සමරහ වෙලා වලදී ඉරණම කෙතරම් නරක ලෙස අපත් එක්ක සෙල්ලම් කරනවා ද කියා දැනෙනු ඇත. මට මේ එවන් මොහොතකි. සාමාන්‍යයෙන් මා බොරු කියන්නියක නොවේ. විශේෂයෙන් ම අම්මා ට තාත්තා ට බොරු කියන්නට හේතු මෙතෙක් මගේ ජීවිතයෙහි වූයේ නැත. මෙහෙම මොහොතකට ඉරණම මා ව තල්ලු කර ගෙන ගිය එක ගැන...
පරිසරයේ වූයේ නැවුම් බවකි. දින කිහිපයක් තිස්සේ වරින් වර වැටුණු වර්ෂාව නිසා, පහුගිය දින වල වූ කර්කෂ බව පලා ගොස් තිබිණි. දුහුවිලි බැඳීම නිසා අව පැහැ ගැන්වී තිබූ ගහ කොළ හොඳින් දිය නා හරිත පැහැ සළු වලින් සැරසී ගෙන සිටිනු පෙනිණ.
පාර දෙපැත්තේ, තාප්ප අයිනේ දිගට ම විවිධ වර්ණ වල...
ඉනික්බිති උදා වූ දින කිහිපයක් ම රවීන් බස් එකේ කාර්යාලයට ගියේ ය. ඒ නිසා මා වැඩට යන්නට සූදානම් වූයේ ඉමහත් බලාපොරොත්තුවකින් හා ආශාවකිනි.
ආදරය ජීවිතාශාව දල්වා ලයි!
"මලිත් අහනව ඇයි කා එකේ අවුල මොකද්ද කියල. මං කිව්ව පොඩි මිස් කිරිල්ලක් තියෙනව. බයයි යන්න මට නැවතෙයිද නියන්න බැරි නිසා කියල. ඒ ගමන...
රවීන් ට නීත්‍යානුකූල දික්කසාදය ලැබී තිබිණි. එදා දවල් ඔහු මට දුරකතනයෙන් කතා කළේ ය.
"ඔයා බිසී ද.."
"නෑ. ඇයි අයියෙ..."
"මට කතා කරන්න ඕනෙ. මට ටිකක් අවුල් සනූ"
"කියන්න ඕන දෙයක්. මට අහං ඉන්න පුළුවන්. ඕනනං මං ඔයාව මීට් වෙන්න එන්නං"
ඊට එක්වර පිළිතුරක් ලැබුණේ නැත. නමුත් සුසුමක හඬ නම් පාව ආවේ ය. මඳ...
දෙමව්පියන් විසින් දරුවන් ගේ ජීවිත මත්තේ ගනු ලබන තීරණ අසාධාරණයි කියා මට කිසි දා සිතී නොමැති ය. දෙමව්පියන් තරම් සිය දරුවන්ට වෙන කිසිවෙකු ආදරය නො කරන බව මම දැන සිටියෙමි. නමුත් සිය දරුවන් විවාහය සඳහා ඔවුන් කැමති කෙනෙකු තෝරා ගත්දී, නිතර ම වාගේ දෙමාපියන් ඊට විරුද්ධ වී වෙනත් කෙනෙකු...
මගේ වත මතට සිනහවක් එන්නටත් ඒ සිනහව වියැකී යන්නටත් ඒ හැටි වෙලාවක් ගියේ නැත. ඒ කාලය පුරා රවීන් මදෙස ම බලා සිටියේ ය. පපුව ඇතුළේ හිර වීමක් මට නො දැනුණා නොවේ. ඒ බව අමතක කොට මම ලොකු හුස්මක් ගත්තෙමි. පිරිමියෙකු කෙරේ පෙමින් බැඳුණා වූ ගැහැනු හදක වන සිතිවිලි සමුදාය...
එය චෙරි වලින් සැරසිලි කරන ලද චොක්ලට් ගැටෝ එකකි. කපන්නට ලෝබ කමින් මම එදෙස බලා සිටියෙමි. ගැටෝ ගෙන ඒමෙන් පෙනෙන්නේ රවීන් මගේ කැමැත්ත ඉටු කර දෙන්නට ගත් උත්සාහයකි. මේ කේක් එක වෙන කෙනෙකුගෙන් ලැබුණත්, ගැටෝ වලට මගේ ඇති පෙරේත කමත් එක්ක මා සතුටු වනු ඇත. නමුත් එය රවීන් වෙතින්...
එදා, මගේ හිතේ ඔහු කෙරේ වන හැඟීම පො සඟව රවීන් ඉදිරියේ හෙළි දරවු කළ දා, දවල් මා මනාලියක ගේ මල් කළඹක් සඳහා සැලැස්මක් අඳිමින් සිටියදී, රවීන් ගේ නම මගේ දුරකතන තිරය මත සනිටුහන් ව තිරය ආලෝකමත් විය. මේසය මත වන දුරකතනය දෙස බලා ගෙන සිටියදී මගේ දෙතොල් අතරේ සිනහවක්...
මට මතක් වූයේ චමත්කා රවීන් ගැන උනන්දුවෙන් පසු වෙනවා කියා නංගී කී කතාව ය. චමත්කා නොව ලොව ඕනෑ ම ගැහැනියක එවන් පිරිමි පෞරුෂයක් අස තිගැස්සෙන්නේ නැති වෙන්නට විදිහක් නැත. ඒ වුණත් ඔහු ගේ බිරිඳ ඔහුව අතැර වෙනත් පුරුෂයෙකු වෙත ගොස් තිබේ. ආකර්ෂණය කියන දේ එහෙම ය. එය යම් කිසි...
අහසේ ඝණඳුරු බවක් වූයේ නැත. වලාකුළෙන් ගහන වීම නිසා දෝ එහි යම් සුදුමැළි පැහැයක් විය. ඒ හින්දා ම අතුරු සිදුරු නැතිව තරු බැබළුණේ ත් නැත. ඉඳ හිට තැනින් තැන දිළුණ තරුවකත් වූයේ මළානික බවකි.
"කෝ ඉතිං උත්තර"
මගේ කල්පනා ලෝකය විසිරුවා හරිමින් රවීන් ගේ පිරිමිකාර හඬ දුරකතනයෙන් මගේ සවනට රිංගා ගත්තේ...