කාව්‍යා රැකියාවෙන් දීර්ඝ නිවාඩුවක් ගත් නිසා උදෑසනම අවදි නොවන්නී ය.ඇයට විශාදය වෙනුවෙන් ලැබෙන ඖෂධ කාව්‍යාව තද නින්දක ගිල්වන නිසා මාලිකා කරන්නේ දියණියට රිසි පරිදි නිදන්නට ඉඩ හැරීම ය.කාව්‍යාව ඕනෑවට වඩා හුරතල් කරන අම්මා සමඟ අමනාපව භාවනා නිවස අතැර යාම ගැන මාලිකාට වේදනාවක් නැතිවා නොවේ.නමුත් යමක් තේරුම් කරන්නට අසීරු භාවනා...
විකුම් ට ඕන වුණේ ආදිත්‍යා සමග රණ්ඩුවක් ඇති කර ගන්නට නොවේ. ඇයට චාටු බස් කියා විවාහ මංගල උත්සවයට යාමට කැමති කරවා ගන්නට ය. නමුත් වෙන කිසි දා ක නොවූ සේ ඕ නො රිස්සුම් බවක් පෙන්වූවා ය. ශිරෝෂි සමගින් ඔහු ව දැකීමෙන් පස්සේ මින්දුල ව අනත් නිවසකට දැමීමට කැමති වීමට...
කාව්‍යා සිහිනයක් දුටුවා ය.
ඇය දිගු මාවතක් ඔස්සේ ඇවිදිමින් සිටියා ය.එය මලින් බර වූ උද්‍යාන මාවතකි.කවරදාකවත් නොදැනුණු සැහැල්ලුවක් ද සැනසීමක් ද දැනෙද්දී ඇයට ඉහළින් නීල අහස හිරු බබළවමින් තැබුවේ ය.නමුත්, එක්තරා මොහොතක මීදුම මාරුතයක්ව ඈ වෙළා ගත් අතර ඇයට දරා ගත නොහැකි සීතලක් දැනෙන්නට විය.නමුත් කාව්‍යා ආපසු හැරෙන්නට නොසිතුවා ය.සෙනුර...
දොර හැරි ගමන් ආදිත්‍යා කළේ යටිගිරියෙන් කෑ ගසනා එක ය. ඇය දෙතුන් වරක් එසේ කෑ ගැසුවා ය. ආමන්තා ඇඳෙන් බැස ඈ වෙත දිව්වා ය. දොරකඩ උන් සේනක හොඳට ම කලබල වූයේ ය.
"ආදිත්‍යා මේ මම...ආදි..."
ඇගේ කෑ ගැසිල්ලට සඳසීලී සේ ම විජිනි ද ඇගේ සැමියා වන රංගන ද එතැනට දිවැවිත් තිබිණි.
"ඇයි...
"සකුණ භාවනාගෙන් බ්‍රේකප් නේද?"
උදාරා එසේ අසද්දී කාව්‍යා සුසුමක් හෙළුවා ය.නංගී ප්‍රේමයකින් පැරදීම මහා කාරණාවක්ව නොගන්නා බව ඇය දනියි.නමුත් සකුණ විශ්ව විද්‍යාලයේ උගත් කාලයේ ප්‍රේමයක් හන්දා බොහෝ දුක් ගත් ආකාරය ඇය සිහි කළා ය.
"තියෙන වැඩ ගොඩ එක්ක ඔයාට කෝල් එකක් දෙන්න තියෙන්නෙ පොඩි වෙලාවයි.ඒ වෙලාවත් දැන් සකුණයව නළවන්න වෙලා."
එදවස සෙනුර...
ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ අතුළාන්තයේ සුළි කුණාටුවක කැළඹීම ඇති වී තිබිණ. එය අභ්‍යන්තර පේෂි, පටක, ඉන්ද්රිය සියල්ල අඹරවා ගෙන කරකවා ගෙන යනවා ඇය ට දැනිණ. වෙන දෙයක් වුණාවේ යි සිතා ගෙන...
"දඟම කාලේ නේද උදාරා දැන්.."
මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ හුරතලය මොහොතක් වින්දා ය.
"රසිකගෙ උදව් තියන හින්දා හොඳයි කවී..අනේ ඇත්තටම එයා ගෙදර ඉන්නවනම් කෙල්ලට මං ඕනත් නෑ.."
යෝජනාවකින් විවාහ වන්නට වූ පසු උදාරා තමන් ඇතුළු පාසල් මිතුරන් සියල්ල හැර දැමූ අන්දම කාව්‍යාට...
උදේ ම රෙදි හෝදන්නට වෙනදා නො තිබි උනන්දුවක් ආදිත්‍යා ට දැනුණේ ය. පෙර දා ඇය ත් මින්දුලත් ආමන්තා ත් හැඳි ඇඳුම් රෙදි සෝදන යන්ත්‍රයට දැමූ ඕ, සේදුණු පසු ඒවා ගෙන දකුණු පැත්තේ විසල් සඳළුතලාවට ගියා ය. දිවා කාලයේ දී හොඳින් අව්ව වැටෙන තැනක තබා ඇති රෙදි වේලන රාක්කයෙහි ඇඳුම්...
"එතන ලෙඩ බලන්න දුවන්න කලින් ඔයා කියන්න මොකක්ද මේ වෙඩින් එක පරක්කු කරන කතාව?"
භාවනගේ හඬ සකුණට ඇසුණේ ආවේගශීලිව ය.
"අපි මේක ටිකක් පරක්කු කරමු භාවනා.මං කියන්නෙ කල් දාමු කියලනෙ.නොකර ඉමු කියල නෙවෙයි.."
සකුණගේ සන්සුන් කටහඬ දරන්නට තරම් භාවනා සෞම්‍ය නොවී ය.ඇය ඔහු දෙස ගිනි පුපුරු විසි කරමින් බලා සිටියා ය.
"මට පරක්කු...
දුමාල් රෑ කෑම සඳහා සුඛොපභෝගී අවන්හලක පවුලේ කාමරයක් වෙන් කරවා ගත්තේ ය. එය මල් වලින් සරසනා ලෙසට ද උපදෙස් දුන්නේ ය. ඒ සඳහා වැය වන මුදල ගැන වගක් නොවන බව ද විශේෂයෙන් ම කීවේ ය.
ඒ සියල්ල අවසානයේ ඔහු බැංකුවේ සහකාර කලමණාකාර තැනට හිමි විධායක අසුනේ හරි බරි ගැහී, අත්...