මල් තුහින

වසර කිහිපයකට පෙර අතීතයේ ආදරය අයදිමින් ආ කොලුවා ප්‍රතික්ෂේප කිරීම මේ තරමට ගැටළු ඇති කරාවියැයි මලිති සිතා තිබුණේ නැත. ඇය කම්පාවෙන් කල්පනාවට වැටුණා ය. මේ කම්පනය පිරුණු මොහොතකි. "මමයි මගෙ මනුස්සයයි ඩිවෝස් වෙන්න ඇත්තටම හේතු වුණු දේවල් උඹ දන්නවද?" රුවිනිගේ අතැඟිලි මලිතිගේ උරහිසේ වැටුණේ එසේ අසන අතර ය. මලිති වේදනාකාරී සිනාවක් නැඟුවා...
" උඹ ඇත්තටම හිටියේ කෝමා එකකද?" රුවිනි මිතුරියගේ ඇඟට කඩා පැන්නා ය. පාසල් කාලයේ ප්‍රේමය පතා ආ තරුණයෙක් මේ තරම් ඉක්මනින් අමතක වීම සාමාන්‍ය විය හැකිය. එහෙත් මලිති දැන් ඔහු කෙරෙහි ප්‍රේමයෙනි. ප්‍රේමය ලබා දෙන්නට බලා සිටි කාලයේ එය ප්‍රතික්ෂේප කළ යුවතිය දැන් ගැහැනියකි. දැන් තුහිනට ඒ ආදරයෙන් ඵලක් නොවේ. "...
"ඒකපාර්ශවික ආදරයක් වේදනාවක් කිව්වට ඇත්තටම ආදරේ කරනව තරම් වේදනාව අඩුයි කියලත් මට හිතෙනව." තුහින දුරකථනය විසන්ධි කර ඇති බව නොදන්නා මලිති එසේ ලියා යැව්වා ය.අනතුරුව ඒ ගැන තවතවත් කියන්නට ඇයට ඕනෑ විය. "බලාපොරොත්තු පුරවගෙන ආදරේ කරනවට වඩා කිසිම බලාපොරොත්තුවක් නැතිව ආදරේ කරන එකත් සහනයක්. අපි එයාට ආදරේ බව දන්නෙවත් නැති කෙනෙක්...
"ඔයාට මේ මනුස්සයව මතකද?" තුහිනගේ ෆේස්බුක් ගිණුම අමුණා මලිති ඒ පණිවිඩය යැව්වේ හංසිට ය. සැබෑවටම හංසි නොදන්නා තරුණයෙකු ඒ නගරයේ නොවූ තරම් ය. ඕපාදූප සොයන්නට ඇය පාසල් කාලයේ පටන්ම හපනියකි. නමුත් ඒ කිසිවෙකුට හානිදායක වර්ගයේ ඒවා නොවේ. ෂාරුක් ඛාන්ගෙන් ඇරඹී නගරයේ ජීවත් වන කඩවසම් තරුණයන් දක්වාම ඇගේ විපරමට ලක් වූවෙක්...
"මං ඔය කතාව පිළිගන් නෑ." මලිතිගේ කටහඬෙහි ස්ථිර බවක් තැවරී තිබිණ. දවල්ට කන්නේ මොනවාදැයි පවා තමන්ගේ අසා තීරණය කරන මිතුරිය මෙතරමට හිතුවක්කාර වීම රුවිනිට පුදුමයකි. ඇය හිඳින්නේ ඇගේ තීරණයේ තරයේම ගිලී බව රුවිනිට දැනේ. "මලී, දැන් නවීන් නිසා ඔයා ඉන්නේ වේදනාවෙ ගිලිල නේද? ඒ වේදනාවට තව තව වේදනා එකතු කරගන්න එක...
"මංනම් හිතන්නේ උත්පලා යන්න ගියේ වෙනම හේතුවකට. මට ඒ හේතුව ගැන හොඳටම තේරෙනව." රුවිනිගේ තුන් තේරවිලි අසන්නට අකමැති මලිති ඇයට ඕනෑ දෙයක් කියන්නට ඉඩ හැර නිහඬ වූවා ය. තර්කයක එල්ලී ගත් පසු එය සනාථ කරන තුරු රුවිනිට නින්ද නොයයි. ඒගැන හොඳින් දන්නා නිසා කළ යුතු වන්නේ නිහඬ වීම ය. "ඒ මනුස්සය...
තුහින නිවසට ආවේ තේරුමක් නැති කෝපයකිනි. අම්මා ඉදිරි දොර අසල හිඳ එකම මන්තරය මතුරන බව ඔහු දනියි. "උත්පලාට එන්න කියනවා ලොකු ළමයො" අම්මා තුහිනට "ලොකු ළමයා" කියන්නේ ඔහු කෙරෙහි කෝප ගන්නා වෙලාවට ය. නමුත් ලොකු ළමයාට අම්මා මොනතරම් කෝප ගත්ත ද කම් නැති බව සිතිණ. "එයාගෙ ඩ්‍රාමා වල කැරැක්ටර් එකක් වෙන්න බෑ...
"මං ශේන්යාට ආදරෙයි. හරියට කතා කරන්න ඉඩක් නොලැබුණත් ශේන්යා කියන්නේ ආදරේ ඉතිරෙන දරුවෙක්ට." මලිති එසේ කියද්දී රුවිනි මුදු මන්දහාසයක් නඟා ගත්තා ය. මලිතිගේ ජීවිතයේ ලොකුම පීඩාව ඇය මවක් නොවීම බවත් ඇය ඒ කාරණාව සඟවා ගන්නට ලොකු උත්සාහයක් දරන බව රුවිනි හැරෙන්නට බොහෝ දෙනා කියන්නකි. ඒ හන්දාම මේ මොහොතේ ඒ ගැන...
ජීවිතය තුළ ගන්නා සමහර තීරණ වැරදී ගිය පසු එතැනින් එහා ගන්නා බොහෝ තීරණ වැරදී යයි. මලිති පසු කරමින් සිටියේ එවැනි කාලයකි. එහෙත් මෙතැනින් එහා එසේ නොවිය යුතු බව ඇය සිතමින් සිටියා ය. ඇයට එසේ සිතන්නට ද ඕනෑ වූවා ය. "ආදරේ කරන්න දන්න මිනිහෙක් ලැබෙනව නම් එතනින් එහා මොකුත් ඕන නෑනෙ." දිනක්...
"තමන්ගෙයි කියලා කවුරුත්ම නෑ කියලා හිතෙන මොහොතක පවා තමන්ට කියලා කවුරුමහරි ඉතුරු වෙනව." ඒ කතාව උගත් තැන මලිතිට අමතක ය. නමුත් එය එසේ බව පමණක් ඇය සිතුවා ය. නමුත් සුදු අම්මාගේ කියවා ගැනීම වෙනස් එකකි. " ඕනම කෙනෙක්ට මේ ලෝකෙ ඉන්න හොඳම කෙනා තමන්ම තමයි. අපි කිසිම මොහොතක අපිව අත් අරින්න...