මධ්‍යාහ්නයේත් අඩ අඳුරක ගිලෙන වනස්පති බිංගෙය තුළ, රෑ හත වන විට තියෙන්නේ තිත්ත කළුවරකි. විහාර ගේ රියෙහි පාකින් ලයිට් නිසා ඒ අඳුර යන්තමට සමහන්...
නිලුපුලී කාර්යාල කාමරයට ආවේ රදීෂ්ගේ කැඳවීමෙනි. අහස්‍යා නිල් අහසක් සේ සැරසී හුන්නා ය. ලා නිල් පැහැති ගවොමත් මොණර පිලක හැඩ ගත් කරාබු යුවලත් ඇයට...
මම මා සනසවා ගතිමි. මගේ හිස පිරිමැද, මගේ කොපුල් පිරිමැද, මගේ සිත පිරිමැද...මම මා සනසවා ගතිමි. මම සිනහ වුණෙමි. කඳුළු තද කර ගනිමින් ද,...
දුලාජ් අහස්‍යාව දකින්නට ආවේ අමුතුවෙන්ම සැරසීගෙන ය. ඇය නිවසට එන්නට ආරාධනා කළ ද ඔහු ඒ වෙලාව හිතාමතාම මඟ හැරියේ ය. ඔහුට ඕනෑ වූයේ අතරමඟකදි...
"මොනා වුණත් මං ලෙමන්ට කැමතියි"
නූරි ගේ හඬ මට ඇහුණේ සිහිනයකින් සේ ය.
"ආ..."
ඒ සිහිනයේ ම පවතිමින් මම නෙතු විසල් කොට ඇය දෙස බැලුවෙමි.
"එයා දන්නව තමුසෙ...
මම ඒ වල් ලූනු මල, හැඩතල සහිත ෆිලොඩෙන්ඩ්‍රන් පත්‍රයක් ද ට්‍රයිඩැක්ස් මල් කිහිපයක් ද, රතු හා සුදු පාට තිත් වැටුණ හබරල පත්‍රයක් ද සමග...
"අද සර්ගේ ලස්සන බලන්නකො."
කෙල්ලන් අතර කුටුකුටුවක් නැඟුණේ අහම්බයකින් වාගේ ය. නිලුපුලී හිස ඔසවා බැලී ය. වෙනදා වාගේම ය. ඉමිහිරි සුවඳකට පසු රදීෂ් ලියනාරච්චිගේ සිනාව...
කළුවර අහසක රිදී රේඛා හෝ දේදුනු වර්ණ සේ විහාර වෛශාක්‍ය අමරසිංහ මසිත් අහසේ වරින් වර ආලෝක සංඥා දල්වා ලූයේ ය. මරණයෙන් යළි මිනිසුන් නැගිටින්නේ...
"කෙල්ලගෙ රස්සාව මොකද නිර්මලෝ."
රුක්ෂානිගේ අම්මා ශාන්ති එසේ ඇසුවේ හොඳ පිළිතුරක් බලාපොරොත්තුවක් ඇතිව නොවේ. නිර්මලා පරල වී බනින්නට පටන් ගැනීම ම සහනයකි. එවිට ඇයට වත්ත...
ඊට මොහොතකට කලින් මා හිටියේ මට ම වලකා ලිය නො හැකි කළු කුහරයක් තුළ ගිලී යමිනි. ඒ අන්ධකාරයක් බව මම දැන සිටියෙමි. එය කිසි...


