සිවුරක් දරාගෙන ඉන්නා කවුරු හෝ කුමන තරාතිරමක අයෙකුට වුණත් බෞද්ධයෙක් ලෙස අප ගරුකරනවා.ඒ නිසා මම හාමුදුරුවන්ට පිළිතුරු දෙන්නට කලින් රැගෙන ගිය පිරිකරය පිළි ගන්වා උන්වහන්සේට නමස්කාර කර සිටියා.
"හා.. හා..තෙරුවන්සරණයි"
ඒ හඬ කලින් උන්වහන්සේගේ ගර්ජනාවට වඩා බාල වී මට ඇසුණේ.
කාන්තාවක් ලෙස මට ඔබට කියන්නට තවත් එක් වැදගත් දෙයක් තිබෙනවා.ඒ ඔබ තුළ...
මේ සියලු දේ එළියේ සිදුවෙමින් පවතින අතරතුර රෝහලේ සුධාරක ගේ තත්වය යහපත් වුණේ නැහැ.මේ වනවිට ඔහු බලන්නට කිසිවෙකුටත් අවසර නොදෙන ලෙස දිල්හානිත් පවුලේ අයත් බල කර සිටියා.ඒ නිසා සුධාරකගේම ආයතනයේ සේවය කළ අයෙකුට පවා ඔහු බලන්නට හැකියාවක් ලැබුණේ නැහැ.
සුධාරක නිරික්ෂණය කරමින් සිටි වෛද්‍යවරු මෙන්ම මා ඔහුට ප්‍රතිකාර කරන්නට කැමති...
මේ හැමදේම නොසඟවා පවසන අතරම ඔබට නැගෙන ගැටලු සහගත තැන් වලට පිළිතුරු ද සපයාගෙන ම යන්නට මා උත්සාහ දරන්නේ.ඒ ගැටලු වලදී මටද ඔබට මෙන්ම සමහර තැන්වලදී වැටහෙන්නේ නැති තැන් එමට අදටත් තිබෙන නිසා.
ඔබ හැමෝටම ඇති ප්‍රශ්නයක් තිබෙනවා ඒ මේතරම් රටට ද්‍රෝහී වුණා නම් දිල්හානි කියන විදියට හැමෝම වැඩ කරන්නට...
ඊයේ ඔබ සමග බෙදාගත් පින්තූරයට ලැබුනු ප්‍රතිචාර හරිම සංවේදීයි.මට එයින් එක් දෙයක් වැටහෙනවා.ඔබටත් ඇත්තේ මට මෙන්ම ආදරය සෙනෙහස දැනෙන හදවත්.
ඔබ ආදරයක් ජයගත් වාසනාවන්තියක් වන්නට පුලුවන්.නැතිනම් එවන් ආදරයක් අහිමිව හදවතින් එය දරාගෙන යනවා වෙන්න පුලුවන්. සමහර විට ලෝකයටම අසම්මතයක් විය හැකි වුවත් මානුෂික බැඳීමකින් ඒකාත්මික වුණු ආදරයක් වෙන්න පුලුවන්. දිල්හානි...
ආදරය එකිනෙකාට එක් එක් ආකාරයට දැනෙන්නට ඇති ඉඩ ඉතාම වැඩියි.නමුත් ඒ ආදරය අවංක එකක් නම් තමන්ගේ ගමන් සගයා අවසාන මොහොතේ සිටියදී අත් හැර දමන්නට කිසිවෙකුට හැකියාවක් නෑ.මම සුධාරක සුව කර ගන්නට මගේ හුස්ම වුණත් පූජා කරන්නට කැමැත්තෙන් හිටියත් ඔහු කොළ කෑල්ලක් නිසා සිර කරුවෙකු වී සිටියා.
සුධාරක මා ඔහු අසල...
පුංචිකාලේ උපන්දිනයක් එනතුරු ඇඟිලි ගනිමින් සිටියාට තරුණ වෙද්දී ඒ ගැන තිබෙන උනන්දුව ටික ටික අපෙන් ගිලිහෙනවා.මැදි වයසට එනවිට බොහෝ දෙනා උපන්දිනයක් එනවාටත් ටිකක් අකමැතියි.කවුද කැමති වයසට යන්න? නියම වයස කියන්නත් බොහෝ දෙනා දක්වන්නේ මැලිකමක්.
ජීවිතයේ බොහෝ තරුණ අවධියේ සිට සාගරයේ රළ සේ උස්පහත්ව වන විටෙක චණ්ඩ වන ජීවිතයක් ගෙවූ මට...
මේ වන විටත් අප ළඟින් ඉවත් කළ රියදුරන් ඔවුන්ගේ පෞද්ගලික නිවාඩුවෙන් පැමිණ මගේ මෝටර් රථයේ වැඩකරමින් සිටියා.කිසිදු අයිතියක් නැතුවත් ඔවුන් තම ජේෂ්ඨ නිලධාරියාට ඇති ලැදියාවට ඔහුගේ ජීවිතය බේරාගන්නට මා ගෙනයමින් තිබූණු සටනට ඔවුන්ගේ දායකත්වය හැකි අයුරින් ලබාදෙමින් සිටියා.ඒ නිසාම මේ පොලිසියට යන ගමනටත් මගේ රථය පැදවූයේ අප ළඟ සිටි...
පොලිසි,උසාවි සහ සිරගෙවල් ඇත්තේ මිනිස්සුන්ට යන්නට නිසා ඒ තැන් වලට යන්නට බිය විය යුතු නැති බව මම හිතුවා.පොලිසියට යන්නේ වරදක් කර ඇති හෝ නැති බව තහවුරු කරන්නටයි. උසාවියෙන් එය ස්ථිර වුණොත් හිරගෙදර තිබෙන්නේ ඒ වරදට දඬුවම් විඳින්නටයි.අපව නිකරුණේ වරදකරුවෙක් කරන්නට කෙනෙක් වෙහෙසෙනවානම් කටත් බුද්ධියත් තිබෙන්නේ තමා වෙනුවෙන් කතාකිරීමටයි.මම ඒ...
මේ හැම කොටසක්ම නොවරදවා උනන්දුවෙන් කියවන ඔබ මගෙන් නිතර අසන ප්‍රශ්නයක් තිබෙනවා.
" අනේ මේ කරදරවල කෙළවරක් නැද්ද?ඔයා කොහොමද මේවා දරාගත්තේ?.අපට මේවා අහලා ම හරි වෙහෙසයි"
ඔබ දැන් මෙය කතාවක් ලෙස කිය වූවාට එහි ජීවත්වන්නට සිදු වූ මට ආ පීඩනය වේදනාව කලකිරීම සහ කෝපය ගැන කියන්නට මට වචන නැහැ.මේ කතාව කතාවක්...
ආයෙත් අනවශ්‍ය ගැටලුවක් වගේ!! මට එසේ සිතෙන්නට පටන් ගෙන තිබුණා.මගේ සැකය වරදක්ද තිබුණේ නැහැ.
"අන්න කලින් සුධාරකගේ මස්සිනා දාපු පෝස්ට් එකම ටිකක් එහෙන් මෙහෙන් වෙනස්කරලා වෙන ෆේස්බුක් පේජ් එකක යනවා.ඒකෙ ඔයාටයි සුධාරකටයි බැන බැන කට්ටිය කැත විදියට comment කරනවා"
ඒ අනතුරු ඇඟවීම මගෙත් සුධාරකගේත් ලබැඳියන්ගෙන් මට ලැබෙන්නට වුණා.එවැනි දේ ගැන කලබල...