තුහින නිවසට ගොඩ වූයේ නිස්කලංක හැඟීමකිනි. දොරකඩ කොතැනක හෝ කැමරාවක් නැති බවට සැක හැර දැන ගැනීම ම සහනයකි. තුහින කොහේටවත් යන්නට පෙර මුළුතැන්ගෙයට එබුණේ පුරුදු සුවඳක් හන්දා ය. අම්මා පහේ බදිමින් ආහාර සකසන්නී ය. ඇය හිඳින්නේ දෑස්වලින් පවා හිනැහෙමිනි.
"අම්මට ෆේස්බුක් එකවුන්ට් එකක් හදලා දෙන්න හිතිලා තියෙන්නෙ මට."
එදවස නංගි එසේ...
"ජීවිතේ කියන්නේ අපි හිතන පතන දේම නෙවෙයි. ඔයා පුංචි පුතෙකුට තාත්තා වුණා කියලා දැක්කම හරිම සතුටක් ආවා. සතුටින්ම ඉන්න."
මලිති එසේ ලියා යැවූයේ අලුත් මල් පීදෙන ජූනි මාසයේ දවසක ය. නවීන් පුතෙකුට තාත්තා වූ දිනයේ ය.
"ජූනි මාසේ බබෙක්. ඔයා වගේ."
නවීන් පිළිතුරු එවා තිබිණ.
"ඒවගෙත් හැටි..අන්තිමට නවීන්ගෙ බබා ඔයා උපන්න මාසෙම ඉපදුණා....
"දැන් තමුසෙ අර ඩයරි එක ලියන් නැද්ද?"
උත්පලාගේ නික්ම යෑමෙන් තෙමසකටත් වඩා ඉක්ම ගොස් තිබූ දිනක රුවිනි ඇසුවේ හදිසියේ ය. මලිති නිස්කලංක සිනාවක් නැඟුවා ය.
"කිසිම දවසක ලැබෙන් නෑ කියලා හිතපු සමහර දේවල් අතටම ලැබුණම අගේ අඩු වෙනවදත් හිතෙනවා. තුහින ඉස්කෝලේ කාලෙට වඩා සම්පූර්ණ වෙනස් මනුස්සයෙක් වෙලා ඉන්නකොට ඒ ඉස්කෝලේ කාලෙදි...
දරා ගැනීමේ සීමාවන් මේ මේ ආකාර යැයි නිර්නායක පනවන්නට නොහැකි ය. සියදිවි නසා ගැනීම අනුමත කරන්නට අසීරු වුව ද ඒ නික්ම යෑමට උත්පලාට ඇගේම හේතු තිබෙන්නට ඇතැයි මලිතිට සිතිණ.
"ආදරේ කරන්න කෙනෙක් හිටියත් නැතත් අපිව දරාගන්න යාලුවෝ ඉන්න ඕන කියලා මං හැමතිස්සෙම කියන්නෙ ඔය හින්දා. ඒ යාලුවෝ ෆේස්බුක් එකේ රත්තරං,පැටියෝ,...
"තුහින, උත්පලාගේ අපාට්මන්ට් එකට එනවද?"
ඒ ඇමතුම ආවේ තුහින මිතුරන් හමු වන්නට යද්දී ය. ඔහු රිය මහා මාර්ගය පසෙක නතර කර ඇමතුමට පිළිතුරු දුන්නේ ය. ඒ දිල්මිගේ සැමියා ය. ඔහු මේ හදිසියේ ඇමතීමට හේතුව තුහින ට සිතා ගන්නට නොහැකි විය.
"කරදරයක්ද?"
ඔහු එසේ අසද්දී දිල්මිගේ සැමියා සන්සුන් ස්වරයකින් කීවේ තොරණකින් කීවේ උත්පලා...
මලිති ඇගේ වේදනාව නිහඬවම දරා ගන්නා තරමට උත්පලා ඇගේ වේදනාව ඝෝෂාවකට නඟමින් සිටියා ය. සෑම නඩු වාරයක්ම අවසානයේම ෆේස්බුක් හරහා වීඩියෝ පළ කිරීම ඇය පුරුද්දක් කර ගත්තා ය.
"උත්පලාට කමෙන්ට් වලදී හුරේ දාන මිනිස්සු ඉන්බොක්ස් වල එයාට කොච්චර හිනා වෙනවද කියලා එයා දන්නේ නැහැ. ඔයා සද්ද නැතුව ඉන්නේ ඔයා වැරදි...
අනුමිත ද්වේෂ සහගත හැරයාම යටතේ මලිති දික්කසාදය ලබා ගත්තා ය. ඇයට නිවස අත හැර යන තැනට කටයුතු කළ නවීන් ය. රුවිනිට යාබද නවාතැනේ ජීවත් වන්නට ගත් දා පටන් ඇයට තදින් දැනුණු කාරණාවක් විය. ඒ සැනසීම ය. ඈ ජීවත් වූයේ අප්‍රමාණ සැනසීමකිනි. නින්ද පවා අහිමි නොවන රාත්‍රීන් ඇය ගෙවා දැම්මේ...
"සමාව ඉල්ලන්නද ආවේ?"
උත්පලා දෑත් බැඳ අසන්නේ අසංවරව ය. සැබෑවටම ඇයට ආදරය කළ දවස් තිබුණාදැයි තුහින සිතී ය. ඇයට ආදරය කළ දවස් පසුගිය වසර කිහිපයේම තිබෙන්නට ඇත. මේ හිඳින්නී විවාහක බිරිඳ පමණක් නොවේ. කලකට ඉහතදී ජීවිතය බෙදා ගත් ගැහැනිය ය. ඔහු කිසිවක්ම නොකියා තත්පර කිහිපයක් ගෙවා දැමී ය.
"අපි ඩිවෝස් වෙන්න...
දෙමිතුරියන්ගෙන් සමුගත් පසු උත්පලා මුණ ගැසෙන්නට යන්නට තුහින තීරණය කළේ ය. ඔහු ඒ ගැන පැවසුවේ මලිතිගේ නිවසින් එළියට බසින්නට මොහොතකට පෙර ය.
"මම හිතනවා ඔයා එහෙම කරන එක හොඳයි කියලා. මොකද දන්නවද මොනවා වුණත් හැම කෙනෙකුටම ජීවිතේ දෙවැනි අවස්ථාවක් තියෙනවා. ඒක පාවිච්චි කරන එකේ කිසිම නරකක් නැහැ."
මලිති එසේ පැවසුවේ ඒ...
රෝගයක් සුව වීම උදෙසා වෛද්‍යවරුන්ගේ කැපවීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැත. රෝගියා ද තමන්ගේ සුවය වෙනුවෙන් පූර්ණකාලීනව කැප විය යුතු වේ. විශ්වාසය සහ අධිෂ්ඨානය ඕනෑම කාර්යයක් සාර්ථක කරගන්නට උදව් වන්නා සේම රෝගයක් සුව වීමට ද බොහෝ පිටුවහලක් වේ.
එහෙත් උත්පලාට නොතිබුණේ එයම ය.
"ඩ්‍රග්ස් වලට ඇඩික්ටඩ් වෙන එක නවත්තාගන්න හරිම අමාරුයි. මං...