අනෝරා මල් වැහි

"කොහෙද ගියේ මෙච්චරවෙලා?" තාරා බලාපොරොත්තු නොවූ අයුරින් චිරායු වේලාසන නිවෙසට පැමිණ තිබුනේය. ලඟ තිබූ අමතර යතුරෙන් දොර හැරගෙන තිබූ චිරායු සාලයේ සෙටිය මත වාඩි වී උන්නේද ලැප්ටොප් පරිගණකය දිග හැරගෙන කාර්‍යාලයේ කුමක් හෝ රාජකාරියක ගිලීය.  චිරායු එකී ප්‍රස්නය ඇසුවේත් අසන්නට යුතු නිසාමිස තමා කොහේ ගියත් ඔහුට ගාණක් නැති වග තාරා නොදන්නවා...
“මම දන්නෙ නෑ මහිල් මම මොකද්ද වෙන කරන්න ඕන කියල. මට ඇත්තටම මොකද්ද කරන්න ඕන කියල අදහසක් නෑ. මටතේරෙන්නෙත් නැ. ඔය හිතන්න එපා මම මේ හස්බන්ඩ් ගෙදර ඉද්දි ඒ මනුස්සයගෙ කිසිම වරදක් නැතුව මෙහෙම ඔයාව අල්ලගන්න හිතාගෙන කතාකරනව කියල. මගෙ තුන් හිතකවත් එහෙම අදහසක් නෑ මහිල්. මට ඇත්තටම මේ හැම...
"මට ඉන්න විදියක් නෑ තාරා. ඔයා දන්නවනෙ මම කොච්චර ඉම්පෝටන්ට් ජොබ් එකක්ද කරන්නෙ කියල. ඔයාලට වගේ ලේසියෙන් නිවාඩු දාලා ඉන්න හැටියක් මට නෑ" "ඔයාට එහෙම ලේසියෙන් නිවාඩු දාන්න බෑ වගේම මටඑහෙම හේතුවක් නැතුව නිවාඩු දාන්න උවමනාවක් නෑ චිරායු. නිවාඩුවක් දාලා නෙවෙයි මම වෙන ඕන දෙයක් උනත් කරනව. ඒ උනාට ඔයායි...
"මම එක්ක කතා කරන එක ඔයාට ප්‍රස්නයක් වෙයිද?" තේ කෝප්ප දෙකක් අතින් අරගෙන වයිබ්ස් කැෆේහි තමා වාඩි වී උන් එලිමහන් පුටුවට ආ මහිල්ගෙන් තාරා එසේ ඇසුවේ සිනාසෙමිනි. දින කිහිපයක් තිස්සේ එකිනෙකා හමුවීමත් කතා බහ කිරීමත් නිසා මහිල්ට තාරාත් තාරාට මහිල්වත් හැන් නුපුරුදු නැත. "ප්‍රශ්නයක් කිව්වෙ? කාගෙන්ද?" දෙනෙත් කුඩා කර හිස මදක්...
"හායි" ගී ගයා අවසානයේ මහිල් විත් තාරාට ඉදිරිපස අසුනේ වාඩිවූයේ එසේ පවසමිනි. ඒ මහා ගැඹුරක් රැඳුණු වදනක් නොවුවද මෙතෙක් දිනක් තමාත් ඔහුත් අතර වූ සියලු බැමි බිඳ හෙලන්නට ඒ වදන් සමත් වූ බව පමණක් තාරාට දැනුනි. "හායි, අද ඉක්මනට සින්ග් කරල ඉවර කරාද?" "ආයෙ රවුන්ඩ් එකක් තියෙනව. ඒකට යනවා" "ඔයාට ලස්සනට සින්ග් කරන්න...
“ගෙදරට අමුත්තො ඇවිල්ල ඉද්දි එලියට යනවද හරිහමන් තැනක ගෑණියෙක් නම් අන්තීමේ තේ හදන්නත් උනයින් මට ඒ මිනිස්සු එක්ක හරියට කතා කරන්නවත් උනේ නෑ” නිවසට ආ පසුව චිරායුගෙ අම්මාගේ දෝශාරෝපණ අහගෙන ඉන්නට විය. එහෙත් වෙනදා මෙන් ඒවාට කෝප ගන්නට අදහසක් තාරාට තිබුනේ නැත. තමන් අද ඉන්නේ බොහෝ සිත නිවිසැනසිල්ලේය. මේ වදන් වලින්...
"ඔයා මේ ලඟඳ ඉන්නේ?" "නෑ මැඩම් මම ඉන්නෙ බොරැල්ල කිට්ටුව" "ඔයාගෙ ශිෆ්ට් එක පටන් ගන්නෙ කීයටද?"  "උදේ දහයෙ ඉඳල හවස 4 වෙනකම් මැඩම්" "මම මේව අහන එක වැරදිද?" සුවපහසු අසුනේ වාඩිවී තාරා එසේ ඇසුවේ මහිල් දෙසම බලගෙනය. තමන් ඉඳගෙන සිටින පුටුව පහලින් කුඩා බංකුවක වාඩි වී තම දෙපා ඔහුගේ උකුල මත තබා ගෙන හුන්...
“මෙහේ නම් හරි ලස්සනයි නේද දූ” මදාරා චිරායුගෙත් තාරාගෙත් නිවහනේ සුන්දර විසිත්ත කාමරයේ එහා මෙහා යමින් කිව්වේ දූ දිස්නිටය.  “මං අපේ චිරායුටත් කිව්වෙ මදාරා මේ තමන්ගෙ කෙනෙක්ට මෙහෙම ගෙයක් දොරක් තියෙද්දි මොකටද නේද ආයෙ මේ බොරුවට රෙජිස්ට්‍රේශන් එක හොටෙල් එකල ගන්නෙ කියල” “අනේ ඒකනෙ මෙයා මාත් ඔයා එක්ක කතා කරේ. අනික ඒ...
අම්මාත් අක්කාත් චිරායු පැමිණ දවස් කිහිපයක් යන තුරුත් නිවසේ නතර වී උන්හ. ඒ දින කිහිපයම තාරා ගෙව්වේ අපහසුවෙන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. කුමක්දෝ නොතේරෙන ආගන්තුක කමකිනුත් ආත්මානුකම්පාවකිනුත් තාරා පෙලෙමින් උන්නාය. තමන්ගේම නිවසේ චිරායු විසිනුත් චිරායුගේ මව සහ සහෝදරියවිසිනුත් තමාව දෙවන තැනකට ඇද දමා ඇති බව තාරා පෙලන්නට හේතු...
“එදා කරපු උදව්වට බොහොම ස්තුතියි” තාරා පැවසුවේ ඉන් පසුදින වාහනය රැගෙන යන්නට අවන්හලට ආ මොහොතේය. ග්ලෝබල් බැටරි ශොප් එකෙන් පැමිණ බැටරිය රිප්ලේස් කරන තුරු තාරා අවන්හලේ අසුනක වාඩි වී උන්නාය.  මහිල් උන්නේ තාරා අසල සිටගෙනය. බාලාංශ පංතියේදි වරදක් කර ගුරුවරයෙකුට හසු වූ ලමයෙකු මෙන් හිස බිමට බර කරගෙනය. එහෙත් මදමුදු සිනහවක්...