උසස්පෙළ විභාගය අවසන් වන තුරුම මා සිටියේ ඉතා කාර්යබහුල ජීවිතයක ය.මා හොඳින් විභාගයට මුහුණ දෙන බවට මගේ සමීපතමයන් ද ගුරුවරුන් ද දැඩිව විශ්වාස කළ නිසා මට ඒ විශ්වාසය රකින්නට ඕනෑ විණ.කොහොමටත් මා ඉගෙනීම ප්‍රිය කළ දැරියක් නිසා මට පාඩම් කිරීම අපහසු වූයේ ද නැත. එකල දෙනෙත් ගැන සිතීම ද...
'ඩිව්ස් ඇන්ඩ් බඩ්ස්' ආරම්භ කරත්දී මවෙත වූයේ යමක් කිරීමේ අවශ්‍යතාවය පමණි. නමුත් අලුත් ම ආයතනයක් මගේ නමින් ඇරඹූ පසු ජීවත් වන්නට මට හේතුවක් ලැබුණේ ය. ඊළඟට මම ඒ වෙනුවෙන් ජීවත් වන්නට පටන් ගතිමි.
මිස්ට පීරිස් නිතර කී මගේ නිර්මාණශීලීත්වය ගැන කතාව ඇත්තක් දැයි උර ගා බැලීම මගේ අභියෝගය විය. ලාභ...
ඒ වචන මා තුළ තිගැස්මක් ඇති කළ බව ඇත්තකි.නමුත් පිරිමියෙකු දරා ගැනීම සහ ඔහුගේ සිත නොරිදවා විසීම "පුනුරුත්ථාපනය කිරීමක්" ලෙස අරුත් ගන්වන්නට මට සිත් නොවිණ.එය එසේ වන්නේ නැත.කෙනෙකුට ආදරය කිරීමට එවැනි අරුත් ලබා දිය යුතු නැතැයි මම සිතීමි.
"ඌට මොකද ඔයා තට්ටේ ගෑවත්.."
විවාහ මංගල්‍යය අතරතුර මගේ කතාව අසා හුන් උවනි...
රවීන් පැමිණියේ දානේ වැඩ නිසා ලොකු අයියා මිතුරෙකු ගෙන් ඉල්ලා ගෙන ඇවිත් තිබූ මෝටර් රථයෙනි. මේ වෙත්දී ත් අනතුරෙන් හානි වී තිබූ රවීන් ගේ රිය ගරාජයෙහි වූයේ ය.
ඔවුන් ගේ රිය ඇවිත් නතර වෙත්දී මා සිටියේ නිනව්වකින් තොර ව මග ඇවිද යමිනි.
"මොකද බං..."
ප්‍රශ්න කළේ ලොකු අයියා ය.
"දානෙට ගෙට එන්න මූට...
මා බරාඳයට වී ඔහේ හිඳිද්දී ඔහු නැවත පැමිණියේ ය.ඒ නිවසට පැමිණෙමින් හුන් සචිර අයියා අමතන්නට ය.මගේ දෑසේ අසරණ බැල්මක් තැවරී තිබෙන්නට ඇත.නමුත් මා බිම බලාගෙන මල් පැළයක් සකසමින් ඔහේ සිටියෙමි.ඉතා සුළු හේතූන් වලට කාලච්ඡේද ගණන් ඩෙස්කුවට හිස ගසා වැළපුණු මිතුරියන්‍ට ආදරය නිසා නාස්ති වන බවට බැන වැදුණු හසරැලි හදවත...
දානමය කටයුතු සර්ව සම්පූර්ණ වන්නට රවීන් අපේ ගෙදරට පැමිණීම හේතු වූවා සේ මට දැනිණ. ඔහු දානය බෙදීමටත් පිරිකර පූජා කිරීමටත් සම්බන්ධ වී, ලොකු අයියලා එක්ක දානය භුක්ති විඳීම ද කළේ ය.
"අපරාදෙ අද දානෙ බත් කන්න වෙන්නෑ සනූට"
සුනෙත් ලොකු අයියා දෙස බලමින් ඇසක් ඉඟි කළේ ය.
"අද නෙවෙයි මේකි සතියකට කන...
යෙත්මිගේ අක්කාගේ විවාහ මංගල්‍යය උදා වූයේ ය.යෙත්මිට දෙවැනි මනාලිය වෙන්නට අවස්ථාව උදා වූ හන්දා මා සිටියේ ඇය සමඟ සාප්පු සවාරි යන කාර්ය බහුලත්වයක ය.ඇය තරම් අක්කාටවත් වැඩ නැතැයි ආන්ටි සමච්චල් කළ ද යෙත්මි සිටියේ පුදුමාකාර උනන්දුවකිනි.ආසාවකිනි.
ඒ සිදුවීම උදා වූයේ මංගල්ලයට දින දෙක තුනකට පෙර ය. රූපලාවණ්‍යගාරයකට යන්නට යෙත්මිට මාත්...
දානය වෙනුවෙන් පවුලේ කාන්තාවන් එක් වී කෑම පිසීම චිරාගත සම්ප්‍රදායානුකූල ක්‍රමය ය. එයත් පුරා රැයක් නිදි වරන්නට වන දිනයකි. එහෙව් දානමය පින්කම් රැසක් මම කෙටි දිවිය තුළ මම ගෙවා ඇත්තෙමි. පවුලේ එය කොහොමටත් හැම දා ම සිටින්නේ එක ළඟ එක ට පේනා මානයක ය. නමුත් මෙහෙව් අවස්ථාවක් උදා වෙනවා...
"මම්මේ…"
ඈ පෑරේදැයි නොසිතා මම මම්මාව ඇමතූයෙමි.මම්මා මදෙස බැලුවේ උපේක්ෂා සහගත දෑසකිනි.
"මම්මා ඇයි ඒ අංකල්ට ඒක නොකීවෙ?"
මම්මා නිස්කාංසුවේ හිනැහුනා ය.අනතුරුව කිසිත් නොකියා ඇගේ ඇණවුම් අතර ඇති බිළිඳු ගවුමක් අත ගාමින් සිටියා ය.චන්දන නම් මා නොදුටු මිනිසා ඇගෙන් උදුරා ගත් සිහින ඒ නොවේදැයි මම සිතුවෙමි.
"මට හිතුණා කියන්න ඕන නෑ කියලා.."
මම්මා කියන්නේ...
ජීවිතය කියන්නේ සතුටු වෙන්නට හදනකොට ම වේදනාවේ පාට ගැන අදහසක් ගන්නට අපට අවස්ථාව උදා කොට දෙන්නා වූ තැනකි. හිනා වෙන්නට හදනකොට ම කඳුළු කියා දෙයක් වන බව මතක් කොට දෙන්නට හදන තැනකි. යළිත් රැකියාවට යන්නට නිදහස ලැබීමේ සතුටත් එක්ක මා සිනහ වෙන්නට හදනකොට ම ඉරණම මා වෙත එවූ මේ...