fbpx

ඉඳුදුන්න -22

ඉඳුවර බොහෝ හැල හැප්පීම් වලට මුහුණ දුන් කාලයට අමන්දී නිස්කලංක ජීවිතයක් ගෙවා දැම්මා ය.තමන්ගෙන් පලි ගැනීම අත හළ ඈ මේ ජීවිතයට ආදරය කරන්නට ගත්තා ය.අතීතයේ සිරව හිඳින්නී තමන් පමණක් නොවේ.
අවිශ්ක ද ඔහුගේ අතීතයක සිරකරුවෙකි.තමන්ගේ අතීතය පෙනෙන්නේ රූපවාහිනී තිරයෙන් පමණි.නමුත් අවිශ්කගේ අතීතය නිතර දෙවේලේ දෑසට පෙනෙන්නකි.ඔහු සසැලෙන්නට වීම තමන්ගේ විවාහය සසැලීමකැයි ඈ සිතුවා ය.

“මේ පළාතේ දුෂ්කර ඉස්කෝලවලට ටීචස්ලා ගන්නව.ඉල්ලුම්පත්තර කැඳෝලා..”

අවිශ්කට පමණක් කියන්නට සිතූ දෙයක් අමන්දී ගෙදර සියල්ලන්ම සිටින තැනෙක කියන්නට සිතුවා ය.ඇය රැකියාවක් කිරීම අනවශ්‍ය බව මංගල යෝජනාව ගෙන ආ දින සිට විවාහය දක්වාම මේ අය පැවසූ බව සැබෑවකි.
නමුත් අමන්දීට උත්සාහ කර බලන්නට සිත් විය.

“ගමේ ඉස්කෝලෙ සංගීත මිස් කෙනෙක් නෑ හැබැයි..”

සඳුනි වහා මැදිහත් වූවා ය.අමන්දී බලාපොරොත්තුවකින් ඉපිලෙන්නට වූවා ය.

“රස්සාවක් කරන්නේ මොකටද දරුවෝ ඔයා..”

ශාන්ති එසේ කීවා ය.නමුත් ඇය මඳක් සිතුවා ය.ඇගේ ලේලිය ගමේ පාසලේ ගුරුවරියක වීම ඇයට විශේෂ වරප්‍රසාදයකි.පුරසාරම් ඕනෑවට වඩා දෙඩවීමට එය අපූරු මාර්ගයකි.ලේලිය කොළඹ කෙල්ලක වීමත් ඉගෙන ගත් එකියක වීම ගැන දෙඩු පුරසාරම් දැන් පරණ වෙමින් පවතී.ඇය ගමේ පාසලේ ගුරුවරිය වුවොත් දිනපතා කියවන්නට පුරසාරම් එකතු වනු ඇත.

“ඒත් ඉතින් ඉගෙන ගත්ත දේවල් අපතේ දාන්න ඕනෙත් නෑ.”

නැන්දම්මා එසේ කියනු අසා අමන්දි පුදුමයට පත් වූවා ය.රැකියාවක් අනවශ්‍ය බව මුල සිටම පැවසූයේ නැන්දම්මා ය.ඇය වෙනස් වී නම් අවිශ්ක කැමති කරවා ගැනීම අපහසු නොවේ.

Mini Stories

වෙනස

ළපෙති මල්

ළපෙති මල් -33

Mini Stories

පසුතැවීම

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 31 වන කොටස

Mini Stories

මතක අහුරු

ළපෙති මල්

ළපෙති මල් – 32

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

“මනතුංග මහත්තයට කතා කරානම් මේ ඉස්කෝලෙම හදාගන්න එක මට ලොකු දෙයක් නෙවෙයි..”

අවිශ්කගේ අප්පච්චිගේ හඬ මතු විය.අමන්දි පුදුමයට පත් වූවා ය.ඔහු සඳුනි විවිධ අධ්‍යාපනයට යොමු වීමට අවසර ඉල්ලුවද අවසර දුන්නේ ද නැත. ගැහැනියට උරුම මුලුතැන්ගෙය බව සිතා සිටින පන්නයේ මිනිසෙක් ලෙස අමන්දී ඔහු හඳුනා ගත්තා ය.නමුත් ඔහු මෙවේලේ අමන්දිගේ සිහිනයට ඉඩ දෙන්නට තීරණය කර ඇත.

“ඔයා ඇප්ලිකේෂන් දාන්න නංගි.ඉන්ටර්විව් එහෙම ගියාම මේ ඉස්කෝලෙටම පත්වීම හදා ගමු.අප්පච්චි මනතුංග මහත්තයට කතා කරයි..”

අවිශ්ක පැවසුවේ පසුව ය.

“මනතුංග කියන්නෙ මේ පළාත අයිති ඇමතිතුමා.අප්පච්චිලා හරියට එයාට උදව් කරානෙ..”

ඔහු අනතුරුව පැවසී ය.

“මම දේසපාලන උදව් වලට නම් කැමති නෑ අවිශ්ක.කමක් නෑ.කොහොමටත් ඉන්න ගුරුවරයෙක් එලෝලා මං එනව නෙවෙයිනෙ.පුරප්පාඩු තියන තැනක්නෙ..”

අමන්දී හිත හදා ගත්තා ය.ඇය දවසම ගෙවා දැම්මේ සතුටිනි.

“කාලා බීලා සැපට ගෙදර ඉන්න පුලුවන්කම තියන් පිස්සුද ළමයො රස්සා කරන්නෙ..”

ඇගේ පණිවිඩය දුරකථනය ඔස්සේ ඇසූ අමන්දීගේ අම්මා සැර විය.අමන්දී සල්ලිකාරයෙකුට බන්දා දීම ඇගේ සිහිනයකි.ඒ පළාත දුෂ්කර වුව ද ඇය වද නොවූයේ එනිසා ය.නමුත් අමන්දීට එහි නාවර පෙරා ගත් හපුටු පැටවුන්ගේ ටීචර් වන්නට ඉඩ දිය නොහැක.

“එහෙම ඉන්නවට වඩා ජොබ් එකක් කරන්න මං කැමති.මුදලාලි හාමිනේ වෙන්න මට බෑ.ගෙදර වැඩ කරන්න මං දන් නෑ”

අමන්දී අම්මාට පැවසුවේ උදාසීනව ය.අම්මා ඒ තීරණයට එරෙහිව බොහෝ දෑ කීවද අමන්දී දුරකථනය තැබුවේ අප්‍රසන්න හැඟීමෙනි.

අමන්දීගේ තීරණය නිසා නව ජවයකින් උතුරා ගිය නිවස හවස් යාමයේ ගිනි ගත්තේ ය.පහළ මාලයෙන් ඇසුණු බැනුමේ හඬට අමන්දී ගැස්සී ගියා ය. නැන්දම්මා ඇයට එයාකාරයෙන් දොස් නගන්නේ නැත.දඩාවතේ ගිය බල්ලෙකු හෝ කරවල ඇතිලියට පැනගත් පූසෙකු බැනුම් අසනවා විය හැකි ය. නමුත් ඒ අනුමානය නිවැරදි වූයේ නැත.

බැනුම් අසමින් හුන්නේ සඳුනි ය.ඒ බැනුම් පමණක් නොවේ.නැන්දම්මා ගැට සහිත දර කෝටුවකින් සඳුනිට තලමින් හුන්නා ය.සඳුනි බිම වැතිර වැලපේ.

“අයියෝ..අම්මා..ඇයි මේ..එපා..”

අමන්දී වහා මැද්දට පැන්නා ය.අවිශ්කත් අප්පච්චිත් කොහෙදැයි බලන්නට අමන්දී හාත්පස නෙත් යැවූවා ය.පාරේ ගමන් කරමින් හුන් ගැහැනියක ගස්වලට මුවා වෙමින් මේ වෙත නෙත් යොමු කරයි.

“අම්මා..මෙච්චර ලොකු ගෙයක් තියෙන්නෙ.ගෙට ගිහින් ප්‍රශ්නෙ විසඳන්න.අර මිනිස්සුත් බල බල යනවා..”

අමන්දී පැවසුවේ සැර හඬිනි.අවිශ්ක කොහේදෝ සිට ආවේ ද ඒ මොහොතේ ය.

“අද මං මේකිව තියන් නෑ..”

නැන්දම්මා යළිත් සඳුනිට පහර දෙන්නට ගත්තා ය.සඳුනි වැලපෙන්නේ මී දෙනක වාගේ ය.

“විහින් වලේ වැටෙන්න හදන මෝඩියක් උඹ.මං අද උඹව පට්ට ගහනව.හැදුවනම් මගෙ අතපය කඩන්නත් පුලුවං.වහ කාල මැරියං හිතේ තියන එව්වා නම් වෙන් නෑ..”

අම්මා කෙනෙකු නොපැවසිය යුතු බොහෝ දෑ කියමින් නැන්දම්මා සඳුනිට පහර දෙන අන්දම වළකන්නට අමන්දී උත්සාහ කළා ය.අවිශ්ක සඳුනිව ඉවතට ගත්තේ ය.හඬමින් හුන් සඳුනි අම්මා දෙස වියරු බැල්මක් හෙළා කෑගසන්නට ගත්තා ය.

“අයිය වගේ මාත් පැරදෙයි කියල හිතනවද?”

අම්මා මෙල්ල වූයේ දියණියගේ හඬට ය.ඇය ගල් ගැසී බලා හුන්නා ය.සඳුනි සහෝදරයාගේ අතින් ගැලවී බිම හිඳ ගත්තා ය.අවුල් වූ කෙහෙ රැල් ද කෝටු පහරට ඉරී ගිය ගවොම ද සමඟ ඇය පෙනෙන්නේ වෙනස් ආකාරයට ය.ඇගේ අතින් පයින් ලේ ගලන්නේ පහර කෑම නිසා බව අමන්දීට වැටහිණ.

“මෙතන වහ කනව, මැරෙනවා..ගලේ පන්සලේ පොල් ගහනව ගාලා අයියගෙන් සුරේකා අක්කා ඈත් කරා.අයිය ඔයා කියන දේවල් ඇහුවට මම අහන් නෑ..”

වියරු වැටුණු කොටි දෙනක හා සදිසි යෞවනිය නැගිටවා ගත් අමන්දී ඇයට කට වහන්නැයි සැර වූවා ය.

“අයියා ඔයාව අරන් ආවට මං එහෙම පැරදෙන් නෑ.පැරදිලා මෙයා කියන මිනිහල එක්ක යන්නෙත් නෑ..”

දර කෝටුව ඉවත දැමූ ගැහැනිය පොල් පිත්තක් අතට ගත්තා ය.කඩුල්ල ළඟ එකෙල මෙකෙල වන මිනිසුන් අමන්දීට ගෙන ආවේ ලැජ්ජාවකි.අවිශ්ක සඳුනිව අතින් ඇදගෙන නිවසට රැගෙන ගියේ ය.

“අම්මේ,අම්මා ගමේ වැදගත් මනුස්සයෙක්නෙ.මුදලාලි හාමිනෙ කියල හැමෝම අම්මට ගරු කරනව.කෑකොස්සන් ගහනකොට මාත් එක්ක රණ්ඩුවක් කියල මිනිස්සු හිතනව ඇති.සන්සුන් වෙන්නකො..”

පියවි ලෝකයට ආ නැන්දම්මා,ශාන්ති ඉකි බිඳ හඬමින් කුස්සි යාලත්තේ හිඳ ගත්තා ය.

“උන් සේරෝම දන්නව දුවේ..දුව නොදන්නවට වෙලා තියන හරිය ගමම දන්නව..”

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x