Novels

"ඇයි අම්මේ..නංගි මොකක් කරගෙනද?" අමන්දී ඇසුවේ බියෙනි.මේ පළාත්වල ගැහැනු දරුවන් කරගන්නා ලොකුම වරද හදිසියේ ගැබ්බර වීම ය. "සුරංගය එක්ක පැටලිලා.තීවිල් කාරයෙක්ට දෙන්න නෙවෙනෙ දුවේ මේකිව මේ තරම් ආදරෙන් උස්මහත් කළේ.." ශාන්ති ඉකි බිඳින්නට ගත්තා ය.අමන්දී මේ දේ මේ අයුරින් වන බව දැන සිටියා ය.නමුත් එය මෙවැනි ගින්නකට හේතුවක් බව නොදැන සිටියා ය.ඇය...
සමහරක් වෙලාවට හඬන්නට උරහිසක් ඕන වෙන අවස්ථා අපේ ජීවිත වලට උදා වන්නේ ය. ආකාශ් ළඟ හැඬීම මටත් මහත් සැනසිල්ලක් සේ විය. ඔහු හෙමිහිට රිය පැදවූයේ ය. මම ඇති තරම් හැඬුවෙමි. ආකාශ් හඬන්නට එපා කීවේ නැත. මට එසේ කොට හිත නිදහස් කර ගන්නට හැර, මා පසෙකින් ඔහු හිඳිනා බව පමණක්...
ඉඳුවර බොහෝ හැල හැප්පීම් වලට මුහුණ දුන් කාලයට අමන්දී නිස්කලංක ජීවිතයක් ගෙවා දැම්මා ය.තමන්ගෙන් පලි ගැනීම අත හළ ඈ මේ ජීවිතයට ආදරය කරන්නට ගත්තා ය.අතීතයේ සිරව හිඳින්නී තමන් පමණක් නොවේ.අවිශ්ක ද ඔහුගේ අතීතයක සිරකරුවෙකි.තමන්ගේ අතීතය පෙනෙන්නේ රූපවාහිනී තිරයෙන් පමණි.නමුත් අවිශ්කගේ අතීතය නිතර දෙවේලේ දෑසට පෙනෙන්නකි.ඔහු සසැලෙන්නට වීම තමන්ගේ විවාහය...
ටික වෙලාවකට පස්සේ මම හිතා මතා ම මගේ ඇස් නිදහස් කර ගත්තෙමි. නමුත් හදවත ගැස්ම වැඩි වී තිබුණේ ය. ආකාශ් ට මේ වගේ තත්වයකින් මූණ දෙන්නට මට කිසිදු උවමනාවක් නොවේ. ඔහු වූ කලී මගේ හිතේ ගෞරවනීය චරිතයකි. ඒ ගෞරවයට එහා ගිය ගැස්මක්, ඔහු නමින් මා තුළ ඇති වන බව...
"මං හිතන්නේ ෂෙරිල්ගෙ ඊළඟ උගුල තමයි උඹ.." පෙරදා රාත්‍රියේ ෂෙරිල්ගෙන් ලද ඇමතුම ගැන කියද්දී සිතිජ පැවසුවේ හිනැහෙමිනි.ෂෙරිල්ගේ තාවකාලික සහකාරයෙකු වීම අවස්ථා හිමි කරගැනීමක් ද අහිමි කරගැනීමක් දැයි ඉඳුවර සිතන්නට ගත්තේ ය.ඇය පැමිණෙන පොට ඔහුට නොවැටහුණා නොවේ. "ෂෙරිල්ගෙ උගුලෙ වැටුණොත් ඔක්කොම ඉවරයි පුතේ.අර ඇමති පුතා පවා නැත්තටම නැති වුණා.පංකජගෙ ක්‍රිකට් ගැහිල්ල ඉවරෙටම...
ඇතැම් දිනෙක ආකාශ් සඳයුරු ගුරුගේ මඳක් වේලාසන ගෙදර ආවේ ය. උපකාරක පන්ති නො පැවැත්වෙන සෑම හැන්දෑවක ම මම ඔවුන් ගේ නිවසට පාඩම් කරන්නට ගියෙමි. මා ව අල්ලා ගන්නට ලැබුණොත් ආකාශ් පාඩමක ගැටළු සහගත තැනක් කියා දුන්නේ ය. ප්‍රශ්න පත්තර වල ට පිළිතුරු ලිවීමේදී ඔහු ගෙන් විශාල සහයෝගයක් ලැබිණි. නමුත්...
"මොකක්ද ඉඳුවර අර කරපු ජරා වැඩේ.." සනුරි ඇසුවේ කෝපයෙනි.ඇගේ ඇමතුම් බොහෝ ප්‍රමාණයක් මඟ හැරගත් ඉඳුවර මේ ඇමතුම පිළිගත්තේම බැනුමක අපේක්ෂාවෙනි.ඔහුට මඳහසක් නැගිණ. "මගෙ අතින් එච්චර හොඳ වැඩ වෙන්නෙ නැති තරම් සනූ.ඔයා මොකක් ගැනද කියන්නේ?" ඔහු අසන්නේ උස් හඬින් හිනැහෙන අතර ය.එදවස තමන්ට හිසේ කැක්කුමක් ඇති වූවත් අදීෂට කලින් පැනඩෝල් පෙත්තක් ද රැගෙන...
"ඉන්න ඉන්න. මං වොෂ් එකක් දාගෙන එන්නං" කියමින් ආකාශ් පිය ගැට පෙළ දිගේ දිව ගෙන වාගේ ගියේ ය. මම එහෙම ම පාෂාණිභූත වූයෙමි. ඔවුන් කරන්නට හදන්නේ මට උදව්වකි. මගේ තත්වය ගැන ඔවුන් ට හංගන්නට දෙයක් වන්නේ නැත. එහෙම එකේ උදව් කරන්නට එන මිනිසා ට ආඩම්බර පෑ නො හැකි ය. "ඔයා ටේබල්...
ඉඳුවර සිටියේ ජංගම දුරකථනයට මුහුණ ඔබාගෙන ය.රූපවාහිනී වැඩසටහනක් ඇරඹෙන තුරු ක්‍රීඩාවක නිරතව සිටි ඔහුගේ දැහැන බිඳී ගියේ පිටට ලැබුණු මෘදු තට්ටු කිරීමකිනි. "හරී…බිසී නේද?" තරිඳි දැන් කතා කරන්නේ ඕනෑවට වඩා ඇදපැද බව ඉඳුවර සිතී ය.ඇය නිළියක වූ පසු පැවැත්ම ඉතා වෙනස් වී ගොස් ය. "ගේම් එකක් ගැහුවා.." ඉඳුවර ඇයට පැවසුවේ සැහැල්ලුවෙනි.තරිඳි හඬනගා...
පාන්දර හිරු එළිය හොඳින් වැටී තිබුණේ ත් නැත. රාත්‍රිය දිගු වන එහෙව් ඍතු තිබේ. ඒවා අපට සංවේදී වන්නේ හරි අඩුවෙනි. මම පොත් බෑගය පිටේ එල්ලා ගෙන පාරට බැස්සෙමි. හයිලෙවල් පාර තෙක් කෙටි දුරක් බසයක යා යුතු ය.  එතැන් සිට පාසල් බස් රියෙහි ගමන් කිරීම සාමාන්‍යයෙන් මා පාසල් යන ක්‍රමයයි....