ඒඩ්ස් සමඟ සටන් කරමින් ජීවිතය ගෙවන ඔවුන් ගැන හිතන්න හොඳම දවස අදයි.

ඇය මෙසේ පවසනවා. “මම හැදී වැඩුණේ ඉන්දියානු පවුලක, එච්.අයි.වී මට බලපාන්නේ නැති බව හිතුවේ. ඒත් වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය, ලිංගික මනාපය හෝ ධනවත්කම නොසලකා එය අප සැමට බලපානවා.

ජොහැන්නස්බර්ග්හි ආයතනික රක්ෂණ කළමණාකරුවෙකු වන මූඩ්ලි වයස අවුරුදු 27 දී එච්.අයි.වී පොසිටිව් වූ කෙනෙක්.ඇය දැන් ඉන්දියානු ප්‍රජාව දැනුවත් කිරීමේ මෙහෙයුමක යෙදී සිටින්නියක්.දකුණු අප්‍රිකාවේ එච්.අයි.වී ආසාදිත කාන්තාවන්ගෙන් 21% ක් අතර මූඩ්ලි ඒ අතර සිටිනවා.විශේෂත්වයතමයි ඇය ඒ ගැන විවෘතව කතා කිරීමට තරම් නිර්භීත කිහිප දෙනාගෙන් එක් අයෙක් වීම.

මම ආසාදිත බව දැන ගත්තාම මම සම්පූර්ණයෙන්ම අවුල් වුණා. අනිත් අය මොනවා කියයි ද?”ඕක තමා මට තිබුණු ප්‍රශ්නය.

විවාහය දරුවන් දැන් සිහිනයක් බව සිතමින් වැලපුණත් මූඩ්ලි දැන් යථාර්ථය බාර ගෙන තිබෙනවා.

“නිවැරදිව ප්‍රතිකාර ගන්නවා නම් මරණය ඉක්මන් නැහැ. දීර්ඝායුෂ හිමියි.”

මත්ද්‍රව්‍ය ඇබ්බැහිය, සහකරුගේ විශ්වාසනීය බව ගැන ප්‍රශ්න නොකිරීම ඈ අතින් සිදු වූ අතපසුවීම්. නමුත් ඇය දැන් තැවෙන්නේ නැහැ.

2008 ඔක්තෝම්බර් මාසයේ කාර්යාලයෙන් සිදු කළ සුපුරුදු සුවතා පරීක්ෂණයක් අතරතුර ඇය ඈ ඒඩ්ස් ආසාදිතයෙකු බව දැන ගන්නවා.මුලදී එහෙම ආරංචියක් බාර ගන්නවත් ඇය කැමති නැහැ.නමුත් අන්තිමේදී පරීක්ෂණ වාර්තා තුනම පොසිටිව්.

“මාව ජජ් නොකරන මගේ සහෝදරියට මං මුලින්ම විස්තරය කිව්වා.ඇය මොන දේ වුණත් මට ආදරේ කරන්න මාත් එක්ක ඉන්න පොරොන්දු වුණා..”

ඊට වසර කිහිපයකට පසු මිතුරන්ටත් තවත් කාලයකට පසු දෙමව්පියන්ටත් ඇය මේ කතාව හෙළි කරනවා.

“අම්මා මුලින් සම්පූර්ණයෙන් මට වරද පැටෙව්වා…මම ඇගෙන් දොස් ඇහුවා.පසුකාලීනව ඇය තත්ත්වය තේරුම් ගත්තා”

මූඩ්ලි ඇගේ තත්වය පිළිගැනීමට සටන් කළ අතර සැනසිල්ල සඳහා මත්ද්‍රව්‍ය සහ මත්පැන් වෙත යොමු වුණා.ඇය මුහුණ දුන් වඩාත්ම සිත් රිදවන වැරදි වැටහීම ඇගේ පෙම්වතා “ඇය වැනි නරක ගැහැනු ළමයෙක්” ප්‍රතික්ෂේප කිරීමයි.

“මගේ හැඟීම් වසන් කිරීමට සහ අමතක කිරීමට මම අධික ලෙස මත්පැන් පානය කිරීමට සහ මත්ද්‍රව්‍ය අත්හදා බැලීමට පටන් ගත්තා. මම නොසන්සුන් වන තුරු බිව්වා. ”

ඇය මානසික අවපීඩනයෙන් පෙලුණු අතර පවුලෙන් ඈත් වී විනාශකාරී පුරුදුවලට දිරිගැන්වූ අය සමඟ මිතුරු වෙමින් සිටියා.ඇගේ හැරවුම් ලක්ෂ්‍යය ඇයට හමු වූයේ ඇය අඳුරු වූ නිදන කාමරයේ තනිව සිටියදී. ඇය තුළ වූ ඇගේම හඬ ජීවිතය අත් නොහරින ලෙස ඇයට පවසනු ඇයට ඇසුණා.

මට තනිවම මෙය කළ නොහැකි බවත්, උපකාර අවශ්‍ය බවත් මම දැන සිටියෙමි. මම මගේ වෛද්‍යවරයා සමඟ හමුවීමක් කර ඔහුට සියල්ල පැවසුවා. උපදේශනය අතරතුර, ඔහු මගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ හැකියාව හීන වෙමින් පවතින බව සොයා ගත්තා. මෙයින් පෙනී ගියේ වෛරසය මගේ ශරීරය අල්ලා ගන්නා බවයි. එය පුදුමයක් නෙවෙයි.

ප්‍රති-වයිරස ප්‍රතිකාර ලබා ගැනීමට ගත් තීරණය ඇයට දැනුණේ ඇය සිය ජීවිතය ආපසු ලබා ගන්නා බවයි.

පළමු වතාවට මම ශක්තිය ලබා ගනිමින් සිටියා. මම therapist කෙනෙක් dietitian මුණ ගැසුණා. බීමත්ව ගෙවී ගිය කාලය වෙනුවට යෝගා කරමින්,weight training, cardio, spinning පන්තිවලට සහභාගී වෙමින් ඇය ජීවිතය විඳින්නට පටන් ගත්තා.

වෛද්‍ය පරීක්ෂණ සහ දෛනික පෙති ලබා ගැනීම් නිසා නොවේ නම් දැන් ඇය හිඳින්නේ රෝගී තත්ත්වය අමතක කරමින්.2016 දී Old Mutual Soweto Marathon තරඟය ජය ගනිමින් ඇය දැන් නීරෝගී සිරුරක් සහ මනසක ප්‍රීතිය අත් විඳිනවා.

මූඩ්ලි අන් අයට, විශේෂයෙන් එච්අයිවී ආසාදිත ඉන්දියානුවන්ට බලාපොරොත්තුවේ ආලෝකයක්.

“සෑම කෙනෙකුම විවිධාකාරයෙන් අභියෝග ජය ගන්නවා. ඔබට වඩාත්ම සුදුසු දේ ඔබ සොයා ගත යුතුයි. අරගලයන් විවිධාකාරයි.මගේ අත්දැකීම් වලින් ලැබූ දැනුම බෙදා ගැනීමට මට අවශ්‍යයි. මම ජීවත් වන්නේ පීඩාවට පත් ආසාදිතයින්ට දිරිගැන්වීම සහ පෙළඹවීම වෙනුවෙන්”

මූඩ්ලි දිරියෙන් නැගී සිටින්නේ ඇයව ප්‍රතික්ෂේප කළ අයට වඩා වැලඳ ගත් පිරිස වැඩි නිසා.හුළඟ පවා ඒඩ්ස් බෝ කරන බව සිතා සිටින රටක හිඳින අපට මූඩ්ලිට ඇගේ අය ආදරය කරන තරමට ප්‍රින්සි මංගලිකා ආදරයෙන් වැලඳ ගන්නට නොහැකි හේතුව එය වෙන්න ඇති.

දෙසැම්බර් පළමුවැනිදා ලෝක ඒඩ්ස් දිනය. එය එක්තරා රෝගයක් පමණයි. රෝගයට නිරාවරණය නොවී ආරක්ෂා වීම තරමටම රෝගයට ලක් වූවන් ප්‍රතික්ෂේප නොකිරීමත් වැදගත්. ඒ වගේම රෝගයට ගොදුරු වී නම් මරණය එනතුරු බලා නොසිට සටන් කිරීමත් වැදගත්.

මූඩ්ලි අපට කියන්නේ ඒ කතාවයි.

Related Articles

Don't Miss


Latest Articles