සුධාරකගේ මස්සිනා මුව විවර කළ විටම නඩුව පරාද වූ බව අන් අයට නොතේරුණත් ඔවුන් සමග ආ නීතිඥ මහතාට නම් තේරුම් යන්නට ඇති.ඒත් කරන්නට දෙයක් නැහැ බුද්ධියට වඩා තන්හාව විසින් වසාගන්නා ලද මෝඩකම ඒ සියල්ලටම උඩින් තිබුණා.මස්සිනා දිගටම කියවනවා.අපි විත්තිය පාර්ශවය හෙයින් ඔහුට ඇතිපදම් කියවන්නට හැර බලා සිටියා.
"මේ නිලධාරියාගේ ගෙදර...
කලින් වතාවේ පොලිස් ස්ථානයට ගියේ අපහාසයක් ගැන පැමිණිල්ලකට වුවත් මෙවර ඔවුන් දමා තිබූ පැමිණිල්ලේ හැටියට නඩු මාර්ගයට බැසීමට උවත් මා සූදානම් විය යුතු බව මම දැනගෙන හිටියා.නීතිඥයෙකු එයට මට අනිවාර්යයෙන්ම සිටිය යුතුයි.මම ඒ සඳහා දිල්හානි බොරු පැමිණිලි දමා සුධාරකට නඩු දැමූ අවස්ථාවේ දී ඔහු වෙනුවෙන් කතාකළ මගේ නීතිඥයා අමතා...
හත් දවසේ දානය නිමවූ පසු මගේ කල්පනාවේ තිබුණේ එක දෙයයි. ඒ තුන්මාසේ දානය මීටත් වඩා හොඳින් කළ යුතු බව සහ ඒ සඳහා දැන් තබා සූදානම්විය යුතු බවයි.මම ඒ සඳහා සිතින් සැලසුම් අඳිමින් සිටියා.මම එසේ සිතන අතර වෙනත් ස්ථාන වල වෙනත් අයගේ ඔලු වල වෙනත් සැලසුම් ඇඳෙමින් තිබුණ බව මා...
සංඝයා වහන්සේ දන් වලඳා අවසන මතක පැන් වත්කර සුධාරකට පින් අනුමෝදන් කරන වෙලාවේ ඒ පැන් බඳුන පුරවන්නට තරම් මගේ නෙතින් ගැලූ කඳුලු සෑහෙන්නට ඇති. මා දොහොත්මුදුන් දී වැඳගෙන පැතුවේ එකම දෙයයි.
"මගේ රත්තරන් මහත්තයා.උප නූපන් ජාතිවත් මේ ආත්මයේ ඔයාට හමුවූ අසත්පුරුෂයන්ගේ හෙවනැල්ල වත් ඔයාට වැටෙන්න එපා.දරුදුක දරු සෙනෙහස අඳුනන වාසනාවන්ත...
බණ දේශනා කරන තැන තබන්නට මා සුධාරකගේ ජීවමාන ප්‍රමාණයේ විශාල ඡායාරූපයක් රාමු කරවාගත්තා.ඒ මා විසින්ම ඔහුගේ අවසාන උපන්දිනය දා මගේ ජංගම දුරකථනයෙන් ලබාගත් ඡායාරූපයයි.එය මගේ ෆේස්බුක් ගිණුමේ මා පළ කළ පසු ඔහුගේ අවමංගල්‍ය කටයුතු සඳහා ද සියලු දෙනා යොදාගනු ලැබූ ඡායාරූපයයි.අද ඔහුගෙන් හිස් වූ පුටුව පිටුපස ඇත්තේ ද මේ...
සුධාරක ගේ හත්දවසේ දානයට තව තිබුණේ දින කිහිපයක්. මම ඔහු වෙනුවෙන් අතීතයේ වගකීම් කළත් දැන් කරන්නට ඉතිරි වී ඇත්තේ යුතුකම්.ඇත්තටම පිරිසිදු සිතින් සහ සෙනෙහසින් ඔහු වෙනුවෙන් ඒවා කරන්නට ඉතිරි වූයේ ද මා පමණයි. ඔහුට ජීවත්ව සිටි කාලයේ ආදර කරුණාවක් නොදැක්වූ,නොසැලකූ,ජීවිතය බේරාගන්නට වත් කළ යුතු දේ නොකළ මිනිසුන් ලෝක මාන්නයට...
සුධාරකත් මමත් ආදරය නිසා මිසක් වෙන කිසිවක් නිසා ළංවී නොසිටි බව මගේ දෙමව්පියන්ට තේරුම්ගියේ ඔහු ගිලන්ව සිටි මාස අට පුරාවට මා ඔහු බේරාගන්නට ඔහුට නිසි ප්‍රතිකාර ලබාදෙන්නට ගත් උත්සාහයන් දැකීමෙන් වන්නට ඇති.කුසට අහරක් හිතට නිවනක් නැතිව රැයක් දවාලක් නැතිව මා කල සටන දෙස ඔවුන් මුවින් වචනයක් හෝ නොකියා බලා...
"ඔය දෙන්නා මෙහේ ගෙන්නගන්න එයා කොච්චර ආසාවෙන් ද හිටියේ…අනේ මේ වහල යටට එන්න එයා යන්නම යන්න යනතුරුම හිටියේ ඇයි"
මට එක්වරම එසේ අසන්නට සිතුනා.ඒත් මම එසේ ඇසුවේ නැහැ.
මිනිස්සු හිතට එනදේ දෙවරක් නොසිතා කියන්නට සිතනවා නමුත් මම එසේ නැහැ. මම කිවයුතු දේ කිවයුතු වෙලාවට කියන්න අවශ්‍යයි කියල ඉගෙනගත්තේ ජීවිත අත්දැකීම් තුලින්.ඒත්...
සුධාරක තව දුරටත් සුසානයේ නැති බවත් ඔහුගේ මනෝකාය සැරිසරනවා නම් එය ඇත්තේ කොහේවත්ම නෙවෙයි,ඔහු අප සමග ආදරයෙන් සෙනෙහසින් ජීවත් වූ ඔහුගේ නිවසේ බව මම සිතුවා.ඒ නිසා මා ඉදිරියට කරන්නට ඇති දාන මාන කටයුතු ගැන සිතින් සැලසුම් කරමින් නැවත නිවසට එන්නට පිටත් වූවා.මා සුධාරක ජීවත්ව සිටියදී බිරිඳකගෙන් ඉටු විය යුතු...
හෙමින් හෙමින් තද කලු පාටට දුම් රොටු එක පොදියට පිට වී යන තුරුම මා ඒ දෙස දෑස් දල්වා බලා සිටියා.සුධාරකගේ සිරුර මේ වෙද්දී දැවී අලු වී ඇති.අවසාන කාලයේදී ඉතා කෘෂ වී ජරාජීර්ණව ගොස් තිබූ ඒ සිරුරේ බොහෝවේලා දැවෙන්නටත් දෙයක් නොතිබෙන්නට ඇති.ඒත් ඔහු ලෙහෙසියෙන් දවා හලු කරන්නට බැරි මතක ගොඩක්...