පෙඟුණු මල්පෙති

පෙඟුණු මල්පෙති
"ආදරය නිසා හර්දේ බැඳෙනා අපරාදෙ ජීවිත හානි වේ අපරාදෙ ජීවිත හානි වේ" බෝඩිම් කාමරයේ සඳලුතලයේ සිට රාත්‍රී අහස දෙස බලා හිඳින අතරේ පහල නිවසකින් ඇසුණු රුක්මණී දේවියගේ ගීතය කෙතරම් ඇත්ත දැයි චරිත්‍රාට සිතුණේ මිහික සමග වූ උණුසුම් සංවාදය අතරතුර කෝපයෙන් දුරකතනය විසන්දි කර සඳලුතලයට වී කෝපය වටපිටාවට මුදාහලමින් සිටින් අතරතුරය. "මම දාපු පෝස්ට්...
පෙඟුණු මල්පෙති
උදෑසන වැඩ මුරයක් තිබුන බැවින් සවස හතර පහ වන විට නිවසට එන්නටමිහිකට පුලුවන් වුණි. වෙනදා මෙන් කඩිනම් ගමනින් නිවස බලා පියනගන්නට නොහැකි වූයේ සිතතුළ පිරී ඇති බර දෙපා අඩපණ කර තිබූ නිසාවෙනි.වෙනදාට හමන මද සුලඟ සමග නටනා මේපල් ගස්වල කොල දෙසද, වැඩඇරී නිවෙස් බලා යන සුදු පැහැ සම ඇති සොඳුරු...
පෙඟුණු මල්පෙති
"ආදරේ තිබ්බෙම නිදහස දීපු තැන්වල"කොපමණ උනන්දුවෙන් වැඩ කරන්න සිත එකඟ කරගන්න උත්සාහ කරදමිහිකට එවදන් සිතෙන් අමතක කරන්නට අපහසුය."ආදරේ තිබ්බෙම නිදහස දීපු තැන්වල"ඈත රටක සිට දිනය මුලුල්ලේම වෙහෙස වෙමින්, තම ආදරණීයයන්ගෙන්වෙන් වී කාලය ගතකරමින්, සිටියදී නිදහසේ සිතූ සිතූ අන්දමට තැන තැනයන්නට වශ්‍ය නිදහස චරිත්‍රාට ලැබුනේ තමන්ගේ සිත තුල පිරී තිබෙන...
පෙඟුණු මල්පෙති
දාන මාන කටයුතු තිබෙන දිනවල නිවස කෙතරම් සන්තෝසයෙන් කාර්‍යබහුලද යන්න මිහිකට අමුතුවෙන් මතක් කර දිය යුතු නොවේ.  එදවස වාර්ශිකව දෙන දාන මාන කටයුතු වලදීත්, අවුරුදු කාල වලදීත් සියලුම නෑ හිත මිත්‍රාදීන් එකතු වී වැඩ රාජකාරි ඉටු කරන දින එනතුරු ඇඟිලි ගණන් කල ළමා කාලයකටද, පසුව නෑ සොයුරන් සොයුරියන් සමග කල්...
පෙඟුණු මල්පෙති
"කොහොමද පුතා?මොකද කරන්නේ" ගතින් කෙතරම් දුරින් උන්නද අම්මාගෙන් එන ඇමතුම කෙතරම්ම ලෙංගතුද? ආදරය අවැසි ඕනෑම මොහොතක ආදරය වැස්සක් සේ වස්සවාලන්නට අම්මලා සමත් ය.  "මුකුත් නෑ අම්ම. මම මේ වොශ් එකක් දාල ඇඳේ හාන්සිවෙලා ඉන්නව" "කෑම ගන්ට ගියේ නැද්ද පුතේ තාම?" " නෑ අම්මෙ තව වෙලා තියනවනෙ. තාම මෙහෙ වෙලාව හයයිනෙ. හතට විතර ගිහින්...
පෙඟුණු මල්පෙති
"මොකද කරන්නෙ?"බීප් ශබ්දයෙන් හැඬවුණු දුරකතනය කහ පැහැ එළියක් නංවන හඬටමෙතෙක්ල් වේලා ඇඳේ හාන්සි වී කම්මැලිකමට දෑස පියාගෙන සිටි චරිත්‍රානැගිටුවාලන්නට සමත් විය.මිහිකගෙන් ආ පණිවිඩයක් යැයි සිතා කම්මැලිකමෙන්ම දුරකතනය අතට ගත්මුත් පණිවිඩය ළහිරුගෙනි. හිත තුල දහසක් මල් පුබුදුවන්නට සමත් ළහිරුය.සැමියා දුරු රටක හිඳිද්දී ලංකාවේ සිටින පෙම්වතියන් සහ බිරින්දැවරුන්පතිවත රැකිය යුතු බවට...
පෙඟුණු මල්පෙති
සුදු බතට, පරිප්පු තෙම්පරාදුවකුත්, සැමන් බැදුමකුත්, අතේ සෑදූ පොල් සම්බෝලයකුත් හොඳටෝම ප්‍රමාණවත්‍ ය. අද නිවාඩුය, හෙටත් නිවාඩුය. ඉතින් කැමති යමක් කා බී කැමති දෙයක් බලා සැනසෙන්නට කාලය හොඳටෝම ප්‍රමාණවත්‍ ය. උදෑසනම පැයක් පමණ චරිත්‍රා සමග කතා බහ කරන්නට අවස්තාව ලැබුනේ වෙනදා මෙන් උදෑසන අවදිව රැකියාවට යෑමේ අවශ්‍යතාවක් නොවුණු නිසා ය. තමාට...
පෙඟුණු මල්පෙති
සිත සනසාලන්නට මෙරට ඇති එකම සම්පත නම් සීතල වතුරය.  ඇඟට දැනෙන වෙහෙසත් සිතට දැනෙන කාංසියත් මගහරවාලන්නට මෙන් ඇඟ දොවමින් පහලට රූටා වැටෙන සීතල වතුර බිඳු දිගේ තම සියලු වේදනාවන් මුදා හරිමින් සිටියේ මිහිකය. රාත්‍රී 11 පමන වනතුරුත් අවදි වී යූ ටියුබයේත්, මුහුණු පොතේත් එක එක ඉසව් පිරික්සමින් රැඳී උන්නේ චරිත්‍රා දැන්...
පෙඟුණු මල්පෙති
හති වැටීම් දහසකුත් එකක් අවසානයේ දහදිය බිංදු එකක් වත් නොවැටුනේ එතරම්ම සීතලකින් කාමරය වැසී තිබුන නිසාවෙන් විය හැක. ධනුකව හමු වන්නේ කාර්‍යාලයේ යම් රාජකාරියට අවශ්‍ය පත්තට දැන්වීමක් පළ කරගනු පිණිස දිනය පත්තරයේ මවු ආයතනයට ඇමතූ දිනෙකයි.  එකී ඇමතුමෙන් ඇරඹුණු සංවාදය නිමවුණේ  බම්බලපිටියෙ රිලැක්ස් ඔන් හි සීත කළ එනමුත් සැප පහසුකම් අඩු...
පෙඟුණු මල්පෙති
"වසන්තයේ අග හමුවෙමු සොඳුරිය ලවැලි තලාවක විසුල කුසුම් මත අතිනත ගෙන පෙර නොකී කතා අසා අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු ලා සඳ නැගෙනා.. හෝරාවේ.." ඈත දුරු රටක, දිවා රැ නොබලා වෙහෙසවෙමින් තමන් මේ කටයුතු කරන්නේ ඒ වසන්තය හැකිතාක් ඉක්මනින් මෙහි ගොඩනගන්නටය.  පරිස්සමෙන් මෙරට එද්දී ගෙන ආ මල් පැලවල බීජයන් දැන් තැනින් තැන වපුරා අවසානය. දිනෙන්...