සතුටු මන්තර

යශෝදර රාමනායක කාමරයේ සක්මනෙහි යෙදෙමින් කල්පනා කළේ ය. හිස මත මන්දර පව්ව පතිත වී ඇතිවා වන් බරක් ඔහු ට දැනේ. ඒ කිසිත් ඔහු ගේ ප්‍රශ්න නොවේ. නමුත් එහෙම කියන්නේත් කෙසේ ද? ගිම්හාන් යනු ඔහු ගේ සමීපතම මිතුරා ය. ඒ මිතුදම පාසල් සමයේ පටන් පැවත එන්නකි. ඔහු උන් හිටි ගමන්...
පාරමී සමගින් කතා බහ කරමින් ම සයුරංගනා සැන්ඩ්විචස් හැදුවා ය. පාරමී ඒ කතා බහත්, යෙහෙළිය ගේ හුරුබුහුටි ක්‍රියාකාරකමුත් වීඩියෝ ගත කළා ය. හිතේ අමුතු පිරුණ ගතියක් සයුරංගනා ට දැනිණ. නමුත් ඇය ඒ ගැන හිතන්නට නො ගියා ය. ඇයට උවමනා සතුටක් නොවේ. ස්වාමි පුරුෂයා මිය ගිය පසු බිරිඳක ගේ සතුට...
සයුරංගනා එසඳි ව වඩා ගෙන පෙත් මගට වී පාසල් සේවා රිය එන තුරු බලා සිටියා ය. වායු ගෝලය සව්මිය සුවැති ය. නැගෙනහිර අහස ලා පාට වලින් හැඩ වී තිබේ. අලුත් දවසක් ගැන බලාපොරොත්තු සහගත ප්‍රීතියෙන් යුතු කුරුලු කොබෙයියෝ, අටෝරාසියක් කූජන නගමින් ගුවන් ගැබ ඒ මේ අත සරති. උදෑනනක් කියන්නේ...
සයුරංගනා ගේ පවුලේ ළමයින් හය දෙනෙකි. තාත්තා කළේ වඩු වැඩ ය. අම්මා රැකියාවක් නො කළාට, ළමයින් හය දෙනෙකුත් බලාගෙන ගෙදර වැඩ කරගෙන ඉන්නවා කියන්නේ පැය අටේ රැකියාවක් කරන කෙනෙකුට වඩා වැඩ කන්දක් දවස පුරා කරන්නට සිදු වේ. ඒ අතරේ ඉඩ ඇති වෙලාවන් වල ඇය, යමුනා, පරණ මහන මැෂිමක් තියාගෙන...
තිලකා සිය බාල දියණිය ගේ ගෙදරට යන්නට සූදානම් වූයේ ඒ තරම් කැමැත්තනින් නොවේ. ඊට හේතුව එක ම පුතා වන ගිම්හාන් සිය ධනය වියහියදම් කොට අලුතෙන් ම තැනවූ මේ නිවෙසයි. දැන් ගිම්හාන් නැත. ඔහු හරි හම්බ කළ සියල්ල කොහේවත් සිටි ගැහැනියකට අයිති විය යුතු නැත ය යන්න තිලකා ගේ පටු...
යශෝදර දිය නා ගෙන තෙත පිස දමමින් ම ආලින්දයට ආවේ ය. ඒ වෙත්දීත් මල්කාන්ති ඔහු ගේ තේ එක පිළියෙල කොට අවසන් ය. සාළුව කර වටා දමා ගත් යශෝදර අම්මා අතින් තේ එක ගත්තේ ය. "දැනටමත් අරෙහෙ හතරවෙනි ලෝක යුද්දෙ පටන් අරං ඉවරයිද දන්නෑ" පාරමී ජංගම දුරකතනයෙන් ඇස් ඉවතට ගන්නේ නැතිව ම...
රිය කවුළුවෙන් සීත සුළඟ හමා ගෙන ආවේ ය. සයුරංගනා දෑතින් ස්ටියරින් වීලය අල්වා ගෙන දෑස් තියුණු කොට මාර්ගයේ ඉදිරිය බලා ගෙන සිටියා ය. ඇගේ දකුණු පාදයේ මහපට ඇඟිල්ල ඇක්සලරේටරය පාගා ගෙන සිටියේ ය. වම් කකුල ඕනෑ ම මොහොතක තිරිංග තද කිරීමේ සූදානමින් සිටියේ ය. ඇයට පා වෙනවා වන් හැඟීමක්...
එසඳි ට බත් කැවීමෙන් පස්සේ සයුරංගනා ගේ අස් පස් කරන්නට පටන් ගත්තා ය. අවමංගල කටයුතු නිසා ආලින්දයේ තිබූ ගෘහ භාණ්ඩ බිත්ති අයින් වලට තල්ලු කොට මැද්දේ ඉඩ ලබා ගෙන තිබිණි. අවමංගල කටයුතු අවසාන වී සතියක් ගෙවී තිබිණි ද තවමත් ඒවා එහෙම ම ය. මේ විදිහට දකිත්දී හිතේ ඇති වන්නේ...
පෙර පාසල නිමා වන වෙලාව අල්ලා එහි යනු වස් සයුරංගනා හැඳ පැළඳ ගත්තා ය. සුදු ඇඳුමක් අඳිත්දී අලුතෙන් ම පපුව දැවෙනවා වාගේ දැනුණ ද ඒ ඔස්සේ දුරට දිගට හිතන්නට නොයා ඉන්නට ඇය උත්සාහ කළා ය. හිතුවා ය කියා, දුක් වූවා ය කියා, හැඬුවා ය කියා, අතීතය සිහිපත් කළා ය...
ගිම්හාන් ගේ හත් දිනයේ දානය දී නිම වන තුරුත් සයුරංගනා සිටියේ බලා ගත් අත බලා ගෙන ය. ඇය කතා කළේ එසේ නො කොට නො හැකි වූ වෙලාවක දී වචනයක් දෙකක් විතර ය. කවුරුන් හෝ අහන දේකට පිළිතුරු දුන්නේ ඔව් නෑ බෑ කියන්නට හිස සැලීමෙනි. සිනහ වෙන්නට ඇයට අමතක ම...