙනවා.ඒ නිසාම වියපත් සම නිසා දෑත් අවපැහැයට පත් වෙනවා.

Moisturizer ක්‍රීම් භාවිතා නොකිරීම

Moisturizer ක්‍රීම් එකක් පාවිච්චි කලොත් සමේ තෙතමනය බොහෝ විට රැකෙනවා.භාවිතා නොකරද්දී සම අධික වියළි තත්වයට පත් වීම නිසා රැලි වැටීම හා අවපැහැයට පත්වීම සිදුවෙනවා.

සබන් හා රසායනික ද්‍රව්‍ය අඩංගු ද්‍රාවණ බහුලව භාවිතය.

මේ නිසා ඔබේ දෑතේ සම හානියට පත් වීම හා වියලීම සිදුවෙනවා.

සන් ක්‍රීම් දෑතට නොගැල්වීම.

මේ නිසා දැඩි අව්‍ රශ්මියෙන් ඔබේ දෑත් වලට හානි වීම සිදුවෙනවා.අව්රශ්මියට එරෙහිව ඇති වන මෙලනින් නිසා ඔබේ දෑත් අවපැහැයට පත් වීම සිදුවෙනවා

දෑත් අවපැහැ ගැන්වීම වැලැක්වීමට කළ හැකි දේවල්.

Moisturizer ආලේප කිරීම.

දහවල් කාලයේ අපහසු නම් රාත්‍රී කාලයේ හෝ moisturizer ක්‍රීම් එකක් ආලේප කරන්න.ඒ වගේම අධිකව වතුර හා සබන් වැනි දේවල් පාවිච්චි කළ පසු ක්‍රීම් එකක් හොඳින් ආලේප කරන්න

අව්වේ වැඩ කරද්දී සහ අධික ලෙස ජලය භාවිතා කරද්දී ග්ලවුස් භාවිතය.

මේ තුලින් ඔබේ දෑත් වල සම ආරක්ෂා වේවි.

එලවලු කපන විට දෑත් ආරක්ෂා කර ගන්නෙ කොහොමද ?

සමහර එලවලු කැපුවම ඔබේ දෑත් වල කහට ගතියක් රැඳෙනවා.එවිට දෙහි බෑයක් ගෙන එහි ලෙල්ලෙන් ඔබේ දෑතේ අවපැහැ ස්ථාන හොඳින් පිසදාන්න.

ඒ වගේම පලා වර්ග කපන විට අතේ ඇඟිලි කැපෙනවනම් මහපට ඇගිල්ලට ආවරණයක් දාගන්න ඔයාට පුලුවන්

ඒ වගේම සතියකට සැරයක් වත් ස්වභාවික ස්ක්‍රබ් එකකින් දෑත් හොඳින් ස්ක්‍රබ් කරල moisturizer ක්‍රීම් එකක් ආලේප කරන්න.

අවපැහැ දෑතට ස්වභාවික සත්කාර.

හොදින් දෑත් සම්බාහනය කිරීම

දෙහි බෑයක යුෂ හෝ බිලිං ඉස්ම වලින් අත් හොඳින් සම්බාහනය කරන්න.

කෝමාරිකා ඉස්ම වලින් සම්බාහනය කරන්න.

ඇඟිලි වටේ කරකමින්, දෑත් උඩ සිට පහළට පිරිමදිමින් සම්බාහනය කර ගන්න.

ස්වභාවික ස්ක්‍රබ් එකක් නිවසේදීම කිරීම

දෙහි බෑයක යුෂ සහ සීනි එකට මිශ්‍ර කර අත් දෙක ස්‍ක්‍රබ් කරන්න

පැක් එකක් දැමීම.

කහ දොඩම් ලෙල්ලක් වේලා කුඩු කර ඉන් තේ හැන්දක් බේකින් සෝඩා තේ හැන්දක්, කඩල පිටි තේ හැන්දක් සමඟ ෆ්‍රෙෂ් මිල්ක් මිශ්‍ර කර හොඳින් අනා අත් වල විනාඩි විස්සක් ගල්වා තබන්න.

මේ සත්කාරවලින් ඔබේ දෑත් නැවත ලස්සන කර ගන්න ඔබට හැකි වේවි.

Related Articles

Don't Miss


Latest Articles