"එදා ඉඳල අවුරුදු විස්සක්...මං තාමත් ඒ තනි කමත් එක්ක පොර බදනව...විඳවනව..."
ඒ තරං දුක් බර කතාවක්, සංකල්ප කීවේ සිහින් කර ගත් දෑස් මත වන මඳ සිනහවකිනි. සිනහවෙන් දුකත් විඳ ගන්නා මිනිස්සු සිටිති!
"මට හිතා ගන්න පුළුවන්. අප්පච්චි නැති වෙච්ච එක්ක දරා ගන්න විදිහක් තේරෙන්නෙ නැතුව තමයි මං හැම දේම අත් ඇරල...
සංකල්ප අපේ ගේ දොරකඩ පෝටිකෝව යටට ම කහ පාට මොරිස් මයිනර් රියකින් පැමිණියේ ය. මට තනිව ලූනා ඔසවා ගත නො හැකි වූ නිසා ඔහු වහා රියෙන් බැස ලූනා ව ඊට දමා ගන්නට මට උදව් කළේ ය.
"අනේ ඉක්මනට යං"
මම පින්සෙණ්ඩු වුණෙමි. සංකල්ප පවනට බඳු වේගයෙන්, කඳු හා පල්ලම් සහිත පාරේ...
සංකල්ප ගේ මුහුණ මා වඩාත් හොඳින් දුටුවේ ඒ වෙලාවේ කියා සිතමි. ඔහු ගේ තළ එළළු මුහුණ මත, විකට හා කොපුල් වසා ගෙන රැවුලක් නඩත්තු කරමින් තිබිණි. ඒ අතරෙහි වූ දෙතොල් තැඹිලි පැහැයකට හුරු වූයේ ය. සිගරට් බොන්නේ නැති කොල්ලෙකු වන්නට ඇතැයි සිත මට කීවේ ය.
ඒ ඇස් සිහින් ය. ඒවා...
මගේ නමින් මා ඇමතූ ඒ තරුණයා දෙස බලා ගෙන මම ඉතාමත් ම හෙමිහිට එදෙසට පියවරක් දෙකක් තැබුවෙමි. ඒ ඇස් මවෙතට දැල් වී ගෙන ම තිබිණ. ඒ ඇස් වල හිතුවක්කාර මඳහසක් ද තිබුණා කියා සිතමි. නමුත් මගේ මුව අසලකවත් එක සිනහ බිඳක් වූයේ නැත.
"කොහොමද ඔයා මගෙ නම දන්නෙ..."
මගේ හඬ තුළ...
හැන්දෑ වරුව ම හොඳට නිදා ගත් නිසා රාත්රියේ මට නිදි මතක් වූයේ ම නැත. මම ටික වෙලාවක් කාමරයේ ගුවන් විදුලි යන්ත්රය හෙමිහිට ක්රියාත්මක කර ගෙන අපේ නාලිකාවේ විකාශය වෙමින් තිබූ ගීත කිහිපයක් ශ්රවණය කළෙමි. එය ඇති වූ තැන පාවුලෝ කොයියෝ ගේ 'ඉලෙවන් මිනිට්ස්' ගෙන පිටු කිහිපයක් කියවා ගෙන ගියෙමි....
උදේ සිට ම එක හිරු කිරණ කදම්බයක් හෝ පොළොව කරා නො පැමිණි තරමි. හිරු ගේ බලය මුළුමනින් බිඳ දමමින් වලාකුළු සිය අණසක පතුරුවමින් තිබිණ. දවස පුරා ම සිරි සිරි වැස්ස විටින් විට ද කඩින් කඩ ද පතනය විය. රත්නපුරය සීතල රෙද්දක් පොරවා ගෙන සිටියේ ය.
මම හුදෙකලා දිගු වැරැන්ඩාවේ සුවබර...