යුක්‍රේන යුවතිය – 2

0
2388
ukraine yuwathiya

පුතා,මිත්සලා නංගි ට කොලඹ ජොබ් එකක් ලැබිලා.ඉතින් නවතින්න තැනක් හොයනවා.මම කිව්වා පිට තැන් මොකටද පුතා ගේ ගේ තියෙනවනෙ කියලා.පිරිමි ළමයෙක් ඉන්න ගෙදරක ගෑනු ළමයෙක් තනිවම නවතන්න බැහැනෙ.නැන්දට ත් ගෙදර දාලා එන්න බැරි නිසා මම එනවා කියලා හිතුවා.මේ සිකුරාදා අපි එන්නම්.ඒ ඇවිත් කාමර දෙකක් ලෑස්ති කරගන්නම් අපි.පුතා කරදර වෙන්න එපා.”

අම්මා එක හුස්මට කියාගෙන ගියේ අමිතව ක්ලාන්ත කරමින්.මල කෙලියක් වෙන්නේ,දැන් මොකද කරන්නෙ.අමිත කල්පනා කළා.ඔවුන්ට එන්න එපා කීමට වඩා මරණය අත් පත් කර ගැනීම හොඳ බව අමිත දන්නවා.ජීවිත කාලයම ඒ ගැන කියවන කංකරච්චලයට වඩා ඔනෙලා ගැන සැහැල්ලුවෙන් කියා දැමීම ඊට වඩා සුදුසු බව අමිත හිතුවා.

“හරි අම්මලා එන්න,මම කොහොමත් උඩ තට්ටුව පිට රට මම දන්න යාලුවෙකුට කුලියට දීලා තියෙන්නෙ.පහල ඕන තරම් ඉඩ තියෙනව නෙ.අම්මල කෝච්චියෙ ද එන්නෙ?මම එන්නම් ගන්න.”

“ආ,සුදු මහත්තයෙක් ඉන්න එක හොඳයි පුතේ,කෙල්ලට ඉංග්‍රීසි ටිකක් කාරිය ඉගෙන ගන්න පුලුවන්නෙ”

“මෙයා සුදු නෝනා කෙනෙක් අම්මෙ”

“මොකක්,තනි පිරිමි ළමයෙක් ඉන්න ගෙවල් වල එහෙම ගෑනු නවත්ත ගන්නවද?ඇයි අපෙන් ඇහුවෙ නැත්තෙ නවත්ව ගන්න කලින්.එහෙනම් අපි දැනමුතු කමක් දෙනවනෙ’’

කෝපය නිසා වෙව්ලන කටහඬින් කෑ ගසන අම්මාගේ හඬ අමිතගේ සන්සුන් සිතිවිලි ඉරා දමමින් සිටියා.අමිත ලෙහෙසියෙන් කෝප වන්නෙක් නෙවෙයි.එහෙත් සියුම් කෝපයක් ඔහු වටා එක් රැස් වෙමින් තිබුණා.

“අම්මා”

අමිතගේ ස්වරයේ තද බව අම්මා ගෙ කියවිල්ලේ සැර බව මඳකට නවතාලීමට සමත් බවක් පෙන්නුම් කළා.

“අම්මා,මේ ඉන්නේ මගේ හොඳම යාළුවෙක්,එයා කරදරේක වැටිලා ඉන්නෙ.ඉතින් ඔයාලගෙ අවසර අහ අහ ඉන්න මට අවශ්‍ය නැහැ.මට දැන් කියන්න තියෙන්නෙ නම් මිත්සලාටයි අම්මටයි මෙහෙ ඉන්න පුලුවන්.ඒ වගේම ඔනෙලා,මගෙ යාළුවටත්.කාටවත්ම කාටවත් ප්‍රශ්නයක් වෙන්න බැහැ.ප්‍රශ්නයක් කරගන්නත් බැහැ,ආයෙ මේ ගැන මා එක්ක කතා කරන්න එන්න එපා.”

කේන්තියෙන් දුරකතන තැබූ අමිතට දිගු හුස්මක් ගැනුනා.එවිටයි ඔහු දැක්කේ ඔනෙලා ඉහල මාලයේ සිට බලාගෙන සිටින බව.අමිත් සිටියේ ඉදිරිපස කුඩා ගෙවුයනේ බංකුවක.අමිතගේ සිත ලැජ්ජාවෙන් සීතල වූ නමුත් ඔනෙලාට සිංහල බැරි බව මතක් වී සිනහවක් ආවා.

“ඇයි අමිත,ඔයා වෙනදා වගේ නෙවෙයි කතා කලේ,ඔයාට ප්‍රශ්නයක් ද?”

“අනේ නෑ ඔනෙලා,මේ පොඩි අවුලක්,මගේ සවුන්ඩ්ස් වැඩි වුණා නේද?අනේ සොරි”

“මට උදව් කරන්න පුළුවන් දෙයක් නම් කියන්න.ඔයා මට මේ කරන උදව්ව මට කවදාවත් අමතක කරන්න බැරි වේවි.කවදාවත් ගෙවන්නත් බැරි වේවි.ඒ නිසා මගෙන් පොඩි හරි උදව්වක් ඕන නම් කියලා මට ඔයාට පොඩි උදව්වක් හරි කරන්න අවස්ථාවක් දෙන්න.”

අමිතගේ දෑසට කඳුලු ආවත් ඔහු අසීරුවෙන් එය පාලනය කර ගත්තා.අම්මා ඇතුළු ගැමි ගැහැනුන්ගේ,ගැමි නොවුනත් සාම්ප්‍රදායික ගැහැනුන්ගේ සිතිවිලි ඔනෙලාට කියන්නේ කොහොමද?ඇයට යන්න තැනකුත් නැති එකේ ඇය තවත් ඉන් අසරණ වෙනවා නේද සිතූ අමිත කුමක් කරන්නේදැයි කල්පනා කළා.දින කිහිපයකින් ඔවුන් පැමිණි පසුම ඇයට විස්තරය කියන්නට ඔහු සිතා ගත්තා.

“නෑ ඔනෙලා,මේ ඔෆිස් එකේ පොඩි කේස් එකක්,ලොකු දෙයක් නෙවෙයි.”

ඔනෙලා උඩු මහලින් බැස ගෙඋයනට ආවා.ඇය පැමිණි දා සිටම ඇයටම ආවේණික විලවුන් සුවඳකින් නිවසම පිරී තිබුණා.ඇය පැමිණෙන්නේ දිව්‍යලෝකයෙන් බිමට බට දෙව් ලියක් ලෙස නොවේද සිතුණු අමිතට ඔනෙලා නිසා තමන් කවියෙක් වීමට යන්නේ දෝයි සිතා සිනහා යන්නත් ආවා.අමිතට මඳක් ඈතින් වාඩි වූ ඔනෙලා තමා අත ඇති ඩිවයිසයේ අලංකාර වාදනයක් පිටතට මුදා හැරියා.

“ඔයා මේක අහන්න,ඔයාව කූල් වෙනවා.මේක හීලින් මියුසික් එකක්.කවුරු ඔයාව පිටින් කේන්ති ගන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ඔයාට දුන්නත් ඔයා ඒව ඔයාගෙ ඇතුලට අරන් ඔයාගෙම විදියේ කෝපයක් නිර්මාණය කරගන්නවා.ඉතින් ඒකට ඉඩ නොදී ඉමු.ඒ අමුද්‍රව්‍ය වලට ඔයාගෙ ඇතුලට එන්න නොදී ඉමු.මේක මේ එක ප්‍රක්ටිස් එකක් විතරයි.

අමිත සන්සුන් වූ සිනහවකින් යුතුව ඔනෙලා දෙස බැලුවේ ස්තුති පූර්වකව.ඇයගෙන් දේවල් නොසඟවා අවංකව ඇත්ත කිවයුතු බවත් මේ එයට සුදුසු වේලාව බවත් ඔහුට ඒත්තු යමින් තිබුණා.

“ඔනෙලා”

අමිතගේ කට හඬෙහි තිබුණේ වෙව්ලන බවක්.

“ඔව්,කියන්න අමිත,මම ඔයාව අහගෙන ඉන්නේ”

“මගේ අම්මා කතා කළා.එයයි,මගේ කසින් කෙනෙකුයි මෙහෙ නවතින්න එනවා.ඉතින් මේ ගෙදරට තව දෙන්නෙක් තව දවස් දෙකකින් එකතුවේවි.”

“අනේ,කොච්චර හොඳයිද අමිත,මට හරිම සතුටුයි.මම ස්පෙෂල් මොනාහරි හදන්නම් එයාල එන දවසට.ඔයා වගේම එයාලත් හරිම හොඳ ඇති.ශ්‍රී ලන්කන්ස්ල ගැන මම ලියනවා,මගේ පරම්පරාවෙන් පරම්පරාවට මේ රටට,ඔයාලට කළගුණ සලකනවා මම”

“එච්චර හිතන්න එපා ඔනෙලා,ඒක ඔයාට බරක්.දේවල් එච්චර එහාට හිතන්න එපා.මම ඔයා තරම් ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි.ඔයාට තරම් දේවල් මට තේරෙන්නෙ නැහැ තමා.ඒත් මම මේ කරන උදව්ව නිසා ඔයා ජීවිත කාලෙම වද වෙනවට මම කැමති නැහැ.”

නැවතත් දුරකථනය හැඬවේ.අනෙකාගේ පුද්ගලිකත්වය ගැන සිතන්නට පුරුදු වී සිටින සමාජයක හැදුනු ඔනෙලා පිටත්ව යනු දකින අමිතට මතක් වෙන්නේ නිවසේදී හෝ නැදෑ ගෙදරකදී දුරකතනය නාද වන විට ඒ කවුදැයි අසමින් වටවන පිරිසයි.දුරකතනය තැබූ ගමන් කීවේ මොනවාද,ඒ කවුද ආදී ප්‍රශ්න වැලකි.මිතුරන් අතරත් බොහෝවිට එය සුලබ වේ.තිරය මත අම්මා කියා දිස් වෙයි.පිළිතුරු බොත්තම ඔබන අමිත අම්මාට සන්සුන්ව මුහුන දීමට අවශ්‍ය බව මතක් වෙන්නේ ඔනෙලා ට තම බස නොතේරුනත් හඬේ අපහසුව හඳුනා ගැනීමට හැකි බව මතක් වූ නිසා.

“හෙලෝ”

“අපි අද හවසම ඔහේ එනවා.තාත්තාත් එනවා,මොකද්ද මේ නටන නාඩගම කියල ආවම කතා කරගමු”

දඩස් ගා දුරකතනය තබන අම්මා ගැන හිතේ ඇවිලෙන කෝපය මැඩගෙන අමිත ගෙට යනවා.මේ මිනිස්සු ඇවිත් මොනවා කරයිද,මොනවා කියයිද?

අමිතට ඇති වන්නේ බෙහෙවින් නොසන්සුන් හැඟීමක්.පොඩ්ඩක් නා ගන්න ඕනි.ඊට පස්සෙ ෆිල්ම් එකක්.ඉතිරිය ආවම බලාගමු.

එසේ සිතන අමිත නාන කාමරයට රිංගා ගන්නවා.ඔනෙලා පැමිණි පසු කලාත්මක ලෙස හැඩවූ එහි අමුතුම සිරියාවක් තිබෙනවා.අමිතගේ සිත කුමක්දෝ නොදන්නා,දුකකින් වෙලෙනවා.

මතු සම්බන්ධයි….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here