විදෙස් ගත වීමේදී ඔබේ ලේඛන සත්‍ය බවට සහතික කරගන්නා ආකාරය පිළිබඳව ඔබ දැනුවත්ද?

විදේශ රටකට යාම සදහා visa ඉල්ලුම් කිරීමේදී , විදේශ අධ්‍යාපනය සදහා යාමේදී , ඔබේ බබා ඉපදුනේ විදේශ රටක නම් හෝ විදේශ රටක අධ්‍යාපනය ලබා පැමිණි විටෙකදී ඔබේ ලේඛන සත්‍ය බවට සහතික  කරගනන්නට අවශ්‍යනම්  ඒ සඳහා ඔබ යායුත්තේ විදේශකටයුතු අමාත්‍යංශයේ Consular අංශය වෙතයි.

මෙම කාර්යයාලය විදේශ රටක ලිපි ලේඛන මෙරට භාවිතය සදහා සහ මෙරට ලිපි ලේඛන විදේශ රටකට යැවීමේදී අවශ්‍ය කරන සත්‍ය බවට සහතික කිරීම (Authentication of Documents) සිදු කරදෙයි.

ශ්‍රී ලාංකික පුරවැසියන්ට සහ විදේශ රටක ගමන් බලපත්‍රය ඇති ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අයට මෙම පහසුකම ලබා ගැනීමට හැකියාව පවතිනවා.

ඔබ දැන සිටිය යුතු කරුණු

  • අයදුම්පත් විදේශකටයුතු අමාත්‍යංශයේ Consular අංශයෙන් පෙරවරු 06 සිට ලබාගත හැකියි. එසේත් නැතිනම් විදේශකටයුතු අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියෙන් බාගත කල හැකියි.
  • අයදුම්පත් නිකුත් කිරීම නොමිලයේ සිදුකෙරේ.
  • නිසි ලෙස පිරවූ අයදුම්පත් Consular Division හි කවුන්ටරය වෙත ලබා දිය යුතුයි.
  • පෙරවරු: 07.30 සිට පස්වරු 01.00 දක්වා අයදුම්පත් භාරගැනේ.
  • අවශ්‍යසේවය ලබා දීමට පැය භාගයේ සිට පැයක කාළයක් ගතවේ.

සේවා ගාස්තු –

ශ්‍රී ලාංකික පුරවැසියන්ට සහ විදේශ රටක ගමන් බලපත්‍රය ඇති ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අයට එක ලේඛනයක් සඳහා – රු. 500.00

විදේශ රටක ගමන් බලපත්‍රය ඇති අයට එක ලේඛනයක් සඳහා – Rs. 1,000.00

GCE (O/L) සහ GCE (A/L) Certificates සහතික කිරීමට – Rs. 250.00

අපනයන කටයුතු පිළබඳ ලියවිලි කාණ්ඩයක් සහතික කිරීම සඳහා – Rs. 5,000.00

Consular Affairs Division හි ලිපිනය තෙවන මහල, නො.14, සර්. බාරොන් ජයතිලක මාවත, කොළඹ 01 වන අතර දුරකතන අංකය 0094 11 2446302/ 2330651 ද ඊමේල් ලිපිනය consular@sltnet.lk ද වේ. ඔවුන්ගේ වෙබ් අඩවිය http://www.mea.gov.lk ඔස්සේ උයදුම්පත් බාගත කළ හැක.

කොහොම වුණත් දුරකතන ඇමතුමක් ලබා දීල වැඩි විස්තර අසා දැනගෙන යාමෙන් ඇතිවිය හැකි අපහසුතාවන් මඟහරවාගන්න ඔබට පුළුවන්.

– කල්හාරි –

Related Articles

Don't Miss


Latest Articles