කුරක්කන් වලින් පිළියෙල කරගත හැකි රසවත් කෑම වර්ග 4ක්

කුරක්කන් කියන්නේ පෝෂණයෙන් පිරිපුන් කෑමක්.නමුත් බොහෝ දෙනාගේ අදහස කුරක්කන් වලින් එතරම් රස කෑමක් හදන්න බැහැ කියන එකයි.නමුත් ඒ මතය වෙනස් කරමින් කුරක්කන් වලින් සාදා ගන්නට පුළුවන් ඔබ කැමතිම ආහාර කීපයක් තමයි අප මේ ගෙන එන්නේ.ඉතින් නිතරම සෞඛ්‍යමත්, පෝෂදායී ආහාර වට්ටෝරු සොයන ඔබට මෙය හරිම වැදගත්
වේවි.

කුරක්කන් වල ගුණ

  • දහඩිය බිබිලි සුව කිරිමට
  • පිතට හා කැස්සට බෙහෙතක් ලෙස
  • නියුමෝනියා රෝගින්ට
  • පෙනහලු දුර්වල රෝගීන්ට
  • මුත්‍රාශයේ හා වකුගඩු වල ගල් ඇති අයට
  • කොලෙස්ටෙරෝල් පාලනයට
  • කෙදි සහිත නිසා මල බද්ධයට ගුණදායකයි.
  • කැඩුම් බිදුම් වෙදකම් සදහා
  • ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුතුවීම.
  • වයසට යාම පාලනය
  • දියවැඩියාව රෝගින්ට
  • කුසගින්න නොදැනිම
  • ශරිරය ශක්තිමත් කිරිමට
  • පිලිකා සෛල වර්ධනය අඩුකිරිමට

කුරක්කන් වල පෝෂණ පදාර්ථ

යකඩ / කැල්සියම් / ෆයිබර් / මැග්නිසියම් / ප්‍රොටින් / කාබෝහයිඩ්‍රේට් / මේදය / පොස්පරස් / කැරොටින් / තයමින්
(තොරතුරු අන්තර්ජාලයෙන්)

කුරක්කන් කේක්

අවශ්‍ය දේවල්

  • බටර් 100g
  • සීනි 100g
  • පිටි 50g
  • කුරක්කන් පිටි 75g
  • බිත්තර 3
  • බේකින් පවුඩර් තේ හැදි එකක්
  • ෆ්‍රෙශ් මිල්ක් මේස හැදි එකක්
  • වැනිලා තේ හැදි එකක්

කුරක්කන් අයිසින් එක සදහා:

  • බටර් 50g
  • යන්තම් බැදගත් කුරක්කන් මේස හැදි 3
  • අයිසින් සීනි 100g
  • සාමාන්‍ය කේක් එකක් හදන ආකාරය අනුගමනය කරන්න.
  • බටර් සහ සීනි බීට් කරගෙන එයට බිත්තර එකින් එක දමා බීට් කරගන්න.
  • බේකින් පවුඩර් කුරක්කන් පිටි සහ පාන් පිටි එකට හලාගෙන බටර් සහ සීනි මිශ්‍රණයට දමා ගෙන එක පැත්තකට කලවම් කරන්න.
  • වැනිලා සහ fresh milk ද දමා හොඳින් කලවම් කර බටර් ගා සූදානම් කරගත් තැටියකට දමා ගන්න.
  • අංශක 180ක උෂ්ණත්වයේ විනාඩි තිහක් පමන පුලුස්සා ගන්න.
  • අවන් එකේ ආකාරයට මෙම උෂ්ණත්වය වෙනස් වන නිසා ඒ ගැන සැලකිලිමත් වන්න .
  • කේක් එක හොඳින් නිවුණු පසු අයිසින් අතුරා ගන්න.

අයිසින් සීනි,කුරක්කන් පිටි,සහ බටර් හොඳින් බීට් කරගෙන කේක් එක මත අතුරා ගන්න.
අවශ්‍ය නම් පලතුරුවලින් පලතුරු වලින් සැරසිල්ලක් කරන්න පුළුවන්.

කුරක්කන් පිට්ටු

අවශ්‍ය දේවල්

  • කුරක්කන් පිටි කෝප්ප 1
  • ගා ගත් පොල් කෝප්ප 1/2
  • අවශ්‍ය පමණ ලුණු

සාදන ආකාරය :

  • පොල් ටික බදුනකට දමා එයට ලුනු කුඩු ටිකක් කලවම් කරන්න .
  • ඊට පසු කුරක්කන් පිටි ටික දමා හොඳින් කලවම් කරන්න.
  • යාන්තම් වතුර ඉහ ඉහ පිට්ටු කැට කරන්න.
  • පිට්ටු බම්බුවට හෝ ස්ටීමරයට දමා තම්බා ගන්න.

කුරක්කන් කැඳ

අවශ්‍ය දේවල්

  • කුරක්කන් පිටි මේස හැඳි 2
  • වතුර කෝප්ප 1 1/2
  • පොල් කිරි කෝප්ප 1/4
  • හකුරු /සීනි රස අනුව
  • ලුනු රස අනුව
  • කජු , වියලි මිදි (අවශ්‍ය නම් )
  • එනසාල් කරල්ක්

සාදන ආකාරය.

  • කුරක්කන් ටික වතුර කෝප්ප බාගයක් සමඟ මිශ්‍ර කර ගන්න.
  • ඉතිරි වතුර කෝප්පය රත් කරගන්න.එයට එනසාල් ද එකතු කරන්න.
  • වතුර ටික උනුවෙද්දි ලුනු සහ කලින් දිය කර ගත් කුරක්කන් ටික එකතු කරන්න.
  • හකුරු ටික හෝ සීනි ටික කිරි වල දිය කරගෙන තබාගන්න.
  • දැන් කිරි සහ හකුරු එකතු කරන්න .
  • හොඳින් හැඳි ගාන්න.
  • කජු සහ වියලි මිදි එකතු කර කෑමට ගන්න.

කුරක්කන් පාන්

අවශ්‍ය දේවල්

  • කුරක්කන් පිටි 250 g
  • පාන් පිටි 250 g
  • ලුනු තේ හැදි 1 1/2
  • වතුර අඩු කෝප්ප 1 1/2ක් පමණ
  • ඊස්ට් 10 g

සාදන ක්‍රමය

  • පිටි,කුරක්කන් පිටි,ඊස්ට් දමා කලවම් කරගන්න.
  • ඒ මිශ්‍රණයට වතුර ස්වල්පය බැගින් දමමින් අනා ගන්න.ලුනු ද එක් කරගන්න.
  • දැන් විනාඩි 20ක් පැත්තකින් තබන්න.
  • ඉන්පසු බටර් හෝ තෙල් තැවරු මෝල්ඩ් එකක් ගෙන පිටි මිශ්‍රණයෙන් කොටසක් ගෙන දමා පැයක් තබන්න.
  • ඉන්පසු 200c ට ප්‍රී හීට් කරගත් අවන් එකේ විනාඩි 30ක් පුලුස්සා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles